ලොව පුරා ප්‍රචලිත වැදගත් සමාජ මාධ්‍ය වේදිකාවක් ලෙස Twitter සේවාව අපට හැඳින්විය හැකියි. මාසිකව මිලියන 330 කට ආසන්න සක්‍රීය පරිශීලකයන් ප්‍රමාණයක් සිටියත් පාඩු ලබන ආයතනයක් වන Twitter සමාගම පසුගිය දිනක ලොව බිලියනපතියන් අතර සිටින Elon Musk විසින් මිලදී ගනු ලැබුවා.

කෙසේ වෙතත් ඉන් පසුව ආයතනයේ සේවය කරමින් සිටි සේවකයන් ඉවත්කරමින් කාර්‍යාල කටයුතු තාවකාලිකව නතර කිරීමට ආයතන ප්‍රධානී Elon Musk විසින් කටයුතු කරනු ලැබුවා. කෙසේ වෙතත් ඊයේ (17) රාත්‍රියේදී සේවකයන් විසින් කාර්‍යාල සේවාවන් සඳහා තර්ජනයක් වන බැවින් ආයතන ප්‍රධානියාගේ අවසන් නිවේදනයද ප්‍රතික්ෂේප කළ බවට වාර්ථා වනවා.

Twitter ආයතනයේ කාර්‍යමණ්ඩලය සඳහා සේවා ස්ථාන වසා දැමීමත්, ආයතනයේ සේවා අකර්මණ්‍ය වීමත් සමඟ පරිශීලකයන් සිය සමුගැනීම් සහ කණගාටුව පළ කිරීමට පෙළඹී ඇති අතර #RIPTwitter, #TwitterDown යන Hashtags මේ වන විට Mastodon සහ Myspace යන වේදිකා තුළ Trending වී ඇති ආකාරය දැක ගත හැකිය.

Twitter ‘closes offices’ after Elon Musk’s loyalty oath sparks wave of resignations
The tech company is struggling to retain workers after Musk demanded employees sign a pledge to work ‘long hours at high intensity’

The Guardian වෙබ් අඩවිය සඳහන් කරන ආකාරයට ඉවත් කරන ලද සේවකයන්ට අමතරව ඉතිරිව ඇති ශ්‍රම බලකායන් වෙත Elon Musk තර්ජණාත්මකව නිවේදනය කර ඇත්තෙ, “Long hours at high intensity” දිගු පැය ගණනක් ඉහළ තීව්‍රතාවයෙන් වැඩ කිරීමට සූදානම් වන ලෙසත් එසේ නොමැතිනම් සේවයෙන් ඉවත් වීමට සූදානම් වන ලෙසය.

සේවයෙන් ඉවත් කරන ලද සේවකයන් අතර Technical Department වලට අයත් Bug Fixing සහ Outage Handling ඉංජිනේරුවන් ඇතුළත්ව තිබෙන පසුබිමක Twitter සේවාවේ ස්ථාවරත්වය සහ අවශ්‍ය වුවහොත් ආපසු පිරිස් වෙත පැමිණෙන ලෙස ඉල්ලා සිටිය යුත්තේ කවුරුන්ද යන වග පිළිබඳව, මේ වන විට ආයතනයේ කළමණාකරුවන් අතර වාද විවාද හට ගෙන තිබේ.

NewYork Times වෙබ් අඩවිය වාර්ථා කර තිබූ ආකාරයට අනුව,  ආයතනය විසින් සේවකයන් වෙත පසුව email පණිවුඩයක් මඟින් දන්වා තිබුණේ සිය ගොඩනැඟිලි සියල්ල වසා දමන බවත් සේවකයන් සඳහා වන employee badge access එක ලබන සඳුදා දිනය දක්වා තාවකාලිකව අත්හිටුවන බවත්ය.

Resignations Roil Twitter as Elon Musk Tries Persuading Some Workers to Stay
Mr. Musk, Twitter’s new owner, had given employees a Thursday deadline to decide whether to leave or stay “to build a breakthrough Twitter 2.0.”

බ්‍රහස්පතින්දා (17) සවස් කාලය වන විට සේවකයන් සඳහා ලබා දී තිබුණු Twitter අනුවාදය තරමක් මන්දගාමී වී ඇති අතර බොහෝ දෙනා අපේක්ෂා කර සිටියේ Twitter සේවාව ඉතා ඉක්මණින් අකර්මණ්‍ය වීමට ඉඩ ඇති බවටයි. කෙසේ වෙතත් DownDetector වෙබ් අඩවිය වෙත Twitter යෙදුමේ විවිධ ගැටළු පිළිබඳව පරිශීලකය විසින් වාර්ථා කර තිබෙනු අපට දැක ගැනීමට හැකියාව ලැබෙනවා.

Twitter සමාජ මාධ්‍ය වේදිකාවේ සහ එහි සේවාවල ඉදිරිය පිළිබඳව නිශ්චිත අදහසක් කිසිවෙක් අතර නොපවතින නමුත් ලොව බිලියනපතියන් අතර සිටින Elon Musk විසින් පාඩු ලබමින් තිබෙණ Twitter ආයතනය මෙම ක්‍රියාකලාප සමඟ ස්ථාවරත්වයට ගෙන එයිද කියා අප බලා සිටිමු.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Guardian වෙබ් අඩවිය සහ NewYork Times වෙබ් අඩවිය භාවිතා කළ හැක.