SpaceX සිය Starlink තාක්ෂණය ඇමරිකාවෙහි ආරක්ෂක දෙපාර්තමේන්තුවට encrypted satellite internet පහසුකමක් ලෙස ව්‍යාප්ත කිරීමට සූදානමින් සිටින බව මේ වන විට වාර්ථා වෙනවා. ඒ අනුව ඇමරිකා​වේ ජාතික ආරක්ෂාව සඳ​හා චන්ද්‍රිකා සන්නිවේදන සේවාවක් ලෙස Starshield එළිදැක්වීමට කටයුතු කර තිබෙනවා. එහි තාක්ෂණය Starlinkහි මෙන්ම භාවිතා කිරීමට සැලසුම් කර ඇති නමුත් එය අධිවේගී අන්තර්ජාල වේගයෙන් ඔබ්බට යන බව ඔවුන් පවසා තිබෙනවා.

SpaceX සමාගම Starshield සඳහා අවධානය යොමු කළ යුතු අංශ තුනක් සඳහන් කරනවා. ඉන් පළමුවැන්න වනුයේ රජයේ ගනුදෙනුකරුවන් සඳහා end-to-end encrypted කළ සන්නිවේදන පහසුකම් සපයන බව​යි. SpaceX සමාගම පවසන්නේ දැනටමත් end-to-end user data encryption, Starshield වෙත ඉදිරිපත් කර ඇති බවයි. තවද Starshield ව්‍යාපෘතිය විසින් payloads සහ දත්ත ආරක්ෂිතව සැකසීමට, වඩාත්ම ඉල්ලුම් කරන රාජ්‍ය අවශ්‍යතා සපුරාලීමට අමතර high-assurance cryptographic capability හැකියාව භාවිතා කර තිබෙනවා.

Starshield පද්ධතියකට නිරීක්ෂණ ජාලයක් (surveillance network) ලෙසද ක්‍රියා කළ හැක. ඔවුන් Starshield සඳහා ඇති වෙබ් පිටුවේ සඳහ​න් කර ඇත්තේ පෘථිවි නිරීක්ෂණ හැකියාව සඳ​හා "satellites with sensing payloads" දියත් කිරීම පිළිබඳව​ද අවධානය යොමු කර ඇති බව​යි.

Starshield ව්‍යාපෘතිය සඳහා තුන්වන අවධානය යොමු වනුයේ SpaceX සමාගම විසින් චන්ද්‍රිකා හරහා රජයේ පාරිභෝගිකයන් සඳහා customized payloads දියත් කිරීමයි. විවිධාකාර මෙහෙයුම් අවශ්‍යතා සපුරාලීම සඳහා නිර්මාණය කර ඇති Starshield චන්ද්‍රිකා, විවිධාකාර payloads ඒකාබද්ධ කිරීමෙන් පරිශීලකයින්ට අනන්‍ය බහුකාර්යතාවක් ලබා දීමට සමත් වන බව Starlink සමාගම පවසන​වා.

Starshield වෙබ් පිටුව හරහා ඔවු​න් වැඩිදුරටහ් සඳහ​න් කරන්නේ SpaceX විසින් Starshield පද්ධතියක් සංවර්ධනය කිරීමට විවිධ රාජ්‍යය​න්​ට උදවු කළ හැකි බවයි. තවද රජයේ චන්ද්‍රිකා අභ්‍යවකාශයට යැවීම සඳහා ත​ම සමාගම දැනටමත් ඇමරිකාවෙහි ආරක්ෂක දෙපාර්තමේන්තුව සමඟ හවුල් වී ඇති ආකාරයද එහි සඳහන් වන​වා.

SpaceX සමාගම Starshield ගැන වැඩි යමක් පවසා නැති අත​ර Starshield තමන්ගේම චන්ද්‍රිකා තාරකා මණ්ඩලයක් ලෙස ක්‍රියා කරයිද, නැතහොත් දැනට පෘථිවි කක්ෂයේ චන්ද්‍රිකා 3,200කට වඩා ක්‍රියාත්මක වන බැවි​න් දැනට පවතින Starlink ජාලයේම ක්‍රියා කරයිද යන්න පැහැදිලි නැත.

කෙසේ වෙතත්, යුක්රේනයේ Starlink භාවිතය මඟි​න් චන්ද්‍රිකා අන්තර්ජාල තාක්‍ෂණය ආරක්‍ෂක සහ සන්නිවේදන අරමුණු සඳහා කෙතරම් අගනේද යන්න පෙන්නුම් කර ඇත. මීට අමතරව, Starshield වැඩසටහන මගින් SpaceX හට Pentagon ඇතුළු රජයේ ගනුදෙනුකරුවන්ගෙන් වාසිදායක කොන්ත්‍රාත්තු ලබා ගැනීමටද උපකාර විය හැක.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා TechCrunch වෙබ් අඩවිය සහ PCMag වෙබ් අඩවිය භාවිතා කළ හැක.