Twitter ආයතනය විසින් ඔවුන්ගේ Twitter.com වෙබ් අඩවියේ පෙනුම වෙනස් කිරීමට කටයුතු කර ඇති අතර, අලුත් පහසුකම් රාශියක් ද සමඟින් අලුත් පෙනුමක් ලබා දීමට කටයුතු කර ඇති බව ඔවුන්ගේ නිළ Blog එක හරහා ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.

මේ අලුත් update එක හරහා Twitter mobile app එක සතු වූ පහසුකම් සමඟින්, වැඩිදුරටත් personalized results, එහෙමත් නැතිනම් අදාල පුද්ගලයාගේ කැමති අකමැතිකම් හඳුනාගෙන ඒ අනුව Tweets පෙන්වීමටත් ඔවුන් කටයුතු කර තිබෙනවා.

මේ අනුව live video ඇතුළු ඔබ සිටිනා ප්‍රදේශයට අදාල content වැඩි වශයෙන් පෙන්වීමට කටයුතු කරනු ලබන අතර Direct Messages යැවීමට සහ කියවීමට ඇති screen එක ද වැඩිදියුණු කිරීමට කටයුතු කර තිබෙනවා.

මීට අමතරව multiple Twitter accounts භාවිතා කිරීමේ හැකියාව web app එකට එකතු කර ඇති අතර මේ හරහා accounts කිහිපයක් භාවිතා කරන්නන් හට logout වීමට හා නැවතත් login වීමට ගත වන කාලය අවම කර ගැනීමට හැකියාව ලැබෙනවා.

බොහෝ දෙනෙකු ප්‍රිය කරන Dark mode එක ඇතුළු තවත් පෙනුම පිළිබඳ වන වෙනස්කම් කිහිපයක් ද, අලුත් color themes කිහිපයක් ද මේ අලුත් update එකට ඇතුලත් කර ඇති බව ඔවුන් පෙන්වා දෙනවා.

මේ අලුත් web app එක නිර්මාණය කිරීමේදී එයට භාවිතා කර ඇති අලුත් foundation එක නිසාවෙන්, Twitter එකට අලුතින් updates එකතු කිරීමේ කටයුතු සරළ වන බවත්, ඉදිරියේදී නිකුත් කරනු ලබන updates ඉතාමත් ඉක්මණින් ලබාදීමේ හැකියාව ලැබෙන බවත් ඔවුන් ප්‍රකාශ කරනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ Twitter Blog එක, The Verge වෙබ් අඩවිය හා Gizmodo වෙබ් අඩවිය භාවිතා කළ හැක.