මේ වන විට ලොව ඇති වේගවත්ම SD Card reader එක Sony සමාගම විසින් නිර්මාණය කිරීමට සමත් වී ඇති අතර මෙය 300MB/s පමණ වේගයකින් භාවිතා කළ හැකි බව Sony සමාගම ඔවුන්ගේ නිළ Blog එක හරහා වාර්ථාවක් තබමින් ප්‍රකාශ කර සිටිනවා.

විශේෂයෙන්ම මේ වන විට බොහෝ දෙනෙක් SD Card භාවිතා කිරීම අඩු කර තිබුණත්, මේ SD Card තවමත් ඉතාමත් ඕනෑ කමින් භාවිතා කරන පිරිසක් තමයි Photographers ලා කියන්නේ. මොවුන් සතුව තිබෙන Camera වලින් ලබාගන්නා photos, නිතරම SD Card කිහිපයකට ලබාගන්නා අතර, ඒවා පරිගණකයකට හෝ වෙනත් device එකකට copy කරගන්න බොහෝ වෙලාවක් වැය කරන්නට මොවුන් හට නිතරම සිද්ධ වෙනවා.

ඉතින් මේ හේතුව නිසාවෙන් මේ Sony සමාගමේ UHS-II SD card reader එක මොවුන් හට ඉතාමත් වැදගත් උපාංගයක් බවට පත් වෙනවා. ඒ වගේම මේක නිකන්ම නිකන් Card reader එකක් විතරක්ම නෙවෙයි.

MRW-S3 නමින් හැඳින්වෙන මේ Card reader එක USB Hub එකක් විදිහටත් භාවිතා කරන්නට හැකියාව ලබා දී තිබෙන අතර එහි උපරිම speed එක 1,000MB/s පමණ වන බව ඔවුන් ප්‍රකාශ කර සිටිනවා. මීට අමතරව මෙහි ඇති USB type-C port (USB Power delivery පහසුකම) හරහා 100W ප්‍රමාණයක විදුලි බළයකින් ඔබගේ අනෙකුත් devices charge කරගැනීමේ හැකියාවත් තිබෙනවා.

එමෙන්ම මේ device එකට HDMI port එකක් ද අන්තර්ගත වන අතර තත්ත්පරයට රූපරාමු 30ක වේගයකින් 4K output එකක් ලබාදීමට මෙයට හැකියාව තිබෙනවා. විශේෂයෙන්ම මෙය IP68 dust & water resistance සහතිකය තිබෙන නිසාවෙන්, වතුරින් දුහුවිල්ලෙන් කරදරයක් නොවී යන එන තැන් වල ‍රැගෙන යාමට ඉතාමත් පහසු උපාංගයක් ‍බවට පත් වෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ Sony blog එක, Engadget වෙබ් අඩවිය හා MS Poweruser වෙබ් අඩවිය භාවිතා කළ හැක.