ඔබගේ කාලය ඉතුරු කර ගනිමින්, ඔබ විසින් කරන කටයුතු තවත් කාර්යක්ෂම කර ගත හැකි productivity tools ගැන ඔබ උනන්දු අයෙක් නම් Notion සේවාව පිළිබඳ ඔබ දැනටමත් දැනුවත් කියා අප සිතන නමුත් ඉදිරි දිනයකදි Notion සේවාව පිළිබඳ විස්තරාත්මක ලිපියක් ඔබ වෙත ගෙන ඒ්මට අප සූදානමින් සිටිනවා.

View post on imgur.com

පසුගිය දිනක Notion සේවාව සඳහා AI තාක්ෂණය හඳුන්වා දීමට Notion ආයතනයේ ‍කාර්යමණ්ඩලය විසින් කටයුතු කර තිබූ අතර ඔබටත් අවශ්‍ය නම් මේ වන විට මෙම නව පහසුකම නොමිලේම පරීක්ෂාකර බැලීමේ අවස්ථාවද හිමි වෙනවා.

මෙය තවමත් alpha level එකෙහි ඇති අතර ඔබට‍ මෙය පරීක්ෂාකර බැලීමට අවශ්‍ය නම් ඒ සඳහා Waitlist එකට සම්බන්ද විය යුතු අතර ඔබට එය Introducing Notion AI යන මෙම web page එකට පිවිස සිදු කළහැකිය.

Notion AI තාක්ෂණය තවමත් alpha level එකෙහි පැවතියත් Notion සමාගම විසින් සඳහන් කරනු ලබන්නේ ඔවුන් විසින් මෙය ක්‍රමයෙන් වැඩි දියුණු කරන බවත්, දැනට මේ සඳහා සම්බන්ධ වන සියලු දෙනාට මෙය නොමිලේ භාවිතා කිරීමට හැකියාව තිබුණත් ඉදිරියේදි බොහෝ විට මේ සඳහා ඔබට අමතර මුදලක් ගෙවීමට හෝ ඔවුන්ගේ premium subscriptions එකක් ලබාගෙන තිබිම අනිවාර්ය විය හැකි බවයි.

මෙම AI tool එක භාවිතයෙන් Blog post, Social media post, Job description, Poem අදිය ඉතාමත් පහසුවෙන් ලිවීමට මේ වන විටත් හැකියාව පවතින බව සඳහන් කර තිබෙනවා.

Notion – One workspace. Every team.
We’re more than a doc. Or a table. Customize Notion to work the way you do.
මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහ නිළ Notion වෙබ් අඩවිය, Notion Blog අඩවිය සහ Engadgetවෙබ් අඩවිය භාවිතා කළ හැක.