Microsoft සමාගම විසින් ඔවුන්ගේ office මෘදුකාංගය ඇතුළු ඔවුන් විසින් සපයන අනෙකුත් Microsoft Office සේවාවන් අයත් වන නිළ brand name එක වෙනස් කිරීමට මේ වනවිට කටයුතු කර තිබෙනවා.

පසුගිය ඔක්තෝම්බර් මාසයේ පැවති Microsoft Ignite 2022 event එක අතරතුර ද ඔවුන්ගේ office සේවාව හා සම්බන්ධයෙන් සිදුවන නව වෙනස්කම් කිහිපයක් පිළිබඳව නිවේදන නිකුත් කර තිබුණා.

ඒ අනුව, මීට පෙර හදුන්වනු ලැබූ Microsoft office 365 සේවාව Microsoft 365 යනුවෙන් rebrand කිරීමට එම සමාගම කටයුතු කර තිබෙන අතර මේ හරහා ඔවුන්ගේ office suite එක සඳහා නව ආරම්භයක් සනිටුහන් කරමින් ඔවුන්ගේ office app එක සඳහා නව logo එකක්ද හදුන්වා දී තිබෙනවා.

කෙසේ වෙතත් සුපුරුදු පරිදි නව Microsoft 365 යටතේ ඔවුන්ගේ Excel, Outlook, Word සහ PowerPoint ඇතුළු අනෙකුත් සේවාවන් ලබාදීමට කටයුතු කරන බවට තහවුරු කර තිබෙන අතර ඔවුන් විසින් creation සහ expression යන category එක යටතේ නව apps කිහිපයක් ද හදුන්වාදීමට කටයුතු කර තිබෙනවා.

2017 වසරේ සිටම microsoft සමාගම විසින් ඔවුන්ගේ office වෙළෙද නාමය microsoft 365 ලෙස rebrand කිරීමට කටයුතු කල අතර, මේ වනවිට එම සමාගම විසින් ඔවුන්ගේ සියලුම office apps සහ සේවා ලබාදෙන platforms සඳහා නව විශේෂාංග කිහිපයක් සහ modern user-interface එකකින් සමන්විත update එකක් ලබාදීමටද කටයුතු කරමින් සිටිනවා.

එමෙන්ම, මේ වනවිට microsoft සමාගම විසින් ඔවුන්ගේ office.com වෙබ් අඩවියට නව interface එකක් ලබාදීමට කටයුතු කර ඇති අතර, mobile සහ windows සඳහා වන office app එක භාවිතා කරන පරිශීලකයන් හට ඉදිරි ජනවාරි මස සිට මෙම update එක ලබාදෙන බවටද microsoft සමාගම විසින් තහවුරු කර තිබෙනවා.

ඒ මෙන්ම microsoft සමාගම විසින් ඔවුන්ගේ නව microsoft 365 සඳහා new tools ඇතුළුව තම එදිනෙදා workflow එක පහසු කරගැනීමට උදව්වන නව විශේෂාංග කිහිපයක් ද හඳුන්වාදීම සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති අතර මේ වනවිට, මේ සඳහා microsoft සහ third-party providers ලා හරහා third-party modules කිහිපයක් ද office 365 සේවාව සඳහා අන්තර්ගත කිරීමට කටයුතු කරන බවට වාර්තා වෙනවා.

Microsoft Office is changing to Microsoft 365
The home for your favorite tools and content. Now with new ways to help you find, create, and share your content, all in one place.
මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ Microsoft වෙබ් අඩවිය සහ Microsoft365 වෙබ් අඩවිය භාවිතා කළ හැක.