TikTok, WeChat වැනි චීනයේ පදනම කරගත් Mobile apps ඇමරිකාව තුළ ක්‍රියාත්මක කරවීම සම්බන්ධයෙන් මේ වන විට මතභේදාත්මක තත්වයක් ඇති වී තිබෙන බව ඔබ දැනටමත් දන්නා කාරණාවක් වෙනවා.

එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සැප්තැම්බර් 20 වන දින සිට TikTok සහ WeChat apps තහනම් කරන ලෙස නියෝග කරයි
රොයිටර් පුවත් සේවය [https://news.trust.org/item/20200918103902-6msuw/] පවසනපරිදි එක්සත් ජනපදයේ වාණිජ දෙපාර්තමේන්තුව විසින් නියෝගයක්[https://s3.amazonaws.com/public-inspection.federalregister.gov/2020-20920.pdf] නිකුත් කිරීමට කටයුතු කර ඇති අතර එයින් පවසන්නේ එළබෙන සැප්තැම්බර් 20 වැනි දින සිටඑක්සත්…

මේ අතර සැප්තැම්බර් 20 වනදා සිට TikTok හා WeChat යන apps, App store සහ Google Play Store හරහා download කරගැනීමේ හැකියාව අවහිර කිරීමට එක්සත් ජනපදයේ වාණිජ දෙපාර්තමේන්තුව තීරණය කිරීමත් සමඟ WeChat app එක ඇමරිකාව තුළ download කිරීමේ අගයන් අති විශාල ලෙස ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව සැප්තැම්බර් 17 හා 18 යන දිනයන් වල මෙලෙස මෙම අගයන් වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙන අතර 18 දිනය තුළ පමණක් සම්පූර්ණ download කිරීමේ අගය 10,000 ක් පමණ වෙනවා.

WeChat and TikTok see US downloads climb ahead of Trump administration ban
WeChat had its biggest one-day download numbers in nearly two years on Friday, ahead of a ban on new downloads from the US Commerce Department expected to take effect tomorrow. Preliminary data from analytics platform Sensor Tower showed WeChat downloads had 233 percent week-over-week increase.

එය 17 වන දිනයට සාපේක්ෂව 150% ක පමණ වැඩිවීමක් වෙන අතර පසුගිය සතියට වඩා 233% ක පමණ වැඩිවීමක් වෙනවා.

TikTok app එක download කරගැනීමේ දත්ත ද මේ හා සමානවම ඉහළ ගොස් තිබෙන අතර 17 වන දින සිට එය නව downloads 247,000 ක් පමණ වන බවත්, මෙම තත්ත්වය පසුගිය කාලයට සාපේක්ෂව 12%ක පමණ ඉහළ යෑමක් බවත් වාර්ථා වෙනවා.

කෙසේ වුවත් ඇමෙරිකානු වාණිජ දෙපාර්තමේන්තුවේ මෙම තහනම් කිරීමට එරෙහිව කැලිෆෝනියාවේ විනිසුරුවරයා විසින් වාරණ නියෝගයක් නිකුත් කර තිබෙන අතර WeChat හෝ TikTok තහනම් කිරීම මඟින් එක්සත් ජනපදයේ ආරක්ෂාව තහවුරු වෙනවා යන කාරණය සහතික කිරීම සඳහා ප්‍රමාණවත් සාක්ෂි නොමැති වීම යන කරුණ මත පදනම්ව විනිසුරුවරයා විසින් මෙම තීරණය ගෙන ඇති බව දැන ගන්නට ලැබෙනවා.

Judge blocks US ban on WeChat that was set to go into effect today
A judge in California has blocked the Commerce Department’s ban on new downloads of China-based messaging app WeChat. US Magistrate Judge Laurel Beeler said in her order that WeChat users showed “serious questions going to the merits of the First Amendment claim, the balance of hardships tips in the…

මේ අතර නවතම තොරතුරු මඟින් වාර්තා වන පරිදි TikTok හිමි ByteDance සමාගම සමඟ නව ගනුදෙනුවක් සඳහා Oracle හා Walmart යන ඇමරිකානු සමාගම් ද්විත්වය හට අවසර ලබාදීමට ඇමරිකානු ජනාධිපතිවරයා තීරණය කර ඇති බව සඳහන් වන අතර මේ හරහා ඇමරිකානු පුරවැසියන් 25,000 කට පමණ නව රැකියා අවස්ථා උදාවනු ඇති බව ජනාධිපතිවරයා විසින් පෙන්වා දී තිබෙනවා.

මෙම නව ගිවිසුම හරහා TikTok , Walmart හා Oracle යන සමාගම් එකමුතුවෙන් TikTok Global නම් වූ නව සමාගමක් බිහිකරනු ඇති අතර එය ඇමරිකාවේ Texas හි පිහිටුවනු ඇති.

නව සමාගමෙන් 20% ක පමණ කොටසක් Oracle හා Walmart යන සමාගම් වලට හිමිවනු ඇති අතර TikTok හි සියලුම එක්සත් ජනපද පරිශීලක දත්ත සඳහා සත්කාරකත්වය සැපයීම සහ ජාතික ආරක්ෂක අවශ්‍යතා සපුරාලීම සහතික කිරීම සඳහා පරිගණක පද්ධති සුරක්ෂිත කිරීම සඳහා Oracle සමාගම විසින් වගකීම දරනු ඇති බව වාර්තා වෙනවා.

මෙම නව ගනුදෙනුව සඳහා ByteDance සමාගමද යහපත් ප්‍රතිචාර දක්වා තිබෙන අතර විශේෂයෙන්ම ඉන්දියාව හැරුණු කොට ලොව විශාලතම TikTok පරිශීලකයන්, එනම් ආසන්න වශයෙන් මිලියන 100 ක පමණ පරිශීලකයන් ප්‍රමාණයක් සිටින්නේ ඇමරිකාව තුළ බැවින් මෙම නව ගනුදෙනුව එම පරිශීලකයන් වෙනුවෙන් යහපත් ආරම්භයක් වනු ඇති බව ByteDance සමාගම අනුමාන කරනවා.

කෙසේ වුවත් TikTok සහ WeChat යන app පිළිබඳව ඇමරිකාව තුළ ඇතිවී තිබෙන මතභේදාත්මක තත්වය තවමත් පහව ගොස් නැති අතර ඉහත සඳහන් තොරතුරු සියල්ලම එහි අලුත්ම තත්වය පමණක් වන බව මතක තබාගත යුතු වෙනවා.

එම නිසා මේ දක්වා දැකගත හැකි වූ ලෙසම ඇමරිකානු ජනාධිපතිවරයාගේ මීළඟ ප්‍රකාශයෙන් මෙම ගනුදෙනුව වෙනස් වීමට ද ඉඩ තිබෙන අතර එම තොරතුරු ලැබෙන පරිදි ඔබ වෙත ගෙන එන්නට අපි සූදානමින් සිටිනවා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය සහ Independent වෙබ් අඩවිය භාවිතා කළ හැක.