2014 වසරේදී Facebook සමාගම විසින් Oculus VR Inc. ආයතනය මිලදීගත් දා සිට මේ දක්වා ඔවුන් විසින් standalone VR headsets දෙකක් නිකුත් කිරීමට කටයුතු කර තිබෙනවා.

මේ අතරින් 2019 මැද භාගයේදී නිකුත් කරන ලද Oculus Quest headsets එක Qualcomm Snapdragon 835 processor එකකින් බලගැන්වෙන අතර එක් ඇසක් සඳහා 1440×1600 resolution සහ 72Hz refresh rate එකකින් සමන්විත OLED displays වලින්ද සමන්විත වෙනවා.

මෙයින් පසුව, Oculus සමාගම විසින් 90Hz displays සහිත Oculus Quest VR headset එකේ නවීකරණය කරන ලද version එකක් හඳුන්වාදීම සඳහා කටයුතු කරමින් සිටින බව වාර්තා වූ අතර දැන්, 90Hz displays සහිත මීළඟ Oculus Quest එකෙහි බවට සැකකල හැකි renders සහ hands-on images කිහිපයක් අන්තර්ජාලයට එක් වී ඇති බව දැකගත හැකි වෙනවා.

මෙම images අන්තර්ජාලයට එක් කර ඇත්තේ @h0x0d (WalkingCat) විසින් වන අතර Design එක සම්බන්ධයෙන් ගත් විට අපේක්ෂිත Oculus Quest එක පසුගිය වසරේ ආකෘතියට බොහෝ ලෙස සමාන බවක් දැකගත හැකි වෙනවා.

එමෙන්ම මේ headset එකට සමාන පෙනුමක් ඇති touch controllers ද දැකගැනීමට හැකියාව ඇති අතර, මෙම අන්තර්ජාලයට එක් වූ render එකට අනුව, USB Type-C port එක මෙන්ම headphone jack එකද වම් පසට ගෙන ගොස් power button එක දකුණු පසට ගෙ ගොස් තිබෙනවා.

මොහු විසින්ම අන්තර්ජාලයට එක් කල තවත් Oculus Quest තොරතුරක් මගින් ඇඟවෙන්නේ මෙම නවීකරණය කරන ලද headset එක සැප්තැම්බර් මස 15 වැන දින එළිදැක්වීමට හැකියාවක් ඇති බවයි.

මීට අමතරව Redditor කෙනෙකු විසින්ද 'Is this a new Oculus Quest?' යන title එක ඇතුලත් images හතරක් Oculus subreddit එකක පළ කර ඇති නමුත් මෙහි වැඩිදුර විස්තරයක් දැක ගැනීමට හැකියාවක් නැහැ.

එළිදැක්වීමට නියමිත Oculus Quest එක මීට පෙර මාදිලියට වඩා 20% වඩා සැහැල්ලු විය හැකි අතර ප්‍රමාණයෙන් 15%ක් පමණ කුඩා විය හැකි බව Bloomberg වෙබ් අඩවිය විසින් පෙන්වා දෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා XDA-Developers වෙබ් අඩවිය, Bloomberg වෙබ් අඩවිය, Twitter (1) (2) සහ Reddit වෙබ් අඩවිය භාවිතා කළ හැක.