පසුගිය වසරේ අග භාගය පුරාවට Huawei සමාගම හා ඇමෙරිකානු වෙළඳ තහනම ගැන නොයෙක් ආකාරයේ පුවත් ඔබ වෙත ගෙන එන්නට කටයුතු කළා මතක ඇති.

එමෙන්ම Huawei සමාගම ඔවුන්ගේ Huawei Mate 30 ජංගම දුරකථනය, Android ජංගම දුරකථන වල ප්‍රථානතම සේවාවක් වන Google Play Services නොමැතිව එළිදැක්වීමට ද කටයුතු කරනු ලැබුවා.

Google Services නොමැතිව Huawei Mate 30 ජංගම දුරකථනය එළිදැක්වීමට Huawei සමාගම කටයුතු කරයි
මීළඟ Huawei ජංගම දුරකථනයට Google Apps ඇතුලත් කිරීම තහනම් බව Google සමාගම නිළවශයෙන් ප්‍රකාශ කළ බව පසුගිය අගෝස්තු මාසයේදී අපි ඔබව දැනුවත් කරන්නට කටයුතු කළාමතක ඇති. මීළඟ Huawei ජංගම දුරකථනයට Google Apps ඇතුලත් කිරීම තහනම් බව Google සමාගම නිළවශයෙන් ප්‍රකාශ කරයිචීනය හා ඇමෙරිකාව අතර ඇති වූ වෙළඳ යුද්ධය…

කොහොම නමුත් Google Mobile Services වෙනුවට Huawei Mobile Services හඳුන්වාදීමටත්, මේ HMS Core එකට Location Kit එකක් සහ Map Kit එකක් අන්තර්ගත කිරීමටත් ඔවුන් කටයුතු කර තිබුණා.

මේ Location Kit එක සහ Map Kit එක තිබුණත්, Map වලට අදාල දත්ත Google සමාගමෙන් ලබාගැනීමට නොහැකි වීම නිසාවෙන් පසුගිය දින වල අනෙකුත් සමාගම් සමඟින් මේ පිළිබඳව සාකච්ඡා කිරීමට Huawei සමාගම කටයුතු කළ අතර මේ වන විට ප්‍රසිද්ධ යුරෝපයීය සමාගමක් වන TomTom සමාගමේ සේවාවන් මේ සඳහා භාවිතා කිරීමට එකඟතාවයකට පැමිණ තිබෙන බව වාර්ථා වෙනවා.

මේ අනුව නෙදර්ලන්ත සමාගමක් වන TomTom සමාගමේ Maps, traffic පිළිබඳව වන තොරතුරු, navigation software සහ සේවාවන් apps සඳහා භාවිතා කිරීමට Huawei සමාගමට හැකියාව ලැබෙනවා.

Huawei සමාගමේ මීළඟ flagship device එක වන Mate 40 ජංගම දුරකථනය මේ වසරේ මාර්තු මාසය වන විට එළිදැක්වීමට නියමිත වන අතර එහි මේ අලුත් සේවාවන් අන්තර්ගත වනු ඇති බව විශ්වාස කෙරෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා XDA-Developers වෙබ් අඩවිය හා Reuters වෙබ් අඩවිය භාවිතා කළ හැක.