Apple සමාගම විසින් සෑම වසරකම සැප්තැම්බර් මාසයේදී අලුත් iPhone මාදිලියක් නිකුත් කරන නමුත් iPhone 8 වලින් පසුව නිකුත් වූයේ iPhone X වූ අතර මේ වන තුරු iPhone 9 මාදිලියක් නිකුත් කරන්නට කටයුතු කලේ නැහැ.

මේ පිළිබඳව විවිධ ආකාරයේ කටකතා පැතිර ගියත් ඒ පිළිබඳව නිල තොරතුරුක් නිකුත් කිරීමට ද ඔවුන් කටයුතු කර තිබුණේ නැහැ.

කෙසේ වෙතත් බොහෝමයක් iPhone මාදිලි නිකුත් වන්නේ අධික මිල ගණන් යටතේ නිසාවෙන් ඒ මිල දරා ගැනීමට අපහසු පාරිභෝගිකයන් වෙනුවෙන් මිල අඩු iPhone මාදිලියක් නිකුත් කිරීම පිළිබඳව කතාබහ ඇතිවූයේ 2017 වසරේ සිටයි.

ඇමරිකාවේ නිව්යෝර්ක් නගරය කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක වන ලෝ ප්‍රකට මූල්‍ය සහ දත්ත සම්බන්ධ පෞද්ගලික සමාගමක් වන Bloomberg සමාගම පවසන්නේ Apple සමාගම විසින් මිල අඩු iPhone මාදිලියක් ලෙස iPhone 9 මෙම වසරේ පෙබරවාරි වලදී නිශ්පාදන ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි.

එමෙන්ම මේ අලුත් ජංගම දුරකථනය මේ වසරේ මාර්තු මාසයේදී හඳුන්වාදීමට නියමිත බවත් ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටිනවා.

iPhone 9 යනුවෙන් හැඳින්වෙන මේ අලුත් ජංගම දුරකථනය iPhone 8 වල Design එක අනුව Fingerprint scanner එක සහිත Home Key එකක් සහ අඟල් 4.7 ක තිරයක් ඇතුළත් අතර Apple A13 Bionic Chip Set එක මඟින් බලගැන්වෙනු ඇති.

නමුත් Home Key එක ඉවත් කොට Face ID සහිත අඟල් 5.4 ක තිරයක් සහිත iPhone 9 මාදිලියක් පිළිබඳව ද තොරතුරු වාර්තා වී ඇති නිසා ඇත්තටම iPhone 9 කුමන ආකාරයේ එකක් වේ දැයි තවමත් නිශ්චිතවම පැවසිය නොහැක.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Bloomberg වෙබ් අඩවිය හා GSMArena වෙබ් අඩවිය භාවිතා කළ හැක.