Google Photos සේවාව මේ වන විටත් එහි ගබඩා කර ඇති ඡායාරූප වල තිබෙන වර්ණ, සතුන් සහ මුහුණු වල ඇති හැඟීම් ආදිය භාවිතා කරමින් search කිරීමේ පහසුකම ලබා දී තිබෙන බව ඔබ දන්නවා ඇති.
ඔන්න දැන්, මේ Google Photos වලට එකතු කරනු ලබන ඡායාරූප වල ඇති අකුරු හඳුනාගැනීමටත්, ඒවා භාවිතා කරමින් අදාල ඡායාරූප search කිරීමටත් අවස්ථාව ලබාදීමට කටයුතු කරනු ලබන බව ඔවුන්ගේ නිළ Twitter ගිණුම හරහා Google සමාගම විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
You spotted it! Starting this month, we’re rolling out the ability to search your photos by the text in them.
— Google Photos (@googlephotos) August 22, 2019
Once you find the photo you’re looking for, click the Lens button to easily copy and paste text. Take that, impossible wifi passwords 😏
එපමණක් නොව අදාල ඡායාරූප වල ඇති වචන select කර copy කරගැනීමට මෙන්ම translate කිරීම වැනි කටයුතු ද සිදුකිරීමේ පහසුකම මේ සමඟින් Google Photos පරිශීලකයන් හට හිමි වෙනවා.

කොහොම නමුත් මෙය ඇතැම් විදෙස් සංකේත හා අතින් ලියන ලද වචන වැනි දේ සඳහා තවමත් ඉතා හොඳින් ප්‍රතිචාර නොදක්වන බව වාර්ථා වන අතර නුදුරෙදීම මෙම පහසුකම වැඩිදියුණු කිරීමට Google සමාගම කටයුතු කරනු ඇති.
මේ අනුව මේ අලුත් පහසුකම මෙම මස සිට Android, iOS සහ Web App එක භාවිතා කරන්නන් හට ලබාදීමට Google සමාගම කටයුතු කරනු ලබන අතර ඉදිරි සති කිහිපය ඇතුලත සෑම පරිශීලකයෙකු හටම මෙම update එක ලබාදීමට ඔවුන් කටයුතු කරනු ලබනවා.
මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා GSM Arena වෙබ් අඩවිය, The Verge වෙබ් අඩවිය හා 9to5google වෙබ් අඩවිය භාවිතා කළ හැක.