ලොව බොහෝ සමාගම් 5G තාක්ෂණය සාමාන්‍යය භාවිතාවට ගෙන ඒම පිළිබඳව අත්හදාබැලීම් සිදු කරමින් පවතින මේ අවස්ථාව වන විට Huawei සමාගම විසින් 6G තාක්ෂණය පිළබඳ පර්යේෂණ සිදු කිරීම ආරම්භ කිරීමට කටයුතු කර ඇති බව මේ වන විට දැනගන්නට ලැබෙනවා.

කැනඩාවේ Ottawa වල පිහිටි Huawei Research & Development Center එක තුළ මෙම පර්යේෂණ සිදු කරනු ලබන අතර මේ සඳහා විශ්වවිද්‍යයාල 13ක් සහ තවත් ආයතන ගණනාවක සහාය ලබාගැනීමට Huawei සමාගම තීරණය කර තිබෙන බව සඳහන් වෙනවා.

සාමාන්‍යයෙන් communication පිළබඳව වන තාක්ෂණයන් මීළඟ generation එකට පියවර තැබීම සෑම වසර 9කට පමණ වරක්ම පාසා සිදු වන බව 2G, 3G, 4G සහ 5G තාක්ෂණයන් එළිදැක්වූ වර්ෂයන් පිළිබඳව සොයාබැලීමේ පැහැදිලි වෙනවා.

5G තාක්ෂණය පිළිබඳව මූලික පරීක්ෂණ ආරම්භ කිරීමට Huawei සමාගම කටයුතු කර තිබෙන්නේ 2009 වර්ෂයේ පමණ වන අතර මේ වන විට ලොව හොඳම 5G තාක්ෂණික මෙවලම් නිෂ්පාදනය කරන්නා බවට පත්වීමට ඔවුන් හට හැකියාව ලැබී තිබෙනවා.

මීට අමතරව Samsung සමාගම හා LG සමාගම ද වෙන වෙනම 6G තාක්ෂණය පිළිබඳව පර්යේෂණ ආරම්භ කිරීමට කටයුතු කර ඇති අතර 2030 වර්ෂයේදී පමණ මෙම තාක්ෂණය ලොවට එළිදැක්වීමට මොවුන් කටයුතු කරනු ඇති බව විශ්වාස කෙරෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා CNET වෙබ් අඩවිය, Gizchina වෙබ් අඩවිය හා Techspot වෙබ් අඩවිය භාවිතා කළ හැක.