Facebook Lite කියන්නේ connectivity එක අඩු ප්‍රදේශ වල ඉන්න ජනතාව ඉලක්ක කරගෙන නිපදවන ලද app එකක් කියලා මේ වෙනකොට ගොඩක් අය දන්නවා.

කොහොම නමුත් මේ app එකේ data consumption එක අඩු නිසා වගේම, resources භාවිතය, ඒ කියන්නේ memory සහ processing power එක භාවිතා කිරීම අඩු නිසාවෙන් low-end device එකක වුණත් හොඳින් වැඩ කරන නිසා බොහෝ දෙනෙක් මේ app එක භාවිතා කරන්න මේ වෙනකොට පෙළඹිලා තියනවා.

කොහොම නමුත් Facebook ප්‍රධාන app එකේ තිබෙන හැම පහසුකමක් ම මේ Lite app එකේ අන්තර්ගත නොවන අතර බොහෝ දෙනෙකු විසින් නිතරම භාවිතා කරනු ලබන අත්‍යාවශ්‍යය පහසුකම් පමණක් මේ app එකේ ඇතුලත් වෙනවා.

Facebook සමාගම විසින් ඔවුන්ගේ Facebook Crisis Response Tool එක මේ Facebook Lite app එකට එකතු කරන්න කටයුතු කරලා තියනවා. මේ Facebook Crisis Response tool එක හරහා යම්කිසි විපතක් හෝ ස්වාභාවික ආපදාවක් සිදු වූ විට එකිනෙකාට උදව් කරගැනීමට මෙන්ම අදාල ආපදා තත්ත්වයට හසු වූ ඔබගේ යහළුවන්, පවුලේ උදවිය හොඳින් සිටිනවාද යන්න ආදිය දැනගැනීමට හැකියාව ලැබෙනවා.

එමෙන්ම තමන්ගේ වටපිටාවට පමණක්ම සීමා නොවී ලෝකයේ විවිධ අපදා ගැන දැනගන්නත් එම අාපදා වලට ලක්වූවන්ට උපකාර කරන්නත් ඔබ එවැනි අාපදාවකට ලක්වුනොත් උදව් ගන්නත් හැකියාව මේ හරහා ලබා දී තිබෙනවා.