පසුගිය දවස් වල අළුත් පෙනුමක් එහෙම අරගෙන Google Chrome Browser එකේ (69 වැනි) අළුත් update එක නිකුත් වුණු අතර සමහර විට මේ වෙනකොටත් ඔයා ඒක භාවිතා කරනවත් ඇති.

පෙනුමින් ලස්සන වුණත් මේ update එකත් එක්ක ලොව පුරා Chrome භාවිතා කරන්නන් මෙන්ව web developers ලා බොහෝමයකගේ අවලාදයන් අසන්නට වුණු අති විශේෂ වෙනස්කමක් මෙහි අන්තර්ගත වෙනවා.

ඒ තමයි සාමාන්‍යයෙන් website URL එකක තිබෙන www. කියන කොටස සහ m. යනුවෙන් භාවිතා කර ඇත්නම් එය ද address bar එකෙන් ඉවත් කිරීමට Google සමාගම කටයුතු කර තිබෙනවා.

ඉතින් මේක නිසා ඇයි ගොඩක් අයට තරහා යන්නේ. හේතුව මෙන්න මේකයි. ‍මේ option එක ගැන හොයලා බැළුවොතින් දැකගන්න ලැබෙන දෙයක් තමයි, මුලින්ම තිබෙන www. හෝ m. යන කොටස ඉවත් කිරීමට අමතරව, අදාල URL එකේ මැද ඒ කොටස් තිබුණත් එය නොපෙන්වා හැරීමට Google සමාගම කටයුතු කරනවා.

උදාහරණයක් ලෙස

online.www.bank.com යනුවෙන් ඇති address එකක් දර්ශනය වන්නේ online.bank.com යනුවෙනුයි.

ඉතින් මේ අනුව Phishing attack එකක් කරන කෙනෙකුට භාවිතා කරන්නන්ව නොමඟ යවන්නට අවස්ථාවක් ලැබෙන බව පවසමින් තමයි මේ ලොව පුරා විශාල පිරිසක් මෙයට තම විරෝධතාවය දක්වන්නට කටයුතු කර තිබෙන්නේ.

මෙම option එක issue එකක් ලෙස Chromuim project එකේ ඉස්මතු කරන්නට තරම් මෙම විරෝධය බලවත් වී තිබෙන අතර එහි comment කරමින් බොහෝ පිරිසක් මෙයට බැන වැදී ඇති ආකාරය දැකගත හැකි වෙනවා.

කොහොම නමුත් chrome://flags හරහා මේ option එක disable කරන්නට හැකියාවක් ලබා දී තිබෙන අතර පහත පියවර අනුගමනය කරමින් එය නවත්වා දැමීමට ඔබට හැකියාව ලැබෙනවා.

chrome://flags/#omnibox-ui-hide-steady-state-url-scheme-and-subdomains

ඉහත විධානය ඔබගේ Chrome addressbar එක මත paste කර එයට පිවිසීමෙන් පසුව "Omnibox UI Hide Steady-State URL Scheme and Trivial Subdomains" යනුවෙන් highlight වී ඇති option එක disable කිරීම මගින් මෙය නවත්වා දැමීමට හැකියාව ලැබෙනවා.