ආයෝජකයින්ට වංචා කිරීමේ වරද මත Theranos සමාගමේ නිර්මාතෘ Elizebeth Holmes ට කැළිෆෝනියා අධිකරණය විසින් වසර 11 ක සිර දඬුවමක් නියම කර තිබෙනවා.

2003 වසරේදී Elizabeth Holmes විසින් අඩු වියදමකින් සහ සුළු ලේ ප්‍රමාණයක් භාවිත කරමින් පරීක්ෂණ විශාල සංඛ්‍යාවක් සිදුකල හැකි යන්ත්‍රයක් නිර්මාණය කිරීමේ අරමුණින් Theranos සමාගම ආරම්භ කළ අතර, එම යන්ත්‍රයේ නිර්මාණ කටයුතු අසාර්ථක වීම නිසා 2018 වසරේදී Theranos සමාගම නවත්වා දමනු ලැබුවා.

Theranos is finally shutting down
Investors have lost nearly $1 billion in the company

Theranos සමාගම පවත්වාගෙන යන අවධියේදී ඔවුන් නිර්මාණය කළ The Edison යන්ත්‍ර‍ය පිළිබඳ ව්‍යාජ තොරතුරු සපයමින් ආයෝජකයින්ගෙන් ඇමරිකානු ඩොලර් මිලියන 121 ක මුදලක්, Elizabeth Holmes විසින් වංචා කර ඇති බවට කැළිෆෝනියා අධිකරණය මගින් තීන්දු කළ අතර, ඒ අනුව ඇය හට මාස 135 ක සිරදඬුවමක් නියම කිරීමට අධිකරණය කටයුතු කළා.

වරෙක මීළඟ Steve Jobs ලෙස පවා Elizabeth ව සඟරා මගින් හඳුන්වා තිබූ අතර, ස්වෝත්සහායෙන් බිලියනපතියෙක් බවට පත්වූ තරුණම පුද්ගලයා ලෙසද ඇයව සැළකුවා. ඇගේ මාස 135 ක සිරදඬුවම ආරම්භ වීමට නියමිතව ඇත්තේ 2023 වසරේ අප්‍රේල් මාසයේදීයි.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය සහ Reuters වෙබ් අඩවිය භාවිතා කළ හැක.