ඔබ විසින් Smartphone ඇතුළු යම් electronic උපාංගයක් මිලදී ගත හොත්, එය අලුත්වැඩියා කිරීමට සිදු වන අවස්ථාවකදී, අදාළ නිශ්පාදන සමාගමේ රෙගුලාසි නිසා ඔබ අපහසුතාවයට පත් වූ අත්දැකීම් මේ වන විටත් ඔබට ඇතුවාට සැක නැත.

ශ්‍රී ලංකාව වැනි, පාරිභෝගික හෝ පරිශීලකයින්ගේ අයිතිවාසිකම් පිළිබඳව එතරම් ලොකු තැකීමක් නොකරන රටවල් වල මේ පිළිබඳව සාකච්ඡා නොවුවද, බොහෝ යුරෝපීය රටවල්, නිෂ්පාදන සමාගම් වලින් සැමවිටම පාරිභෝගිකයන්ට සිදු වන බලපෑම අවම කිරීම සඳහා විවිධ පියවර ගනිමින් සිටී.

ප්‍රංශය විසින් යම් ඉලෙක්ට්‍රොනික් උපාංගයක් මිලදී ගත් පසු එය කොපමණ ප්‍රමාණයකින් අලුත් අළුත්වැඩියා කළ හැකිද යන්න පෙන්වන repairing rating එකක්, අදාල ඉලෙක්ට්‍රොනික් උපාංග වල පෙන්විය යුතුය යනුවෙන් නව නීතියක් ද පසුගිය වසරේ හඳුන්වා දුන් බව අපි ඔබට තොරතුරු ගෙන ආවා ඔබට මතක ඇති.

Electronic උපාංග සඳහා Repairability එනම් අලුත්වැඩියා කිරීමේ හැකියාව පෙන්වන Rating එකක් හඳුන්වාදීමට ප්‍රංශය සූදානම් වෙයි
තමන් මිලදී ගන්නා electronic උපාංග repair කිරීමට ඇති හැකියාව දැනගැනීමටපාරිභෝගිකයන්ට තිබෙන අයිතිය තහවුරු කෙරෙන නව පනතක් යුරෝපා පාර්ලිමේන්තුව තුළ වැඩිඡන්දයෙන් පසුගියදා සම්මත වුණා. REPORT Towards a more sustainable single market for business and consumers[https://www.europarl.europa.eu/doceo/document/A-9-2020-0209_EN.html…

එමෙන්ම දැන් ඇමරිකා එක්සත් ජනපදයේ Federal Trade Commission(FTC) එක විසින්, යම් ඉලෙක්ට්‍රොනික් උපාංගයක් අලුත්වැඩියා කිරීම සඳහා නිෂ්පාදන සමාගම් විසින් පනවා ඇති රෙගුලාසි වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කලහැකි යෝජනාවකට පක්ශව ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව smartphone ඇතුළු යම් electronic device එකක් අලුත් අලුත්වැඩියා කිරීමට සිදු වුවහොත්, නිෂ්පාදන සමාගමේ සීමාවන් නොතකා එය ස්වාධීන සේවා සපයන්නන්ගෙන් සිදු කරගැනීමට පාරිභෝගිකයන්ට හැකියාව ලැබෙනු ඇත.

නිෂ්පාදන සමාගම් වලට සිදු කරන මෙම සීමා කිරීම් නිසා "කුඩා තාක්ෂණික ව්‍යවසායකයින් සඳහා ව්‍යාපාර අවස්ථා වැසී යාම, නවෝත්පාදන බිහි නොවීම, අලුත්වැඩියා කිරීම් සඳහා නිෂ්පාදන සමාගම් විසින් ඉහළ මුදල් අයකිරීම, අනවශ්‍ය ඉලෙක්ට්‍රොනික් අපද්‍රව්‍ය එකතු වීම, සේවා සපයන්නන් විසින් අලුත්වැඩියා සඳහා දිගු කාලයක් ලබා ගැනීම" වැනි අහිතකර තත්වයන් නිරීක්ෂණය වී ඇති අතර එම පසුබිම මත FTC එක විසින් මෙම යෝජනාවට පක්ෂව ඡන්දය ලබා දී තිබෙන බව දැනගන්නට ලැබෙනවා.

මෙම කරුණු අලුත්වැඩියා සඳහා දැඩි සීමා කිරීම් යොදා තිබෙන Apple වැනි සමාගම් වලට බලපානු ඇති බව අපට සිතන්නට පුලුවන්.

ජංගම දුරකථන වල සිට වෛද්‍ය උපකරණ, ට්‍රැක්ටර් දක්වා වන උපකරණ නිශ්පාදනයේදී නිශ්පාදකයා විසින් අදාල උපකරණය අලෙවියෙන් පසු අලුත්වැඩියා කිරීමේ හැකියාව අහිමි වන පරිදි සකස් කිරීමට එරෙහිව මෙම නීති සම්පාදනය වෙනවා.

මේ අනුව ජංගම දුරකථන ඇතුලත කොටස් ගම් යොදා එකිනෙක ඇලවීම වැනි දේවල් වල සිට, ට්‍රැක්ටර්, ventilator machines ආදිය වෙනත් පාර්ශවයක් විසින් අලුත්වැඩියා කිරීමට උත්සාහ කිරීමේදී ඒවා software locks මගින් lock කිරීම දක්වා වන සීමා කිරීම් නැවැත්වීමට නිශ්පාදකයින් හට සිදු වනු ඇත.

එමෙන්ම අමතර ‍කොටස් නිෂ්පාදනයේදී trade agreements හරහා වෙනත් පාර්ශවයන් වලට අමතර කොටස් අලෙවි කිරීම තහනම් කිරීම සඳහා වන වගන්ති ඉවත් කිරීමට සිදු වනු ඇති අතර, මේ හරහා original parts යොදා ගනිමින් අඩු වියදමකින් 3rd-party repaid shop එකක් හරහා තම ජංගම දුරකථනය අලුත්වැඩියා කරගැනීමට පරිශීලකයාට හැකියාව ලැබෙනු ඇත.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා CNN වෙබ් අඩවිය සහ Insiderhook වෙබ් අඩවිය භාවිතා කළ හැක.