WhatsApp සේවාව වෙත මෑතක සිට නව විශේෂාංග කිහිපයක්ම හඳුන්වාදීමට WhatsApp ආයතනය කටයුතු කරමින් සිටින අතර එම විශේෂාංග පිළිබඳව ලිපි කිහිපයකින්ම අප ඔබව දැනුවත් කිරීමටද කටයුතු කරනු ලැබුවා.

WhatsApp Group Call එකක් මඟහැරුණ විට නැවත එයට එක් වීමේ හැකියාව ලබාදීමට WhatsApp ආයතනය සූදානම් වෙයි
‌මේ වන විට WhatsApp ආයතනය විසින් WhatsApp සඳහා නව විශේෂාංග කිහිපයක්ම එළිදැක්වීමටකටයුතු කරමින් සිටින අතර ඒ අතරින් විශේෂාංග කිහිපයක් පිළිබඳව මීට පෙර අප ඔබවදැනුවත් කිරීමටද කටයුතු කරනු ලැබුවා. Quality එක ආරක්ෂා කරගනිමින් WhatsApp හරහා Images සහ Videos යැවීමේ හැකියාවලබාදීමට සූදානම් වෙයිමේ වන විට ලෝකය…
Multi-Device පහසුකම සමඟින් WhatsApp Desktop Beta සංස්කරණයක් නුදුරේදී එළිදැක්වීමට WhatsApp ආයතනය සූදානම් වෙයි
අපට Computer එකක් හෝ Laptop එකක් ඇත්නම් අපි WhatsApp Web[https://web.whatsapp.com/] එක හෝ WhatsApp Desktop[https://www.whatsapp.com/download] මෘදුකාංගය ඔස්සේ අපගේ දුරකථනය හරහා QR Codeඑකක් scan කර ගැනීම මගින් දුරකථනය හරහා භාවිතා කරන WhatsApp සේවාව අපගේ පරිගණකය වෙතලබා ගන්නවා. කොහොම නමුත් මෙහි ඇති…

මේ වනවිට, WhatsApp සේවාවේ තවත් විශාලතම අඩුපාඩුවක්ව පැවති cloud chat backups සඳහා end-to-end encryption පහසුකම නොමැති වීමටද විසඳුමක් ලබාදීමට WhatsApp ආයතනය කටයුතු කරමින් සිටින බව වාර්තා වන අතර එමගින් ඔබගේ WhatsApp chat backups password එකක් මගින් encrypt කිරීමේ හැකියාව හිමිවෙනවා.

WABetaInfo වෙබ් අඩවිය විසින් වාර්තා කරන ආකාරයට, මෙම විශේෂාංගය Android සඳහා වන WhatsApp beta version 2.21.15.5 හි කොටසක් ලෙස ක්‍රියාත්මක වෙමින් පවතින අතර ඒ හරහා WhatsApp chat backups password එකක් මගින් encrypt කිරීමේ හැකියාව හිමිවෙනවා.

එසේ encrypt කිරීමෙන් පසුව නැවතත් chat එක restore කිරීමේදී අදාල password එක ඇතුළත් කළ යුතු අතර මෙම password එක මුළුමුනින්ම පුද්ගලික ලෙස තබාගන්න බවත්, එය WhatsApp, Facebook, Google හෝ Apple වැනි වෙනත් සමාගමක් අතර share නොවන බවත් වැඩිදුරටත් වාර්තා වෙනවා.

එමෙන්ම, ඔබට වැඩි ආරක්ෂාවක් අවශ්‍ය නම් password එකක් වෙනුවට 64-digit encryption key එකක් භාවිතා කරමින් ඔබගේ chat backups encrypt කළ හැකි අතර එම encryption key එක නැති වුවහොත් ඔබේ chat එක නැවත restore කරගැනීමේ හැකියාව නොමැති වෙනවා.

මෙම විශේෂාංගය තවමත් WhatsApp beta පරිශීලකයන් හට පමණක් ලබාගැනීමට හැකියාව තිබෙන නමුත් ඉක්මනින්ම මෙම පහසුකම සියලුම WhatsApp පරිශීල්කයන් වෙත ලබාගැනීමට හැකියාව ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා WABetaInfo වෙබ් අඩවිය, XDA-Developers වෙබ් අඩවිය සහ 9to5google වෙබ් අඩවිය භාවිතා කළ හැක.