තමන් මිලදී ගන්නා electronic උපාංග repair කිරීමට ඇති හැකියාව දැනගැනීමට පාරිභෝගිකයන්ට තිබෙන අයිතිය තහවුරු කෙරෙන නව පනතක් යුරෝපා පාර්ලිමේන්තුව තුළ වැඩි ඡන්දයෙන් පසුගියදා සම්මත වුණා.

REPORT Towards a more sustainable single market for business and consumers

මෙම යෝජනාවට පක්ෂව ඡන්ද 395 ක් හා විරුද්ධව ඡන්ද 94 ක් පමණක් ලැබුණු අතර ඒ අනුව, පාරිභෝගිකයන්ට තමන් මිලදී ගන්නා electronic උපාංග අලුත්වැඩියා කිරීමට ඇති හැකියාව පෙන්වන නව rating එකක් සහිත tag එකක් උපාංගය සමඟ දැක ගැනීමට හැකියාව ලැබෙනවා.

ප්‍රංශය 2021 ජනවාරි මාසයේ සිට සිය රට තුළ අලෙවි කරන mobile phone, laptop වල සිට සියලුම ආකාරයේ electronic උපාංග වලට මෙම නවතම tag එක එකතු කරනු ඇති අතර එමඟින් තමන් මිලදී ගන්නා භාණ්ඩය පිළිබඳව සාර්ථක පූර්ව නිගමනයකට එළඹීමට පාරිභෝගිකයන් හට අවස්ථාව ලැබෙනවා.

මේ අනුව යමින් ඔස්ට්‍රියාවද සිය රට තුළ අලෙවි වන electronic උපාංග repair කිරීමට යන අමතර කොටස් වල හා සේවා වල බදු අඩු කිරීමට කටයුතු කර තිබෙනවා.

ලකුණු 10 යේ උපරිමයකින් ලැබෙන මෙම rating එකට අනුව 10/10 යනු අලුත්වැඩියා කිරීමේ හැකියාව උපරිම වීම යන්න අඟවන අතර එම හැකියාව අනුව 9/10, 8/10 ආදී ලෙස ශ්‍රේණිගත කිරීම මෙහිදී සිදුවෙනවා.

මේ පිළිබඳව 2014 දී සිදුකරන ලද සමීක්ෂණයකින් හෙළි වූයේ තමන් මිලදී ගන්නා භාණ්ඩ කැඩුණු විට ඒවා වෙනුවට අලුත් ඒවා මිලදී ගන්නවාට වඩා, එම භාණ්ඩ අලුත්වැඩියා කිරීමට පාරිභෝගිකයන් ගෙන් 77% ක් පමණ කැමති වන බවයි.

ඒ නිසා මෙම නව තීරණය පාරිභෝගිකයන් පැත්තෙන් ගත්කල ඉතා සාධනීය එකක් වන බව අවිවාදිත අතර, වර්තමානයේ සමස්ථ ලෝකයටම කරදරයක් වී තිබෙන electronic waste ගැටළුව අවම කර ගැනීමටද මෙම නව තීරණය හැකියාව ලැබෙනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා GSM Arena වෙබ් අඩවිය සහ iFixIt වෙබ් අඩවිය භාවිතා කළ හැක.