පසුගිය වසර කිහිපය පුරාවටම Google Assistant විවිධ devices වලට හිමින් සීරුවේ ඇතුල් වුණා ඔබ දකින්නට ඇති.

ඔන්න දැන් ප්‍රථම වරට Lenovo සමාගම විසින් Smart Display වලටත් මේ Google Assistant එකතු කරන්න කටයුතු කරලා තියනවා.

Assistant_Smart_Display_Recipes_Query_Animated-tech-news-sinhala

ඔයාලා දැනටමත් දන්නවා ඇති Google Home device එකකින් කරන්න පුළුවන් දේවල් මොනවාද කියලා. කොහොම වුණත් මේ Google Home device එකකදී අපිට map එකක් බලන්න, video එකක් බලන්න වගේ visual aids අවශ්‍යය වෙන වෙලාවට එම අඩුව සපුරාලන්න ක්‍රමයක් නැහැ. නමුත් දැන් මේ Smart Display එකෙන් අන්න ඒ අඩුව පුරවන්න පුළුවන් තැනට Lenovo සමාගම Google සමාගමත් එක්ක එකතු වෙලා කටයුතු කරලා තියනවා.

Maps, Youtube, Calendar, Duo සහ Photos වැනි Google සේවා රැසක් මේ හරහා පහසුවෙන්ම භාවිතා කරන්න හැකියාව ලැබෙන අතර Smart home devices තියනවා නම් ඒ හැම දෙයක්මත් පහසුවෙන්ම හසුරුවන්න මේ Smart Display එක හරහා හැකියාව තියනවා.

Music, News සහ Podcasts අහන්න

Youtube Music, Google Play Music, Spotify සහ Pandora වැනි ඔයා කැමතිම streaming service එක හරහා music stream කරගන්නත්, ඕන කරන songs, playlist වගේම albums සකසා ගන්නත් වගේම Google News හරහා විවිධ sources වලින් එන අළුත්ම video news බලන්නත් මේ Smart Display එක හරහා හැකියාව ලැබෙනවා.

Lenovo-Media-JohnLegend-tech-news-sinhala

මීට අමතරව TuneIn වගේ සේවාවක් භාවිතා කරමින් Radio අහන්නත්, Google Podcast හෝ Google Play Books වැනි සේවාවන් භාවිතා කරමින් Podcast හා audiobooks වලට සවන් දීමටත් මේ හරහා ඔබට අවස්ථාව ලැබෙනවා. Google Home device වල වගේම, ඔයා phone එකෙන් අහලා නතර කරපු තැන ඉඳන් නැවත පටන්ගන්නත් මේ Smart Display එකට පණ දෙන Google Assistant ට හැකියාව තියනවා.

TV සහ Video බලන්න

ඔයාට මොනවාහරි දෙයක් ගැන දැනගන්න ඕන වුණාම Youtube එකට ගිහින් search කරලා video හොයාගෙන play කරපු කාලය අවසන් කරමින් ඔන්න දැන් මේ Smart Display එක හරහා ඕන video එකක් ඉල්ලන්න අවස්ථාව ඔයාට ලැබෙනවා.

Lenovo-YT-GirlsMakingPasta-tech-news-sinhala

මීට අමතරව මේ සෑම Smart Display එකක් එක්කම ඔයාට YouTube Premium subscription එක මාස තුනක කාලයක් සඳහා නොමිලයේ ලැබෙනවා. ඒ වගේම දැනටමත් YouTubeTV membership එකක් ඔයාට තියනවා නම්, Live හෝ record කරන ලද TV Show එකක් බලන්න කරන්න තියෙන්නේ "Hey Google, watch ESPN" වගේ අවශ්‍යය කරන TV channel එක හෝ show එක ඉල්ලන එක විතරයි. මේ සේවාව නිසා තවදුරටත් TV එක බලන්න remote controller එකක් අවශ්‍යය වෙන්නේ නැහැ.

Recipe සහ පියවරනේ පියවර Cooking guides බලන්න

Lenovo-Recipe-Pork-tech-news-sinhala

මීට අමතරව Google Assistant ට පුළුවන් ඔයාට උයන්න උදව් කරන්නත්. ඒ කියන්නේ ඔයාට මොනවාහරි කෑමක recipe එක බලාගන්න ඕන නම්, ඔයාට තියෙන්නේ ඒක Google Assistant ට කියන්න විතරයි. ඒ අනුව පියවරෙන් පියවර ඔබට මග පෙන්නන්න මේ Google Assistant ට සහ Smart Display එකට හැකියාව තියනවා.

දවස organize කරගන්න

ගොඩක් වෙලාවට උදේ පාන්දරට ඔයාගේ Google Assistant ට "Hey Google, good morning" කියලා බලලා ඇති බොහෝ දෙනෙක්. ඉතින් මේ විධානය හරහා එම දිනයට අදාලව කාළගුණ විස්තර, වැඩට යන මාර්ගයේ මාර්ග තදබදය ගැන, reminders වගේම එදිනට අදාල ඔයාගේ agenda එක ගැන දීර්ඝ විස්තරයක් Google Assistant විසින් කියාගෙන යනවා. ඒ වගේම අන්තිමේදී ඔයා තෝරගත්තු සේවාවක් හරහා news play කරන්නත් එය කටයුතු කරනවා.

Lenovo-Weather-Sunny72-tech-news-sinhala

මේ හැම පහසුකමක් ම දැන් මේ Smart Display එක හරහාත් ලබාගත හැකි අතර මීට අමතරව ඔයාගේ shopping list එක මේ Smart Display එක හරහා සකස් කරගෙන, shop එකට ලඟා වුණු විට ඔබගේ ජංගම දුරකථනය හරහා ඒ දේවල් බලාගන්නත් මේ හරහා ඔබට අවස්ථාව ලැබෙනවා. එහෙමත් නැතිව කඩේ යන්න කම්මැලි නම් Google Express හරහා ඒ දේවල් ගෙන්නගන්නත් මේ Smart Display එක හරහා ම අවස්ථාව ලැබෙනවා.

Video calls ගන්න

Lenovo-Duo-VideoCall-tech-news-sinhala

මීට අමතරව Google Duo හරහා video calls ගන්නත් මේ Smart Display එක හරහා අවස්ථාව ලැබෙනවා. මේ හැම දේකටම කරන්න තියෙන්නේ කරන්න ඕන දේ Google Assistant ට කියන එක විතරයි.

මතකයන් අළුත් කරගන්න

Lenovo-AmbientScreen-KidwithIcecream-tech-news-sinhala

ඔයා මේ Smart Display එක භාවිතා කරන්නේ නැති වෙලාවට ඔයාගේ digital photo album එකක් screensaver එකක් විදිහට පෙන්වන ආකාරයට සකස් කරන්නත් පුළුවන්. ඒ වගේම ඒ අතරින් ඔයා කැමති මොනවාහරි මතකයක් තියනවා නම් Google Assistant ගෙන් එයට අදාල photos පෙන්වන ලෙස ඉල්ලා සිටීමෙන් එයට අදාල photos මේ Smart Display එක හරහා බලන්නත් ඔයාට පුළුවන්.

Smart home එක හසුරුවන්න

Smart Home devices ඔයාගේ නිවසේ තියනවා නම්, ඒ හැම එකක්ම වගේ මේ Smart Display එක හරහා හසුරවන්න දැන් ඔයාට අවස්ථාව තියනවා. උදාහරණයක් වශයෙන් ඔයාගේ ගෙදර nest cam සවිකර තිබෙනවා නම් "Hey Google, show me the family room" යන විධානය හරහා family room එකෙහි video දර්ශණ මෙම Smart Display එක හරහා බලාගන්න ඔයාට අවස්ථාව තියනවා. මීට අමතරව lights on/off කරන්න හෝ dim කරන්න වැනි වෙනත් ඕනෑම command එකක් මේ හරහා භාවිතා කරන්නට අවස්ථාව තිබෙනවා.

Lenovo-HomeAutomation-KitchenLight-tech-news-sinhala

මේ Lenovo Smart Display එක වර්ණ දෙකකින් සහ ප්‍රමාණ දෙකකින් වෙළඳපලට ඉදිරිපත් කර ඇති අතර, අඟල් 8ක් වන HD device එකක් ඇමෙරිකානු ඩොලර් 199.99 ක් වන අතර අඟල් 10ක් වන Full HD device එකක් ඩොලර් 249.99ක් ලෙස මිළ නියම කර තිබෙනවා. මේ මාදිලි දෙකම වොට් 10ක speaker එකකින් සමන්විත වන අතර Walmart, BestBuy.com, Amazon.com, Costco.com, SamsClub.com, Lenovo.com වැනි online store වලින් මෙය ලබාගතහැකි වෙනවා.

එමෙන්ම මේ Smart Display නිෂ්පාදනය Lenovo වලට පමණක් සීමා නොකොට JBL, LG වගේ තවත් සමාගම් සමඟින් එකතුව නිෂ්පාදන කටයුතු අරඹන්න Google සමාගම කටයුතු කරන බව වැඩිදුරටත් ඔවුන් පවසා සිටිනවා.