පසුගිය මාස කිහිපය පුරාවටම WhatsApp වලට විවිධ ආකාරයේ වෙනස්කම් රාශියක් එකතු කරන්නට WhatsApp සමාගම කටයුතු කළා ඔයාලා දකින්න ඇති.

Call එකක් අතරතුරදී voice call එකකින් video call එකකට මාරු වීමේ හැකියාව, group admin වරයෙකුට අදාල group එක තුළ පණිවිඩ යැවීමට අදාල settings ලබා දීම වගේම Forward කරන ලද පණිවුඩ "Forwarded" ලෙසින් label කිරීමටත් මෑතකදී ඔවුන් කටයුතු කළා.

ඔන්න දැන් group video calls සහ voice calls ලබා ගැනීමේ පහසුකම මේ WhatsApp එකට එකතු කරන්නට WhatsApp සමාගම කටයුතු කර තිබෙනවා.

Group Video calls කියන්නේ අපිට අළුත් දෙයක් නම් නෙවෙයි. Google Hangouts වලට මේ feature එක වසර ගණනාවක් තිස්සේ තියන feature එකක්. නමුත් ලොව වඩාත් ජනප්‍රියම instant messaging සේවාව වන WhatsApp එකට මේ පහසුකම් අඩුවක් ව පැවති බව අමුතුවෙන් කියන්න ඕන නැහැ.

මේ පහසුකම හරහා පුද්ගලයින් 4 දෙනෙකු දක්වා එකවර සම්බන්ධ විය හැකි අතර මෙය ආරම්භ කළ හැක්කේ දෙදෙනෙකු අතර call එකක් ලබා ගැනීමෙන් පසු එයට "Add Participant" යන button එක හරහා තවත් පුද්ගලයින් එකතු කරගැනීමෙනි.

WhatsApp-Group-Voice-Video-Calls-tech-news-sinhala

මේ WhatsApp එකට voice call මුලින්ම ඇතුලත් කරන ලද්දේ 2015 වර්ෂයේදී වන අතර මේ වන විට මිනිත්තු බිලියන දෙකක පමණ කාළයක් තම භාවිතා කරන්නන් විසින් දිනක් ඇතුලතදී calls ලබාගන්නා බව ඔවුන් පෙන්වා දෙනවා.

මීට අමතරව මෙම ලබාගන්න group calls ද ඔවුන්ගේ අනෙකුත් calls හා messages ආකාරයෙන්ම end-to-end encrypt කර ඇති බවත් ලොව පුරා පැතිර පවතින විවිධ network මත සාමාන්‍යය පරිදි මෙම පහසුකට භාවිතා කිරීමට හැකියාව ලැබෙන පරිදි optimize කිරීමට කටයුතු කර ඇති බවත් ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.

මේ පහසුකම සහිත අළුත් update එක මේ වෙනකොට Android සහ iOS වලට නිකුත් කරන්නට WhatsApp සමාගම කටයුතු කර තිබෙන අතර මීට අමතරව Notification වලට "Mark as Read" යනුවෙන් තවත් quick action button එකක් එකතු කිරීමටත් ඔවුන් මේ වන විට කටයුතු කරමින් පවතින බව වාර්ථා වෙනවා.