AWS එහෙමත් නැතිනම් Amazon Web Services කියන්නේ අහලා පුරුදු නමක් වගේ වුණත් ඇත්තටම මේක මොකක්ද කියලා බොහෝ දෙනෙක් දන්නේ නැතිව ඇති.

මේ AWS කියන්නේ Cloud IaaS platform එකක්. ඒ කියන්නේ ඔයාට ඕන කරන විදිහට computing power එක, RAM එක වගේ දේවල් භාවිතා කරමින් ඕන විදිහේ virtual machine එකක් නිර්මාණය කරගැනීම වගේ Cloud services වලට අවශ්‍යය කරන යටිතල පහසුකම් ලබාගන්න පුළුවන් සේවාවක්.

Infrastructure-as-a-Service-tech-news-sinhala

මේ AWS කියන්නේ cloud Infrastructure වෙළඳපලට පළමුවෙන්ම වගේ පැමිණි සේවාවක් වන අතර මේ වන විට අන්තර්ජාලයේ අපි එදිනෙදා භාවිතා කරන විවිධ සේවාවන් ඔවුන්ගේ යටිතල පහසුකම් සපුරාගැනීම සඳහා භාවිතා කරන්නේ මේ AWS සේවයයි.

කොහොම වුණත් මේ වෙනකොට මේ AWS එක බිඳ වැටීමකට ලක් වුණොතින් අන්තර්ජාලයෙන් විශාල කොටසක් එකවර බිඳ වැටෙන තත්ත්වයට පත් වෙලා තියනවා. පසුගිය වසර අවසන් වන විට cloud market එකෙන් 40% ප්‍රමාණයක් AWS සතු වුණු අතර Netflix, Pinterest, Slack මෙන්ම Spotify, Airbnb, Expedia වගේ විශාල පරාසයක සේවාවන් රැසක් මේ වන විට AWS මගින් ඔවුන්ගේ Infrastructure ලබා ගැනීමට කටයුතු කරනවා.

aws-enterprise-customers-tech-news-sinhala

පසුගිය මාර්තු මාසයේදී මෙන්ම මේ මාසයේ මුල් සතියේදී AWS එක යම් මට්ටමකින් බිඳ වැටීමකට ලක් වීම පිළිබඳව සමහර විට ඔබ දැනුවත් ඇති. මෙය බොහො විට submarine cable එකක් බිඳ වැටුනු විටදී ඇති වන තත්ත්වයට සමාන බවක් පෙන්නුම් කරන්නට සමත් වුණා.

මේ submarine cable කියන්නේ සාගරය මෙන්ම ගොඩබිම හරහා මහාද්වීප එකිනෙක යා කර ඇති cable සමූහයක් වන අතර මෙහි පැතිරීම submarinecablemap.com කියන වෙබ් අඩවියෙන් ඔබට බලාගන්න අවස්ථාව තිබෙනවා.

submarine-cable-map-tech-news-sinhala

එයින් එකක් හෝ කිහිපයක් බිඳ වැටීමකදී බොහෝ වෙලාවට විශාල ප්‍රදේශයකට අන්තර්ජාල සබඳතාවය එකවිට ඇණහිටීමකට ලක් වෙනවා. වසර කිහිපයකට පෙර ලංකාවටත් මෙවැනි අවස්ථාවකට මුහුණ දීමට සිදු වුණා ඔබට මතක ඇති.

මේ cable පද්ධතිය අපට නොපෙනෙනවාක් මෙන්ම AWS භාවිතා කරන සේවාවන් හඳුනාගැනීමට ද අපට ක්‍රමයක් මේ වෙනතුරු තිබුණේ නැහැ. නමුත් දැන් පහත දැක්වෙන utility එක හරහා AWS සම්පූර්ණයෙන්ම block කර අන්තර්ජාලය භාවිතා කර බලන්නට අවස්ථාව ලැබෙනවා.

MAC | Linux

මෙහිදී සිදුවන්නේ Amazon Web Services වලට අදාල සියළුම IP Address block කිරීම මගින් එම සේවාවන් තාවකාලිකව අත්හිටුවීමට කටයුතු කිරීමයි.

කොහොම නමුත් මෙය භාවිතා කිරීමට නම් යම්කිසි මට්ටමක terminal එක හැසිරවීමේ දැනුමක් අවශ්‍යය වෙනවා. ඒ වගේම මෙය වැඩි වේලාවක් එක දිගට භාවිතා කිරීමට නොහැකි තරමට දැන් AWS එක ව්‍යාප්ත වෙලා තියනවා. බොහෝ සේවාවන් සම්පූර්ණ වශයෙන්ම බිඳ වැටීමට ලක් වන අතර තවත් සමහර සේවාවන් වල images, apps මෙන්ම advertisement පෙන්වීමද බිඳ වැටීමට ලක් වනු ඔබට දැකිය හැකි වනු ඇත.