අද දින, එනම් 2019, සැප්තැම්බර් මස 13 වැනි දින වන විට OnePlus සමාගමේ OxygenOS එක එළිදක්වා දින 1,500ක කාලයක් සම්පූර්ණ වන බව OnePlus සමාගම විසින් දන්වා සිටිනවා.

මෙම අවස්ථාව සැමරීම වෙනුවෙන් #OxygenOS යන hashtag එක සහිත සෑම tweet එකක් සඳහාම ගසක් පැළ කිරීමට ඔවුන් තීරණය කර තිබෙන බව OnePlus ආයතනයේ සේවකයෙකු විසින් OnePlus community එක හරහා ප්‍රකාශ කර සිටිනවා.

මේ වෙනුවෙන් දායක වීමට OnePlus community එකේ සිටින පිරිසට අවස්ථාව ලබාදී ඇති අතර මෙම ලිපිය කියවන ඔබ හටත් ඒ සඳහා දායක වීමේ හැකියාව ලැබෙනවා.

ඒ වෙනුවෙන් ඔබ කළ යුත්තේ මේ link එක click කිරීම හරහා හෝ වෙනත් ආකාරයකින් #OxygenOS යන hashtag එක යොදාගෙන tweet එකක් පළ කිරීම පමණයි.

එම කටයුත්ත සිදු කිරීමෙන් අනතුරුව එය ඇගයීම සඳහා නිළ OnePlus twitter account එක හරහා ඒ වෙනුවෙන් certificate එකක් එවීමට ද ඔවුන් කටයුතු කරනු ලබනවා.

මේ ආකාරයෙන් tweet පළ කිරීම සඳහා සැප්තැම්බර් 13 වැනි දින සිට සැප්තැම්බර් 14, එනම් හෙට දින දක්වා කාලය ලබා දී ඇති අතර, මෙවැනි tweet, retweet කිරීම ගණනය කිරීම් සඳහා ඇතුලත් නොකරන බවත් ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.

ගස් සිටුවීමේ කාර්යය සඳහා WWF India ආයතනය සමඟින් එක්ව කටයුතු කිරීමට OnePlus ආයතනය කටයුතු කර ඇති අතර, මෙම කටයුත්ත ඉදිරියේදී කොටස් වශයෙන් සිදු කිරීමට නියමිත වන නමුත්, ඒ සෑම කටයුත්තක්ම මෙයට සහභාගී වන පුද්ගලයන් හට දැකගැනීමේ හැකියාව ලබාදීමට ඔවුන් බළාපොරොත්තු වෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ OnePlus community එක සහ XDA-Developers වෙබ් අඩවිය භාවිතා කළ හැක.