Sony සමාගම සහ Samsung සමාගම් ද්විත්වයම මේ වන විට ජංගම දුරකථන වලට සරිලන ආකාරයේ මෙගාපික්සෙල් 48ක image sensors එළිදැක්වීමට කටයුතු කර ඇති අතර, මෙම image sensors ඇතුලත් කරන ලද ජංගම දුරකථන නුදුරු අනාගතයේදී වෙළඳපොලට එන බව මේ වන විට දැනගන්නට ලැබෙනවා.

Huawei සමාගම විසින් ඔවුන්ගේ Honor View 20 ජංගම දුරකථනය සඳහා Sony සමාගම විසින් නිෂ්පාදනය කළ IMX586 නම් වූ image sensor එක අන්තර්ගත කිරීමට සූදානමින් සිටින අතර Samsung සමාගමේ Infinity O වර්ගයේ display එකකට සමාන වන display එකකින් මෙන්ම Huawei Kirin 980 processor එකකින් ද මෙය සමන්විත වෙනවා.

මීට අමතරව Xiaomi සමාගමද මේ ආකාරයේ 48-megapixel camera එකක් සහිත ජංගම දුරකථනයක් එළඹෙන මාස කිහිපය ඇතුලත එළිදැක්වීමට සූදානම් වන බව එහි සම-නිර්මාතෘවරයෙකු වන Lin Bin විසින් weibo වෙබ් අඩවිය හරහා ප්‍රකාශයක් සිදු කර තිබෙනවා.

කොහොම වුණත් මීට ඉහතදී Nokia සමාගම විසින් මෙවැනි 41-megapixel පමණ වූ camera එකක් සහිතව ඔවුන්ගේ Lumia 1020 ජංගම දුරකථනය එළිදැක්වීමට කටයුතු කළත්, Megapixel යන සංකල්පය භාවිතා කර image එකක quality එක මැනගත නොහැකි බවට කදිම නිදසුනක් පෙන්වන්නට ‍එය සමත් වුණා.

නමුත් මේ වන විට මීට අදාල වන තාක්ෂණය හා software ඉතාමත් දියුණු වී පවතින නිසාවෙන් මේ පිළිබඳව යහපත් බළාපොරොත්තුවක් තබාගතහැකි වෙනවා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය හා XDA-Developers වෙබ් අඩවිය භාවිතා කළ හැක.