අපි එදිනෙදා  භාවිතා කරන බොහෝ Social Media App වල මේ වන විටත් කෙටි Voice Message යැවීමේ හැකියාව දැකගන්න පුලුවන් වගේම මෙය බොහෝ දෙනෙක් ඉතාමත් කැමති අංගයක් බවට පත්වෙලා තියෙනවා.

අපි බහුතරයක් දෙනා එදිනෙදා භාවිතයට ගන්නා Facebook සමාගමට අයිති WhatsApp Messenger වගේම Facebook Messenger වලත් මේ වන විට මෙය ඉතාමත් ජනප්‍රිය අංගයක් බවට පත්වී තිබෙනවා.

ඉතින්  ඔන්න දැන් මේ පහසුකම Instagram App එකටත් ලබා දෙන්න Facebook සමාගම කටයුතු කරලා තිබෙනවා. ඔයාට තවමත් මෙම පහසුකම නොලැබුනේ නම් ඔයාගෙ Instagram App එක update කර ගෙන මේ පහසුකම අත්විදින්න හැකියාව මේ වෙනකො‍ටත් ලැබිලා තියෙනවා.

විශේෂයෙන්ම Type කිරීමට අපහසු අවස්ථාවකදී එසේත් නැත්නම් ඉක්මණින් කෙටි පණිවිඩක් පැහැදිලිව කෙනෙකුට ලබාදීමට අවශ්‍යය අවස්ථාවකදී මේ පහසුකම ගොඩක් ප්‍රයෝජනවත් අංගයක් වනු ඇති අතර මේ හරහා විනාඩියට අඩු කාළසීමාවක Voice Message එකක් හැවීමේ හැකියාව පවතිනවා.

මේ පහසුකම භාවිතයෙන් ඔයාට Voice Message එකක් යවන්නට අවශ්‍යය වුනොත් කරන්න තියෙන්නේ, text entry box එකෙහි පසෙකින් තිබෙන microphone button එක මත Tap කරගෙන, අවශ්‍යය පණිවිඩය පැවසීමෙන් අනතුරුව එය අතහැරීමෙන් ඔබේ Voice Message එක අවශය පුද්ගලයා වෙත යැවෙන අතර Record කරන අතරතුර ඔබට අවශනම් එසැනින් Voice Message එක delete කිරීමේ හැකියාවත් Instagram Voice Message වල දැකගන්න පුලුවන්.

මේ පිළිබඳව වැඩි විස්තර දැනගැනීම සඳහා Tech Crunch වෙබ් අඩවිය හා The Next Web වෙබ් අඩවිය භාවිතා කළ හැක.