පසුගිය නොවැම්බර් 07 වැනිදා Samsung සමාගම විසින් ඔවුන්ගේ Developer Conference (SDC 2018) එක පැවැත්වීමට කටයුතු කළා මතක ඇති.

එම event එක අතරතුරදී පළමුවෙන්ම එළිදැක්වීමට කටයුතු කළ Infinity-U, Infinity-V, Infinity-O යන වර්ගයේ display අතරින් Infinity-O යන මාදිලියට සමාන වර්ගයේ display එකක් සහිත ජංගම දුරකථනයක් Samsung සමාගමට ප්‍රථමව නිකුත් කිරීමට Huawei සමාගම සූදානම් වන බවක් දැනගන්නට ලැබෙනවා.

Samsung Developer Conference (SDC 2018)

මේ අනුව display එකෙහි ඉහළ කොටසේ වූ notch එක ඉවත් කරමින් camera එකට අවශ්‍යය ඉඩ ප්‍රමාණය පමණක් ලබා ගැනෙන අතර මීට සමාන වන image එකක් චීන සමාජ ජාල වෙබ් අඩවියක් හරහා නිකුත් කිරීමට Huawei සමාගම කටයුතු කර තිබෙනවා.

කොහොම නමුත් Samsung සමාගම ඔවුන්ගේ ප්‍රථම Infinity-O වර්ගයේ display එකක් සහිත ජංගම දුරකථනය වන Samsung Galaxy A8S ජංගම දුරකථනය ලබන වසරේ ජනවාරි මස නිකුත් කිරීමට නියමිත වන බව දැනගන්නට ලැබෙනවා.

මීට අමතරව camera එක display එක යටින් පිහිටුවීමට හැකි තාක්ෂණයක් ද Samsung සමාගම විසින් ‍මේ වන විට අත්හදා බලමින් පවතින අතර එය වෙළඳපොලට නිකුත් කිරීමට තවත් කාලයක් ගත වනු ඇති බවටත් තොරතුරු වාර්ථා වෙනවා.

මේ වර්ගයේ ජංගම දුරකථනයක් ලොවට හඳුන්වා දීමේ ප්‍රථමයා වීමට සූදානම් වෙමින් Huawei සමාගම මෙම වසරේ දෙසැම්බර් මස ඔවුන්ගේ අලුත් ජංගම දුරකථනය ගැන වැඩි විස්තර හෙළි කිරීමට කටයුතු කරනු ලබන බව The Verge වෙබ් අඩවියට ප්‍රකාශ කර තිබෙනවා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය සහ Android Authority වෙබ් අඩවිය භාවිතා කළ හැක.