Tesla ගැන මේ වෙනකොට නොදන්නා කෙනෙක් නැති තරම්. ඒ වගේම Tesla ගැන දන්න ඕනම කෙනෙක් Elon Musk ගැනත් අනිවාර්යයෙන්ම වගේ දන්නවා. සමහරවිට ඔබ ඔහුට අයිති Booring Company එක ගැනත් මේ වන විට දන්නවා ඇති.

Booring Company එක කියන්නේ infrastructure සහ tunnel නිර්මාණය කිරීම වෙනුවෙන් Elon Musk විසින් 2016 වර්ශයේදී ආරම්භ කරන ලද ආයතනයක්. ඔයා මේ ගැන interest නම් ටිකක් හොයලා බලන්න Elon Musk ගැන වගේම මේ ආයතනය ගැනත් ඉතාමත් රස කතා ගොඩක් තියෙනවා.

ඉතින් මේ Booring Company එක නිර්මාණය කරන්නේ අපිට තිබෙන traffic ප්‍රශ්ණයට විසඳුමක් ගෙන ඒමේ අරමුණ පෙරදැරි කරගෙනයි. පසුගියදා ඔවුන් විසින් නිර්මාණය කරන ලද උමඟක එම ආයතනය විසින් Tesla Model X රථයක් යොදාගෙන මෙම ප්‍රවාහන කරතව්‍යය test කර බලන්නට යෙදුණා.

හොඳින් බැළුවොතින් ඔයාට පේනවා ඇති මේ මෝටර් රථය ධාවනය වෙන්නේ track එකක උඩින් බව. මේ උමං මාර්ග වාහන ධාවනයට නොව වාහන ප්‍රවාහනය මූලික කරගෙන නිර්මාණය කර ඇති බව එමගින් ඔබට හිතාගන්න පුළුවන් ඇති. එමෙන්ම මෙම tracks මත ධාවනය වන high-speed pods නිර්මාණය කිරීමට Tesla සමාගම අදහස් කරගෙන සිටිනවා.

ඒ අනුව දැන් ඔබ දුම්රියට ගොඩ වන්නා සේ අනාගතයේදී ඔබට තමන්ගේ මෝටර් රථයත් සමගින්ම එවැනි සේවාවක් භාවිතා කිරීමට අවස්ථාව ලැබෙනවා මෙන්ම මෙම ක්‍රමය මගින් දැනට traffic පවතින ප්‍රදේශ මගහැර තමන්ට අවශ්‍යය ගමනාන්තයට ලඟින්ම ඇති station එකට ගමන් කිරීමට කදිම ක්‍රමයක් වනු ඇත.