iPhone X එකේ පෙනුමට ආස කරපු හැමෝටම ඔන්න දැන් ඊටත් වඩා ලස්සන විදිහේ smartphone එකක් ගැන news එකක් ඇවිත් තිබෙනවා. මේ ආරංචිය Oppo සමාගමේ අළුත්ම smartphone එක වෙන Oppo Find X කියන phone එක ගැනයි.

මෙහි bezels පෙනෙන්නටම නැති අතර screen-to-body ratio එක 93.8% ක් ලෙස වාර්ථා වෙන බව leak වුණු තොරතුරු වල දැක්වේ.

ඔයාලට මතක ඇති මම මීට ටික දවසකට කලින් සඳහන් කළා Vivo Nex phone එක ගැනත්. එහි screen-to-body ratio එක 91.24% ක් ලෙස තමයි වාර්ථා වුණේ. ඒ වගේම සුප්‍රසිද්ධ iPhone X එකේ මේ අගය 82.9% වන අතර Galaxy S9 එකේ 83.6% ක් වෙනවා.

මේ අළුත් phone එක ගැන තාමත් වැඩි විස්තර සොයාගැනීමට නොමැති අතර අනුමාන කළ හැකි අන්දමට Snapdragon 845 SoC එකකුත් 6GB හෝ 8GB RAM එකකුත් මෙන්ම අඟල් 6.4 ක පමණ screen එකකුත් මේ smartphone එකට ඇතුලත් වියහැකි බව තමයි බොහෝ දෙනා විශ්වාස කරන්නේ.

එමෙන්ම මෙහි leak වූ video එකක් ද මේ වනවිට ප්‍රසිද්ධියට පත්ව තිබෙනවා. පහලින් ඔබට එය නැරඹිය හැකි වේ.