ජංගම දුරකථන සඳහා Alexa භාවිතා කර ලබාගත හැකි අත්දැකීම වැඩිදියුණු කිරීමේ උත්සාහයක් ලෙස Amazon සමාගම විසින් මෑතකදී iOS සහ Android සඳහා Alexa app එකට නව hands-free experience එකක් ලබාදීමට කටයුතු කළා.

නමුත් එම නව විශේෂාංගය සමඟ වුවද Amazon Alexa හට Google Assistant හෝ Siri වැනි සේවාවන් ඔවුන්ගේ mobile operating systems සමඟ සම්බන්ධ වී ඇති ලෙස සම්බන්ධ වීමට හැකියාව නොමැති වන අතර, නිදසුනක් ලෙස මෑතකදී නිකුත් කරන ලද hands-free experience එකද මුළු මනින්ම hands-free නොවීම ද පෙන්වාදිය හැකි වෙනවා.

එයට හේතුව එම විශේෂාංගය මඟින් ඔබට voice command එකක් ලබාදීමට පෙර දුරකථනය unlock කර Alexa app එක විවෘත කිරීමට සිදුවන අතර ජංගම දුරකථනයේ Alexa භාවිතා කරන විට ඔබට මුහුණ දීමට සිදුවිය හැකි තවත් අඩුපාඩුවක් නම් එයට voice commands භාවිතයෙන් apps විවෘත කළ නොහැකි වීමයි.

කොහොම නමුත් The Verge වෙබ් අඩවිය විසින් මෑතකදී වාර්ථා කළ වාර්ථාවකට අනුව Amazon සමාගම විසින් Alexa app එක සඳහා නව විශේෂාංගයක් හඳුන්වාඳීම සඳහා කටයුතු කරමින් සිටින අතර එමඟින් පරිශීලකයින් හට voice commands භාවිතා කරමින් Android සහ iOS apps දෙකම විවෘත කිරීමට අවස්ථාව ලැබෙනවා.

එම විශේෂාංගයේ preview එක Alexa for Apps ලෙස දැනටමත් හඳුන්වා දීමට කටයුතු කර ඇති අතර එම එහි හැකියාවන් තවදුරටත් වැඩි දියුණු කිරීම සඳහා තොරාගත් app developer වරුන් සමඟ කටයුතු කරන බවද වාර්තා වෙනවා.

You Can Now Seamlessly Connect Alexa Skills to Mobile Apps

මෙම app integration එක හරහා Amazon Alexa හට voice command එකක් මඟින් Twitter app එක open කර hashtag එකක් search කිරීම වැනි සංකීර්ණ කාර්යයන්ද කිරීමට හැකියාව ලැබෙන අතර Amazon සමාගම විසින් වාර්ථා කරන පරිදී TikTok app එක launch කිරීමට සහ hands-free video record කිරීම වැනි දේ voice command මඟින් කිරීමට ද පරිශීලකයින් හට හැකියාව ලැබෙනවා.

Amazon සමාගම බලාපොරොත්තු වන්නේ එවැනි app integrations ජංගම උපාංගවල Google Assistant සහ Siri සමඟ තරඟ කිරීමට Alexa හට උදව් වනු ඇති බවයි, කෙසේ වෙතත් මේ සඳහා තවමත් විශාල බාධාවක් ඇති බව දැකගත හැකි වෙනවා.

ඒ මෙවැනි app integrations වලට Amazon සමාගම විසින් app developer වරුන් සමඟ එකතු වී, ඔවුන්ගේ apps වල මේ නව විශේෂාංගයට සහාය ලබාදීමට හෝ නව app launching format එකක් සමඟ වැඩ කිරීම වෙනුවෙන් වන Alexa skills නැවත සකස් කිරීමට අවශ්‍ය වීමයි.

Amazon සමාගම මෙම පහසුකම beta version එකක් ආකාරයෙන් වඩාත් පුළුල් ලෙස මුදා හැරීමට පෙර preview ආකාරයෙන් එළිදක්වන්නේ මේ ‍හේතුව නිසා වන බව XDA-Developers වෙබ් අඩවිය පෙන්වා දෙනවා.

නව app integrations වලට සමගාමීව Amazon ආයතනය විසින් Alexa සඳහා වඩාත් දක්ෂ සංවාදශීලී AI model එකක් සඳහා beta testing එකක් නිවේදනය කර ඇති අතර එමඟින් පරිශීලකයින්ට හට කතා කිරීමේදී වඩාත් ස්වාභාවිකව ලෙස කටයුතු කිරීමට අවස්ථාව ලැබෙනවා.

අවසාන වශයෙන් සමාගම quick links නමින් තවත් beta අංගයක් හඳුන්වා දී ඇති අතර එමඟින් mobile apps, websites සහ ads වලින් Alexa skills launch කිරීමට developer වරුන් හට ඉඩ සැලසෙනු ඇත.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා XDA-Developers වෙබ් අඩවිය, The Verge වෙබ් අඩවිය සහ Amazon Developer blog අඩවිය භාවිතා කළ හැක