WhatsApp ආයතනය විසින් හඳුන්වාදීමට සූදානමින් සිටින නව Privacy policy එක නිසා ලොව පුරා මිලියන ගණන් වූ පරිශීලකයින් WhatsApp හැර යමින් සිටින පසුබිම තුළ, යලිත් සිය platform එක නව features කිහිපයක් සමග අලුත් කරන්නට WhatsApp සූදානමින් සිටිනවා.

ඒ අනුව නුදුරේදීම ඔබට WhatsApp ඔස්සේ වීඩියෝ එකක් යවන විට එය mute, එහෙම නැතිනම් එම වීඩියෝ එකේ තිබෙන audio අන්තර්ගතය ඉවත් කර, යැවීමට හැකියාව ලැබෙනු ඇති අතර, වීඩියෝ එක ලබන්නාටද එය එම ආකාරයෙන්ම ලැබෙනු ඇති.

WA beta info වාර්තාවකට අනුව මෙම නව පහසුකම, WhatsApp beta program එක තුළ සිටින පරිශීලකයන් හට දැනටමත් ලබා දී අත්හදාබලමින් සිටින බව දැනගන්නට ලැබෙනවා.

WhatsApp හරහා වීඩියෝ එකක් යවන විට දැන් video seek bar එකට පහළින් Sounds logo එකක් දක්වා තිබෙන අතර, එය click හෝ unclick කිරීම මඟින් ඔබට, ඔබ යවන වීඩියෝ එක කල් ඇතුවම Mute හෝ Un-mute කල හැකියි.

මීට අමතරව, එකවර එකිනෙකට වෙනස් devices කිහිපයක log විය හැකි multi-device support feature එක සම්බන්ධයෙන්ද WhatsApp ආයතනය විසින් development කටයුතු සිදුකරමින් සිටින බව වාර්තා වන අතර, එයද ඉතා ඉක්මනින්ම පරිශීලකයින් වෙත ලබාදීමට නියමිත වෙනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා TechRadar වෙබ් අඩවිය සහ Gizmochina වෙබ් අඩවිය භාවිතා කළ හැක.