සාමාන්‍යයෙන් අපි Facebook post එකක් දැම්මහම ඉබේම යම් මුලික අදියරේ පරික්ෂා කිරීමකට ලක්වෙනවා. එය සිදුවෙන්නේ Facebook botsලා / ඇල්ගොරිතම මඟින්. මේ බෝට්ස්ලා එහෙම නැති නම් මේ ස්වයංක්‍රිය වැඩසටහන් මඟින් අපි පළ කරන ලිපි, ඡායාරූප scan කිරීමක් සිදුවෙනවා.
එහි අඩංගු වචන හෝ සංකේත Facebook Community Standards වලට එරෙහිව නොයන්නේ නම් එය පළ කරන්න අවස්තාව ලැබෙනවා.
එය යම් අකාරයකින් Community Standards වලට එරෙහිව යන්නක් නම්,උදාහරණ විදිහට අතිශයින් සංවේදී ඡායාරූපයක් හෝ එවැනි යමක් Thumbnail (වීඩියෝ පෙර දසුනක්) ලෙස හෝ පළ කර තිබේ නම්, Copyrights පිලිබඳ ගැටළු සහිත කන්ටෙන්ට් වැනිදෑ, තිබේ නම් එය ඉවත් කරගන්නා ලෙස දැනුම්දීමක් සිදු කරනවා.
ඊට අමතරව Copyrights ගැටළු ඇති සංගීතමය කොටස් ඇති නම් ඒවා mute වීම සිදු වෙන අතර අසභ්‍ය දෑ අඩංගු නම් මේ පළමු scan එකේදීම එය ඉවත් වෙන්නට හෝ ඔබේ ගිණුමට පළ කිරීමේ ඉඩ අහුරනවා.
මේ හේතු නිසා ඔබේ ගිණුම අක්‍රීය වුනොත් ඔවුන් ගන්නා තීරණය පිළිබඳව දෙවන වර review එකක් සඳහා ඉල්ලීමක් කරන්න අවස්තාව ලැබෙනවා. හැබැයි ඉතින් මේ දෙවැනි review එක ඉල්ලන එකේ ඔබට ඵලක් හිමිවෙන්නේ Community Standards වලට එරෙහිව ඔබ කටයුතු කරලා නෑ කියලා තීරණය වුනොත් විතරයි.
කොහොම නමුත් මේ post එක පරිශීලකයා පළ නොකරන ලද එකක් නම් (ගිණුම් හැක් වීමක් වැනි දෙයක් හෝ වෙන අයෙකු විසින් පරිශීලක අනුදැනුම නොමැතිව පළ කරන ලද්දක් නම්) එය ඉවත් කර, ගිණුමේ ආරක්ෂාව වැඩි කර ගැනීමට ඇල්ගොරිතම ක්‍රියාත්මක වෙනවා. පරිශීලක අනන්‍යතාව තහවුරු කර ගැනීමට විවිධ options ලබා දෙනවා. එතෙක් එය draft එකක් ලෙසින් ඔවුන් එය රඳවා ගන්නවා.
දෙවන වර review කිරීමේ දී එය Facebook Community Standards සඳහා නොගැලපෙන්නේ නම් එය ඉවත් කළ බවත් ඔබට දැනුම් දෙනවා. මේ සඳහා සාමාන්‍යයෙන් දිනක් හෝ දෙකක් පමණ කාලයක් ගත වෙන්නට ඉඩ තියෙනවා. ( කොරෝනා තත්වයන් නිසා ඊට මදක් වැඩි කාලයක් ගතවන්නටත් ඉඩ තිබෙනවා).
Post එකක්, පෞද්ගලික ගිණුමක් හෝ page එකක් වුණත් report වීමේ දී මුලික ක්‍රියාවලිය සිදුවන්නේ ඉහත සඳහන් කළ ආකාරයටම තමයි. උදාහරණයක් විදිහට ලංකාව තුළ සිදු වූ ත්‍රස්ත ක්‍රියාවන් සම්බන්ධව ලිපි සහ ඡායාරූප පළ කළ Facebook පිටු සහ ගිණුම් report වීම සහ disable වීම ගනිමු. මේ ක්‍රියාවලිය දෙයාකාරයකට වෙන්නට පුළුවන්.
පළමු ක්‍රමය තමයි ඔවුන් දමන ලද postවල අන්තර්ගතය සමාජයට හානි දායක බව අනෙක් පරිශීලකයන් Facebook සමාගම වෙත report කිරීම නිසායි. අනික නම් මුලික පරීක්ෂාවන්වල දී හසු නොවුණු, Facebook Community Standards සමග නොගැලපෙන යමක් Facebook ඇල්ගොරිතම වෙත පසුව හමු වූ නිසා වෙන්න පුළුවන්.(මෙය ඉබේ සිදුවන ක්‍රියාවලියක්) මේ scan වීම සිදුවන්නේ ඇල්ගොරිතම වෙත ලබා දුන් keywords (ඉලක්ක ගත වචන)වැනි දේවල් භාවිතයෙන්. මේ පරික්ෂාව වෙත ඔහුගේ post එකට ලැබෙන ප්‍රතිචාර (comments) පිළිබඳවත් සලකා බැලෙනවා. ඉන් අනතුරුව තමයි ඒ වෙත අදාළ ක්‍රියාමාර්ගය ගැනෙන්නේ.
රිපෝර්ට් කරලා Account ගැලවීම
ඒ වගේ ම නිතරම Facebook පිටුවක් හෝ ගිණුමක් පිළිබඳ ව අනෙක් පරිශීලකයන්ගෙන් report වීම් පැමිණෙනවා නම්, ඒ ගිණුම් හෝ පිටුව පිළිබඳ ව, එහි අන්තර්ගතයන් ගැන වගේම ඒවාට පුද්ගලයින් දක්වන ප්‍රතිචාර පිළිබඳවත් සලකා බැලීමක් සිදුකෙරෙනවා. විශේෂයෙන් අදාළ report වීම් පැමිණෙන්නේ කුමන කාණ්ඩයක් යටතේ ද යන්න ගැනත් ඒ අනුව ගත යුතු ක්‍රියාමාර්ග ගැනත් තීරණය කෙරෙනවා. බෝහෝ විට මේ සියලු කටයුතු සඳහා ඒ එක් එක් කාර්යයන්ට විශේෂිත වූ බොට්වරුන්, ඇල්ගොරිතමයන්ක්රියාත්මක වෙනවා. ඉස්සර වගේ ගොඩක් account වලින් report කළා කියලා account හෝ අදාළ post ඉවත්වීම සිදු වෙන්නේ නැහැ.
Report වීමක් හෝ disable වීමක් සිදු වූ විට comments දැමීම පිළිබඳව
මේ, Facebook භාවිතා කරන බොහෝ දෙනෙකු අතර තිබෙන මිත්‍යා විශ්වාසයක්. සාමාන්‍යයෙන් තරමක් වැඩි reach එකක් තිබෙන වැඩි පිරිසක් ගැවසෙන page සහ profile, disable වීම අනෙක් සාමාන්‍ය profileවලට සාපේක්ෂව යම් කාලයක් ගත වෙනවා.
නමුත්, මෙවැනි වාතාවරණයන් හි දී ඒ පිළිබඳ ව විශේෂයෙන් සොයාබැලීමක් සිදුවෙනවා. likes හෝ reach වෙන ප්‍රමාණය ඔබේ Facebook පිටුව ආරක්ෂා වෙන්නට විශේෂ හේතුවක් නොවන බව හොඳින් මතක තබාගත යුතු යි. එයට හොඳම උදාහරණය සපයන්නේ Sarcasm Facebook පිටුව යි. මිලියන ගණනක් likes තිබුණු ඒ පිටුවත් කාලයක් තිස්සේ disable වීමකට ලක් වී තිබුණා.
Stickers හෝ comments දැමීමෙන් disable වීමෙන් වැළකෙන්න කිසිම හැකියාවක් නම් නැහැ. බොහෝ දෙනෙක් මිත්‍යාවක් ලෙසින් විශ්වාස කරන මේ කරුණ නිසා බොර දියේ මාළුබාන අය අප ඕනෑතරම් දැක තිබෙනවා. මෙය හුදෙක් තමන්ගේ profile එකට හෝ page එකට reach/ likes ලබා ගැනීමට දරන කූට ප්රයත්නයක් වීමට ලොකු ඉඩක් තිබෙනවා.
කාගේ හෝ ඉල්ලීමකට, යම් කෙනෙකුට, හෝ පේජ් එකකට වැඩි වැඩියෙන් ස්ටිකර් කමෙන්ට්ස් ලබාදෙන විට ඔබ සියලු දෙනාගේ මිතුරු ලැයිස්තුවල සිටින යහළුවන්ට සහ ෆලෝවර්ස්ලට ඒක පේන්න තියෙන ඉඩ සෑහෙන වැඩි වෙනවා. (social dilemma චිත්‍රපටයත් නරඹන්න) එමඟින් අදාළ පුද්ගලයාගේ හෝ page එකේ reach වැඩි වීම පමණක් සිදුවෙනවා.
reach වැඩි කරගැනීම වරදක් නොවුණත් ඔබ නොදැනුවත්ව හෝ මුලාවට පත් වී "වැහෙන්න යන්නේ....!", “අහවල් ආගමෙන් මේ profile එක report කරනවා”, “මම අදාළ ලිපිය දාපු නිසා report වෙනවා, මෙච්චර ගාණක් comments දෙන්න” වැනි ප්‍රකාශයන් නිසා අනවශ්‍ය පුද්ගලයින්ට reach ලබා නොදෙන්න කියල මම ඔබෙන් ඉල්ලනවා.
Block වෙන්න තව හේතු මෙන්න?
- ඔබට මතක ඇති පසුගිය 2019 වසරේ ශ්‍රී ලංකා රජය යම් මට්ටමකට සමාජ මාධ්‍යය වාරණයක් පනවන්නට කටයුතු කළා. මෙය පනවන්නට හේතු වුණේ අසත්‍ය ප්‍රචාර, ප්රවෘත්ති තව තවත් ප්‍රචාරය වීම සහ සමාජය තුළ අනවශ්‍ය භීතියක් ඇති වීම වළක්වාලීම අරමුණු කරගෙනයි. ඔබ සමාජ මාධ්‍ය වාරණය තිබු සමයේ හෝ වර්තමානයේ Facebook වෙත පැමිණෙද්දී VPN හරහා රට විටින් විට මාරු කිරීම සිදුකළා නම් Facebook එක හරහා එය ඔබේ ගිණුමට වෙනත් රටවල පුද්ගලයින් ඇතුළු වෙනවා (අනවසර ඇතුළුවීමක්) ලෙසින් හඳුනාගැනීමට ලොකු ඉඩක් තිබෙනවා. එවිට ඔබේ ගිණුමේ ආරක්ෂාව තර කිරීමට security checking (අනන්‍යතාව තහවුරු කර ගැනීම) වැනි option එකක් භාවිතා වෙන්නට ලොකු ඉඩක් තිබෙනවා. මෙයත් සම්පුර්ණයෙන්ම පාහේ ස්වයංක්‍රීය ක්‍රියාවලියක්.
- Translation issues එහෙම නැති නම් පරිවර්තනමය ගැටළු නිසාත් ඔබේ ගිණුම තාවකාලිකව අකර්මන්‍ය වෙන්නට හැකියාව තිබෙනවා. තවමත් Facebook සමාජ ජාළය ප්‍රධාන භාෂාවක් කිහිපයක් මත පමණක් යැපෙන බව ඔබ දන්නවානේ.(ප්‍රධාන වශයෙන් ඉංග්‍රීසි භාෂාව මත තමයි) ඔබ ලියන ලද ලිපිය ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනයක් සිදු කර තමයි අදාළ ඇල්ගොරිතම සහ වැඩසටහන් මගින් එහි අන්තර්ගතයන් හඳුනා ගන්නේ. මේ ක්‍රියාවලියේ ගැටළු නිසා (නිවැරදි නොවන පරිවර්තනයන්) ඔබේ ලිපිය ගැටලුකාරී එකක් ලෙස මේ වැඩසටහන හඳුනා ගන්න ඉඩ තිබෙනවා. නමුත් මෙවැනි වරදක් නිසා ඔබේ ගිණුම අකර්මන්‍ය වුනොත් ඉතා ඉක්මනින් එය නිවැරදි කරගන්න ඔබට පුළුවන්. ඒ අදාළ අකර්මන්‍ය වීම පිළිබඳව Second Review එකක් එහෙම නැති නම් නැවත සලකා බැලීමක් කරන ලෙස ඉල්ලීමක් සිදුකිරීම මගින්.
- කුඩා දරුවන්ගේ ඡායාරූප දැමීම මගිනුත් ගිණුම් අකර්මන්‍ය වීමේ අවදානමක් තිබෙනවා. (ඔබේ ඔබ පළ කරන්නේ ඔබේ දරුවාගේ ෆොටෝවක් වුවත් මෙය සිදුවීමේ යම් සම්භාවිතාවයක් තිබෙන බව මතකයෙහි තබා ගන්න). මෙය Facebook වැඩසටන් වල තිබෙන එක්තරා අඩුපාඩුවක් ලෙස අපිට හඳුවන්න පුළුවන්. මේ ගැටලුව නම් ඉතා ඉක්මනින් නිවැරදි වේවි.(බොහෝ විට දිනෙන් දින ඉහළ යන ළමා අපයෝජනයන් වෙත වැට බැඳීම අරමුණු කරගෙන නිර්මාණය කරන ඇල්ගොරිතමයක ගැටළුවක් වන්නට පුළුවන්)
- අපහාසාත්මක හෝ තව අයෙකු අපහසුතාවයට පත්වෙන අන්දමේ යම් post එකක්,ඡායාරූපයක් එහෙම නැති නම් වීඩියෝවක් වැනි දෙයක් පළ කලොත් ඔබේ ගිණුම ඉතා ඉක්මනින් අකර්මන්‍ය වීමට හෝ අදාළ ලිපිය ඉවත්කරගන්නා ලෙස සිදු කෙරෙන දැනුම් දීමක් පැමිණෙන්නට විශාල ඉඩක් තිබෙනවා. විශේෂයෙන් අදාළ අපහසුතාවයට හා අගෞරවයට පත් පාර්ශවය විසින් සිදු කෙරෙන Report වීමක් ඉතා දැඩිව සලකා බැලෙනවා.
- Copyright claims කියන්නෙත් ඉතා ඉක්මනින් ගිණුමක් අහිමිවීමට ප්‍රධාන හේතුවක්. ප්‍රකාශන හිමිකම් නොසලකා හැරීම නීතිමය වශයෙන් ගත්විටත් ඉතා බරපතල වරදක් බව ඔබ දන්නවා. Youtube web අඩවිය භාවිතා කරන කෙනෙක් නම් මේ ක්‍රියාවලිය ඔබට නුපුරුදු කාරණයක් වන්නට හැකියාවක් නැහැ. Facebook ජාළය ඇතුලතත් අද වෙද්දී ඉතා දැඩිව මේ පිළිබඳව සලකා බැලෙනවා. ඔබට අයිතිය හිමි කන්ටෙන්ට් එකක් ( ලියන යමක්, ඔබට හිමි ඡායරූපයක්,වීඩියෝවක්,ඕඩියෝවක් වැනි දෙයක් ) Facebook සමාජ ජාලයේ ඔබේ අවසරයකින් තොරව වෙනත් කෙනෙකු විසින් පළ කරනවානම් එය ඉවත් කරවන්නට ඔබට හැකියාව තිබෙනවා. ඒ නිවැරදි ආකාරයෙන් Copyright claim එකක් සිදු කිරීම මගින්.
ඔබේ අතින් නොදැනුවත්ව හෝ එවැනි යමක් සිදු වුනොත් පළමු වර ඒ අදාළ content එක ඉවත් කිරීම සිදු වෙනවා. නමුත් දිගින් දිගටම එවැනි දේ සිදුවුනොත් ඔබේ ගිණුමේ අවසානය එය වන්නටත් ඉඩ තිබෙනවා.
- යම් news එකක් හෝ කරුණු සහිත ලිපියක් Facebook පළකරන්න හෝ share කරන්න කලින් යම් සොයා බැලීමක් කරන එක වටිනවා. අද වෙද්දී නම් Fact checking බොහෝ දුරකට සිද්ද වෙනවා එත් මේකත් ඔබේ ගිණුම අහිමි වෙන්න ප්‍රධාන හේතුවක්. (මේ ගැන වෙනම ලියන්නම්)
- මේ වෙද්දී යම් යම් දේශපාලනිකව ක්‍රියාකාරී ස්වාමීන්වහන්සේලාගේ සහ දේශපාලනික ක්‍රියාකාරීන්ගේ ඡායරූපත් මේ සමාජ ජාළය වෙත එක කරද්දී ඉතාම සැලකිලිමත් වෙනන ඕනේ.
- ඊට මතරව පරුෂ වචන අද වෙද්දී Facebook හඳුනාගෙන අවසන්. එවැනි වචන Facebook තුල භාවිතා කිරීමත් එතරම් ඔබේ ගිණුමේ ආයුකාලයට හොඳ දෙයක් නම් නෙමෙයි.
මොනවද මේ Community Standards
උඩ කිහිප සැරයක්ම Community Standards කියන වචන භාවිත වුණ නිසා ඒ ගැන නොලිව්වොත් අඩුවක්. ඉතාම කෙටියෙන් ඒ ගැනත් ලියන්නම්. වැඩි විස්තර https://www.facebook.com/communitystandards ලින්ක් එකෙන් ගන්න ඔයාලට පුළුවන්. ඒවගේම මේ උඩ කියන බොහෝ කරුණු Facebook සමගම සතුව පවතින අනෙක් සමාජ ජාලයන් වලටත් වලංගු බව මතක තියාගන්න.
ලෝකයේ ඕනෑම කෙනෙකුට පහසුවෙන් හා ආරක්ෂාකාරීව මේ සමාජ ජාළය භාවිත කරන්න පුළුවන් වෙන අරමුණින් තමයි Community Standards නිර්මාණය කරලා තියෙන්නේ. මේවට පිටින් ගියොත් තමන්ගේ ගිණුම තාවකාලික අකර්මන්යවීමක ඉඳලා සදහටම නැතිවීම වෙනකම් ඕනෙම දෙයක් වෙන්නත් ඉඩ තියෙනවා.
ඒවගේම මේවට එකඟ නොවෙන ඕනෙම ගිණුමක් හෝ කන්ටෙන්ට් එකක් කිසිම අවසරයකින් තොරව ඉවත් කරන්නත් Facebook සමාගමට හැකියාව තියෙනවා. ඒවගේම මෙහි පලවෙන කිසිඳු දෙයකට හෝ පරිශීලක අවසරයකින් තොරව සිදුවන ඉවත් කිරීමකට එරෙහිව Facebook ජාලයට එරෙහිව නඩු මාර්ගයට පිවිසෙන්න පරිශිලයකන්ට තියෙන ඉඩකඩත් බොහෝ දුරකට අහුරලා අවසන්.
Section 230 of the Communications Decency Act - අන්තර්ජාල සේවා සපයන සමාගම් වලට, ඒ ගොල්ලන් හරහා ව්‍යාප්ත වෙන කන්ටෙන්ට් සම්බන්ධ වගකීමට බැඳීම වළක්වා ආරක්ෂාව සලසනවා. අනිත් අතට, නීතිමය වශයෙන් වගවීමට ලක් නොවී ඒ කන්ටෙන්ට් අන්තර්ජාලයෙන්, ඔවුන්ගේ ප්ලැට්ෆෝම් වලින් ඉවත් කිරීමට සහ එඩිට් කිරීමට අවශ්‍ය ඉඩකඩ ලබා දෙනවා.
පල වෙන දේවල් වල කන්ටෙන්ට් එක සම්බන්ධව ඒ සේවා සපයන සමාගම් සහ අන්තර්ජාලයේ අන්තර්ක්‍රියා සහිත වෙබ් අඩවි ( උදා: සෝෂල් මීඩියා - යූ ටියුබ්, ෆේස්බුක් ) තුන් වෙනි පාර්ශවයක් ලෙස හඳුනා ගන්නවා මිස, නීතිමය වශයෙන් ඒවා "පල කරන, පල කරන්නා" ලෙස වගවීමට බඳින්නේ නැහැ.
ඒ නිසා, කවුරුන් හෝ ඔවුන් හරහා පල කරන දේවල් වල කන්ටෙන්ට් එකට එරෙහිව නීතිමය පියවරක් ගන්න බැරුවා සේම, ඔවුන් විසින් කවුරුන් හෝ තමන්ගෙ ප්ලැට්ෆෝම් එක හෝ සර්විස් එක යොදාගෙන පල කරන දේවල් ඉවත් කලොත්, හෝ එඩිට් කලොත්, ඒක පල කරපු පාර්ශවයටත් ඒ සමාගම් වලට එරෙහිව තමන් පල කළ දේ ඉවත් කලා කියලා නීතිමය පියවරක් ගන්න බෑ.
Community Standards වල තියෙන්නේ පහත තියෙන අංග 6
- Violence and Criminal Behavior
- Safety
- Objectionable Content
- Integrity and Authenticity
- Respecting Intellectual Property
- Content-Related Requests
තව විශේෂ කරුණක්
මේක එක්තරා විදිහක මිත්‍යාවක් Verified Account හිමියන්ට මේ Community Standards අදාළ නෑ කියන එක. හැබැයි ඒක නම් වැරදි. මේ Community Standards කඩ කලොත් ඔබට ඉන්න followers ලා ගාන, ඔබේ Post reach එක හෝ ඔබට Verified Facebook Account එකක් තිබෙන එක හෝ විශේෂයක් කරලා සලකන්නේ නැහැ ඔබේ ගිණුම අක්‍රීය වෙන්න. ඒනිසා ඒ පිළිබඳව සැලකිලිමත් වෙන එක වටිනවා.
මේ ලිපියේ අරමුණ වුනේ ඔබට ඔබේ ගිණුම ආරක්ෂා කරගන්න හැටි ගැන යම් අවබෝධයක් ලබාදෙන එක සහ අසත්‍ය ප්‍රචාර වලට, රැලි වලට ඔබව අහුවෙන එක වලක්වන එක. ඕනෑවටත් වඩා මේක දික් වුණ නිසා Community Standards ගැන සහ මේ ලිපියේ ඉතා කෙටියෙන් සඳහන් කරපු කරුණු ඉදිරි ලිපි වලින් ලියන්නම්.
අවසානයටත් මට කියන්න තියෙන්නේ මෙච්චරයි. reach වැඩි කරගැනීම වරදක් නොවුණත් ඔබ නොදැනුවත්ව හෝ මුලාවට පත් වී "වැහෙන්න යන්නේ....!", “අහවල් ආගමෙන් මේ profile එක report කරනවා”, “මම අදාළ ලිපිය දාපු නිසා report වෙනවා, මෙච්චර ගාණක් comments දෙන්න” වැනි ප්‍රකාශයන් නිසා අනවශ්‍ය පුද්ගලයින්ට නිකරුනේ reach ලබා දෙන්න එපා.
මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ Facebook Community Standards පිටුව සහ Roar වෙබ් අඩවිය භාවිතා කළ හැක.