Lithium-ion (Li-ion) battery තාක්ෂණය බොහෝ කලක සිටම smartphones සහ portable gadgets සඳහා භාවිතයට ගත් battery තාක්ෂණයක් වන නමුත් නවීන smartphones වල බහුලව දැකගැනීමට හැකි බැටරි තාක්ෂණය වන්නේ lithium-polymer (Li-poly) battery තාක්ෂණයයි.

මෙම battery වර්ග දෙකෙහිම පොදුවෙහි වාසි සහ අවාසි දැකගැනීමට හැකියාව තිබෙනවා.


Lithium-ion batteries

Lithium-ion battery වල ක්‍රියාකාරීත්වය පිළිබඳව අවධානය යොමු කිරීමේදී මෙම තාක්ෂණයේ දියුණුව 1912 වර්ෂයේදී පමණ ආරම්භ වූ නමුත් 1991 වර්ෂයේදී Sony සමාගම විසින් මෙය භාවිතා කිරීම ආරම්භ කරන තෙක් එතරම් ජනප්‍රියත්වයක් මේ Li-ion battery තාක්ෂණයට හිමි වී තිබුණේ නැහැ.

කොහොම නමුත් එතැන් පටන් lithium-ion battery මගින් අතේ ගෙන යා හැකි කැමරාවල සිට smartphone දක්වා පුළුල් පරාසයක gadgets බල ගැන්වීමට ආරම්භ කරනු ලැබුණු අතර අද වන විට Tesla වැනි මෝටර් රථ වල භාවිතා වන්නේ ද මේ Li-ion battery තාක්ෂණයයි.

Lithium-ion battery සෑදී ඇත්තේ ethylene carbonate හෝ diethyl carbonate වැනි ද්‍රව රසායනික electrolyte මගින් වෙන් කරන positive සහ negative electrodes දෙකකින් ය.

Lithium-ion battery වල ඇති වාසි ලෙස එහි ඉහළ energy density එක, එහෙමත් ඉහළ නැතිනම් ශක්ති ඝනත්වයක් පැවතීම, “memory effect” එක නොමැති වීම (battery cells කාලයත් සමඟ ආරෝපණය කිරීම දුෂ්කර වීම), පෙර බැටරි තාක්‍ෂණයන් වලට සාපේක්ෂව අඩු නිෂ්පාදන පිරිවැය ආදිය පෙන්වාදිය හැකි වෙනවා.

මේ Lithium-ion battery වල ධාරිතාවය charge cycles ගණන අනුව අඩු වන අතර device එක භාවිතයේ නොමැති විටදී පවා battery එක තරමක් විසර්ජනය වීමක් සිදු වෙනවා.

මෙහි ඇති තරමක් භයානක දෙය නම් රසායනික විද්‍යුත් විච්ඡේදනය අධික උෂ්ණත්වවලදී අස්ථායී වීම හෝ සිදුරුවීම සිදු වුවහොත් එය “thermal runaway” එකක් හරහා ගින්නකට තුඩු දිය හැකි වීමයි.

කෙසේ නමුත් මෙසේ සිදුවීම ඉතාමත් දුර්ලභ වන අතර electronic charge controllers මගින් ආරෝපණ නියාමනය කිරීම සහ බලය විසර්ජනය කිරීම මගින් overheat වීම වැළැක්වීමට කටයුතු කරයි.


Lithium-polymer batteries

Lithium-polymer battery තාක්ෂණය Lithium-ion battery තාක්ෂණයට වඩා අලුත් වන එය 1970 දශකය පමණ වන තුරුම දැකගත හැකි නොවූ අතර smartphone වැනි devices වලට අන්තර්ගත කරනු ලැබුවේ ඉතා මෑත කාලීනවයි.

Lithium-polymer battery තාක්ෂණය ද positive සහ negative ලෙස electrodes දෙකක් භාවිතා කරන නමුත් ද්‍රව රසායනිකයක් වෙනුවට වියළි ඝන, සිදුරු සහිත රසායනික හෝ ජෙල් වැනි electrolyte භාවිතා කරනු ලබනවා.

මෙහි ප්‍රතිඵලයක් ලෙස Lithium-polymer battery වලට අඩු පැතිකඩක් සහිත, නම්‍යශීලී හා වඩා ශක්තිමත් designs ඉදිරිපත් කළ හැකි අතර electrolytes කාන්දු වීමේ සම්භාවිතාවය අඩු නිසා Li-ion battery තාක්ෂණයට වඩා තරමක් ආරක්ෂිත වෙනවා.

මෙම තාක්ෂණයේ විශාලතම අඩුපාඩුවක් වන්නේ මෙය නිෂ්පාදනය කිරීම සඳහා දැරිය යුතු වන තරමක් ඉහළ නිෂ්පාදන පිරිවැය‍යි.

Lithium-polymer battery වල life cycle එකද කෙටි වන අතර එකම ප්‍රමාණයේ Li-ion battery එකක් සහ Lithium-polymer battery එකක් සැසදීමේදී Li-ion battery එකක් තරමක් වැඩි ශක්ති ප්‍රමාණයක් ගබඩා කරගනියි.

එමෙන්ම මේවායේ ද වෝල්ටීයතාවය ආරක්ෂිත සීමාවන් තුළ පවත්වාගැනීම සඳහා ඊට අදාල වන ආරක්ෂණ පරිපථ භාවිතා කරනු ලබනවා.

Lithium-ion සහ Lithium-polymer අතර ඇති ප්‍රධාන වෙනස්කම්

කලින් සදහන් කළ ආකාරයට මේ battery වර්ග දෙකෙහිම වාසි සහ අවාසි ඇති අතර පොදුවේ ගත් කල Li-ion battery අඩුම මිලට ඉහළම ධාරිතාවක් ලබා දෙන බැවින් මිල අඩු devices සඳහා භාවිතා කිරීමට හැකියාව ඇත.

Li-ion battery වල අඩුපාඩුවක් වන්නේ self-discharge වීම වුවත් මෙය සැමවිටම ක්‍රියාත්මක වෙමින් පවතින දුරකථන වැනි devices සඳහා එතරම් ගැටළුවක් වන්නේ නැහැ.

Fast charging තාක්‍ෂණයන් මේ දිනවල විශේෂයෙන් කැපීපෙනෙන අතර මේ සඳහා Li-poly battery වඩාත් ආරක්ෂිත වෙනවා.

මෙම බැටරි වල self-discharge වීමේ මට්ටම ඉතා අඩු බැවින් ඔබ device එක භාවිතා නොකරන විට discharge වීම අවම වුවත් මෙහි මිල තරමක් ඉහළ වීම, කෙටි ආයු කාලයක් සහ අඩු ධාරිතාවයක් සමඟ පැමිණීම මෙහි අවාසි සහගත තත්ත්වයන් වෙනවා.


මේ ගැන තවත් විස්තර දැනගන්න Android Authority වෙබ් අඩවිය භාවිතා කරන්න පුලුවන්. ඒ වගේම සමහර විට මේ battery තාක්ෂණයන් ගැන මීට වඩා දේවල් ඔයා දන්නවා වෙන්නත් පුළුවන්. ඉතින් ඔයා දන්න කරුණු තියනවා නම් හෝ මේ ගැන ප්‍රශ්න තියනවා නම් ඒ ගැන අපේ Community එකට ඇවිත් කියන්නත් අමතක කරන්න එපා.