Pushbullet Android, Chrome, Firefox, Safari, Opera, සහ Windows වලද භාවිතා කළ හැකි App එකක් වන අතර මේ හරහා ඔබගේ ජංගම දුරකථනය හා පරිගණකය එකිනෙක සම්බන්ධ කර, ඔබේ එදිනෙදා වැඩ කටයුතු පහසු කර ගැනීමට අවස්ථාව ලබා දෙනවා.

උදාහරණයක් ලෙස ඔබ Pushbullet සේවාව භාවිතා කරන්නේ නම්, ඔබගේ ජංගම දුරකථනයට text message එකක් ලැබුණු සෑම විටම ජංගම දුරකථනය ගෙන එය unlock කර පණිවිඩය කියවීමට අවශ්‍යය වන්නේ නැහැ.

මේ සේවාව හරහා දුරකථනයට එන text messages ඔබගේ පරිගණකය මඟින් පහසුවෙන් බැලිමට හැකියාව ලබාදෙන අතර පරිගණකය මඟින්ම text messages වලට reply කිරීම මෙන්ම අලුත් messages යැවීමේ හැකියාව ද ලැබෙනවා.


Pushbullet භාවිතා කළ යුත්තේ ඇයි ?

පෙර සඳහන් කළ පරිදී Pushbullet ‍සේවාවේ බොහෝ ප්‍රයෝජනවත් features තිබෙන අතර ඔබ මේ ගැන වැඩි විස්තර දැන ගැනීමට කුතුහලයෙන් සිටී නම් පහත ඇති features පිළිබඳ විස්තරය කියවන්න.

SMS: මෙම feature එක Android පරිශීලකයින් හට පමණක් ප්‍රයෝජනවත් වන අතර අප කවුරුත් දන්නා පරිදි දුරකථනයක Keyboard එක මඟින් typing කිරීම යම්තාක් දුරට අපහසු දෙයකි.

එහෙත් පරිගණකය keyboard එක මඟින් පහසුවෙන්ම type කිරිමේ හැකියාව පවතින අතර මෙම නිසා දුරකථනයට ලැබෙන SMS සඳහා පරිගණකය මඟින් Pushbullet භාවිතා කරමින් පහසුවෙන්ම reply කිරීමට හැකියාව ලැබෙනවා.

Phone Notifications: මෙම feature සමඟ ඔබේ පරිගණකය හරහා ක්ෂණිකව ඔබේ දුරකථනයට ලැබෙන notifications බැලීමට හැකියාව පවතින අතර නැවත කිසි විටෙක ඇමතුමක් හෝ text message එකක් බැලීම සඳහා ජංගම දුරකථනය අතට ගැනීම අනවශ්‍යය වෙනවා.

මේ පහසුකම හරහා ඔබට WhatsApp messages, Phone calls සහ තවත් ‍බොහෝ දුරකථනයට එන Notifications ‍Pushbullet මඟින් ඔබේ පරිගණකයෙන් දැක ගැනීමට හැකියාව ලබා දී තිබෙනවා.

Sharing: Pushbullet සේවාවේ ඇති මෙම feature එක මඟින් ඕනෑම device එකින් ඔබට අවශ්‍ය ඕනෑම දෙයක් share කර ගැනීමට ද ඔබේ මිතුරන් හා පවුලේ අය සමඟ files share කර ගැනීමටද හැකියාව පවතිනවා.

Chit-Chat: මෙම feature එක මඟින් ඔබේ ඕනෑම device එකකින් මිතුරන් සහ පවුලේ අය සමඟ Chat කිරිමට ද හැකියාව ලැබෙනවා.


Pushbullet භාවිතා කරන්නේ කෙසේද ?

මේ Pushbullet apps සහ Extenstions, Android, Windows යන operating system වලට apps වශයෙන් ද, Chrome සහ Firefox යන web browser වලට extensions වශයෙන් ද ලබාදීමට ඔවුන් කටයුතු කර තිබෙනවා.

Pushbullet - Your devices working better together
Download Pushbullet

ඔබ පරිගණකය භාවිතා කරන්නේ නම් ඔබට Pushbullet Extension එක ඔබේ web browser එකට install කරගැනීම හෝ Windows app එක භාවිතා කළ යුතු වන අතර Android ජංගම දුරකථනයක් භාවිතා කරන්නේ නම්, ඊට අදාල Android app එක install කරගත හැකි වෙනවා.

Pushbullet සඳහා Google හෝ Facebook සමඟ sign-in විය හැකි අතර මෙය භාවිතා කරන ආකාරය පිළිබඳ පහත වීඩියෝව හරහා සරළ ලෙස පැහැදිලි කෙරෙනවා.

මේ පිළිබඳ තවත් කරුණු Steemit වෙබ් අඩවියෙන් සහ නිල Pushbullet blog අඩවියෙන් ද ලබාගත හැක.