Bitcoin කියන්නේ මොකක්ද කියලා ඔබ දැනටමත් දන්නවා ඇති. ඒ වගේම අවුරුදු දෙක තුනකට කලින් ඉතාමත් ප්‍රසිද්ධව තිබුනත් එන්න එන්නම Bitcoin ගැන තිබුන උනන්දුව අඩු වුණා දකින්නට ඇති.

කොහොම වුණත් 2020 අප්‍රේල්, මැයි වෙනකොට ආපහු පොඩ්ඩක් උනන්දුව වැඩි බවක් පේන්න තියෙන අතර Bitcoin වල තෙවන Halving එක සිදුවුනේ 2020 මැයි 12 වෙනිදා හරියටම මෙන්න මේ Block එක Mine වුණ වෙලාවේ.

නමුත් මොකක්ද මේ Halving කියන්නේ? කොහොමද මේක වෙන්නේ? මේකෙන් Bitcoin වල වටිනාකමට මොකද වෙන්නෙ? ඒ පිළිබඳ විස්තර පහළින් දැනගන්න පුලුවන්.

මොකක්ද මේ Bitcoin Halving කියන්නේ?

මේක ප්‍රධාන වශයෙන් වැදගත් වෙන්නේ Bitcoin Mine කරන්න්ට වන අතර සාමාන්‍යයෙන් Bitcoin Minersලා කරන කාර්යයට Bitcoin Network එක මගින් Reward එකක් දෙනවා. ඒක තමයි Block Reward එකක් කියලා හැඳින්වෙන්නේ.

මේ Halving වචනේ හැදෙන්නේ Reduction by Half, එහෙමත් නැතිනම් භාගයක් කරනවා කියන තේරුමෙන්.

ඒ කියන්නේ Bitcoin Minersලා ගේ Block reward එක දැනට තියෙන Bitcoin 12.5 කියන ගානෙන් භාගයක්, එනම් 6.25BTC වෙනවා. සාමාන්‍යයෙන් මේක වසර 4 කට පාරක් සිදුවන දෙයක්. Bitcoin සොයාගත්තේ 2008 දී නිසා මේක මීට කලින් දෙපාරක් වෙලා තියෙනවා. තුන් වෙනි වතාවට තමයි 2020 දී වුනේ.

හාවිං (Halving) එක නිසා Bitcoin Network එකට අලුතෙන් එන Bitcoin ප්‍රමාණය අඩු වෙනවා. ඒ කියන්නේ සැපයුම අඩු වෙනවා. නමුත් ඉල්ලුම ඒ ආකාරයෙන්ම තියෙනවා. අන්න ඒ නිසා තමයි බොහෝ දෙනා කියන්නේ Bitcoin වල අගය වැඩි වෙන බව.

Bitcoin Mine කරන්න Minersලා මේ Bitcon වල ledgers maintain කරන්න බොහෝ වටිනා උපාංග හා විදුලිය භාවිතා කරන නිසා තමයි Minersලට Block Reward එකක් ලැබෙන්නේ.

මෙම Block Reward ඒකේ අගය සෑම Blocks 210,000කට ම වතාවක් තමයි අඩු වෙන්නේ. ඒ Blocks 210,000 සෑදෙන්න යන කාලය තමයි ආසන්න වශයෙන් අවුරුදු හතරක් කියන්නේ.

Bitcoin's Third Halving Is Complete: Reward Cut Surprisingly Faster Than Previous Time Estimates
Block Reward අඩුවීම

2009 දී Block Reward එක 50BTC කින් ආරම්භ වුනු අතර මේ වන විට Halving අවස්ථා දෙකකට පසු මේ ප්‍රමාණය 12.5BTC දක්වා අඩු වෙලා තියෙනවා.

මේ විදිහට Bitcoin Generation එක; එහෙමත් නැත්තන් අලුතින් Coins සෑදීම සිදුවෙන්නේ Bitcoin මිලියන 21 වෙනකන් විතරයි. බොහෝවිට 2140 දී පමණ මේ සිද්ධිය වෙන්න පුලුවන් බව තමයි පෙන්න තියෙන්නේ.

කවුද මේ වෙලාව හැදුවේ? ඇයි එහෙම හැදුවේ?

Bitcoin වල නිර්මාතෘ විදිහට හැදින්වෙන්නේ Satoshi Nakamoto කියලා අහන්න ලැබුණත් මේ කෙනා කවුද කියලා තාම අපි කවුරුත් දන්නේ නෑ.

Satoshi Nakamoto කියන්නෙ පුද්ගලයෙක් ද, කණ්ඩායමක් ද කියලවත් කිසිම පුද්ගලයක් දන්නේ නෑ. ඒ වගේම Satoshi Nakamoto කියල නමක් තිබුනට ඒකේ තේරුම ජපන් භාෂාවෙන් "නාඳුනන තැනැත්තෙක්" නැතහොත් සොයාගත නොහැකි කෙනෙක් යන බවයි.

Bitcoin White Paper එක නිකුත් කලාට පස්සේ Satoshi විසින් සාරාංශගත කරමින් කියලා තියෙනවා කොහොමද මේ අවධමන අවදානම හෝ උද්ධමනය අඩු කරන්නෙ කියලා.

නමුත් 2009 වසරේ දී මෙම නව අන්තර්ජාල මුදල් කීදෙනෙකු භාවිතා කරනු ඇත්දැයි Satoshi දැන සිටියේ නෑ.

“Coins have to get initially distributed somehow, and a constant rate seems like the best formula.”

මුලින් ම Coins සමානව බෙදා දිය යුතු අතර නියත අනුපාතයක් පවත්වා ගැනීම හොඳම සූත්‍රය බව Satoshi පෙන්වා දෙනවා.

සාමාන්‍ය රටවල පවතින මුදල් සහ එම මුදල් වල සංසරණය පාලනය කරනු ලබන්නේ මහ බැංකුව වැනි මූල්‍යමය ආයතනයක් මඟින්.

උදාහරණයක් ලෙස, ආර්ථිකය අවුල් සහගත නම්, බැංකුවලින් සුරැකුම්පත් මිලදී ගැනීමෙන්, මහ බැංකුවට සංසරණය වැඩි කිරීමට සහ ණය දීම දිරිමත් කරන්න පුලුවන්. නැතිනම්, මහ බැංකුවට ආර්ථිකයෙන් මුදල් ඉවත් කිරීමට අවශ්‍ය නම්, සිය ගිණුමෙන් සුරැකුම්පත් විකිණීමට හැකිය.

කොහොම වුණත් Bitcoin වල ක්‍රියාකාරීත්වය මීට ටිකක් වෙනස්.

ගලේ කෙටුවා වගේ වෙනස් කරන්න බැරි විදිහට තමයි මේක ලියලා තියෙන්නේ. ඒ කියන්නේ, මෙය වෙනස් කිරීම සඳහා Bitcoin භාවිතා කරන්නන්ගේ Community එක අතර විශාල සම්බන්ධීකරණයක් හා එකඟතාවයක් අවශ්‍ය වන ලෙස Bitcoin මූල්‍ය ප්‍රතිපත්තිය Network එක පුරා බෙදාගත් Code එකක ලියා තිබෙන එකක්.

Bitcoin වල තවත් සුවිශේෂී අංගයක් වන්නේ Satoshi විසින් කාලයාගේ ඇවෑමෙන් අඩු වන පරිදි Block Reward එක Code කිරීමයි. මහ බැංකු මුදල් සැපයුම පාලනය කරන නූතන මූල්‍ය පද්ධතිවල සම්මතයට වඩා Bitcoin වෙනස් වන තවත් ක්‍රමයක් වන්නේ මෙයයි.

මේ වනවිට ඩොලරයේ සැපයුම 2000 වසරේ සිට දළ වශයෙන් තුන් ගුණයකින් වැඩි වී තිබේ.

2009 ජනවාරි 3 වන දින The Times පුවත්පතේ මුල් පිටුව
2009 ජනවාරි 3 වන දින The Times පුවත්පත

2009 ජනවාරි 3 වන දින The Times පුවත්පතේ පළවුණු ප්‍රථම Bitcoin ලිපියට අනුව දේශපාලන හේතූන් මත ඔවුන් Bitcoin නිර්මාණය කළ බවට ඉඟි පළ කර තිබෙනවා.

කෙසේ වෙතත් බොහෝ දෙනාගේ විශ්වාසය වන්නේ Bitcoin බහුලව සම්මත වුවහොත් බැංකුවල හෝ මූල්‍ය ප්‍රතිපත්ති පාලනය කරන ආයතනවල බලය අඩු කිරීමට Bitcoin වලට හැකිවන බවයි. මොකද Satoshiගේ Code එකට පිටින් කිසිවෙකුට Bitcoin නිෂ්පාදනය කල නොහැකි නිසා.

Halving ක්‍රියාවලිය Bitcoin මිලට බලපාන්නේ කෙසේද?

Bitcoin Halving වැඩි අවධානයක් දිනාගන්නේ එය Bitcoin මිල වැඩි වීමට හේතු වනු ඇතැයි බොහෝ දෙනා විශ්වාස කරන බැවින් වන නමුත් මෙහිදී සිදුවන්නේ කුමක් ද යන්න කිසිවෙකු දන්නේ නැත.

මේ වන විට Halving අවස්ථා දෙකක් දැක තිබීම අපට පූර්වාදර්ශයක් ලෙස සැලකිය හැකි අතර 2012 Halving අවස්ථාවෙදී Block Reward එක පහළ යන්නේ කෙසේද යන්න බොහෝ දෙනා දැන සිටියේ නැත. එම නිසා එක්වරම අගය පහළ වැටුනද ටික ටික එය නැවතත් ඉහළ යන්නට විය.

දෙවන Halving අවස්ථාවේදී, එනම් 2016 දී බොහෝ දෙනා මේ සඳහා දින ගැන ගැන සිටි අතර හාවිං එම අවස්ථාවට පසුව Bitcoin මිල 10% කින් පමණ අඩු වූ නමුත් ආපසු එහි මිල ඉහළ නැංවුනේ ඉතා වේගයෙනි. ඉන් පසුව ඉතා කුඩා ලෙස Mining Rate එක අඩු වුනත් ටික කලකින් එය නැවතත් යථා තත්ත්වයට පත්වුනි.

සමහරු පවසන්නේ දෙවන Halving එකෙන් වසරකට පසු, එනම් 2017 දී මිල වැඩිවීමත් මෙම Halving වල පසු ප්‍රතිඵලයක් බව වන අතර එය සත්‍ය නම් මෙවරත් එය එසේ වීමට හැකියාවක් තිබෙනවා.

Bitcoin Halving පිළිබඳ හා එහි ප්‍රතිඵල කල්තියා දැන ගැනීම නිසා, බොහෝ දෙනා ලාභ අපේක්ෂාවෙන් Bitcoin මිලදී ගනු ඇති බැවින් සාමාන්‍යයෙන් Halving අවස්ථාවට පෙර Bitcoin මිල ඉහළ යාමක් සිදුවේ.

ඒ අනුව, හාවිං (Halving) නිසා මිල ඉහළ යාමක් සිදු වන බවට, තර්ක විතර්ක වලදී යම් පුද්ගලයන් අදහස් කරන්නේ ද මෙය වන අතර මෙවර Halving ක්‍රියාවලිය මේ වන විට සිදුවී අවසානයි.

629,999වන Block එක සහ 630,000 වන Block එක

මීට අදාල වන 629,999 වන Block එකේ සහ 630,000 වන Block එකේ Block Rewards වෙනස ඔබට ඉහත විස්තරය බලාගත හැකි වෙනවා.

මේ පිළිබඳ තවත් කරුණු CoinDesk වෙබ් අඩවියෙන්, CoinTelgraph වෙබ් අඩවියෙන් ද ලබාගත හැක.