දකුණු කොරියාව යළිත් 5G සේවා සපයන ලොව ප්‍රමුඛතම රට බව සමීක්ෂණ වාර්තාවක් විසින් හෙලි කරයි

කතුවරයා
Varuna Prabhath
Save කරන්න
Share කරන්න

    Omidia ආයතනයේ විසින් සිදු කළ නවතම සමීක්ෂණ වාර්තාවකට අනුව දකුණු කොරියාව, 5G සේවා සපයන ලොව ප්‍රමුඛතම රට බවට පත් වී තිබෙනවා.

    කලින් දෙවන ස්ථානයේ සිටි කුවෙට් රාජ්‍යය පරදා ස්විට්සර්ලන්තය ලෝකයේම දෙවෙනි තැනටත්, යුරෝපයේ පළමු තැනටත් පත්වී තිබෙන අතර මැදපෙරදිග රටවල් වන කුවෙට් රාජ්‍යය හා කටාරය මෙම ලැයිස්තුවේ පළමු පස් දෙනා අතර රැඳී සිටීම විශේෂත්වයක් වෙනවා.

    නගර 426ක් ආවරණය කරමින් ස්විට්සර්ලන්තය සමස්ත භූමි ප්‍රමාණයෙන් 80% ක 5G ආවරණය ලබාදීම සිදුකර ඇති අතර එම ආවරණය දිනෙන් දින පුළුල් වෙමින් පවතිනවා.

    නමුත් ස්විට්සර්ලන්තය තුළ 5G enable devices ප්‍රමාණය තවමත් සීමාසහිත මට්ටමක පවතින බැවින් බහුතරයකට 5G අත්දැකීම ලබාගැනීමට හැකියාවක් ලැබී නැහැ.

    5G ආවරණය මෙන්ම 5G enable devices සංඛ්‍යාව අතින් ද දකුණු කොරියාව ඉදිරියෙන් සිටින අතර දකුණු කොරියාවේ දැනට 5G enable devices මිලියන 6 කට ආසන්න ප්‍රමාණයක් සක්‍රීය භාවිතයේ තිබෙන අතර එය කොරියාවේ සමස්ත දුරකථනය හිමිකරුවන්ගෙන් 10% ක් පමණ වෙනවා.

    දකුණු කොරියාව 5G ආවරණය මෙන්ම 5G enable devices සංඛ්‍යාව අතින් ලොව ඉදිරියෙන්ම සිටිය ද එය වේගය අතින් එක්සත් අරාබි එමිර් රාජ්‍යයට පිටුපසින් සිටින බව Open Signal සමීක්ෂණ ආයතනය සිදුකළ සමීක්ෂණ වාර්තාවක් උපුටා දක්වමින් අපි ඔබට වාර්තා කළා ඔබට මතක ඇති.

    සවුදි අරාබිය ලොව වේගවත්ම 5G තාක්ෂණය සහිත රට බව OpenSignal ආයතනය විසින් සිදු කළ සමීක්ෂණයකින් හෙළි වෙයි
    ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියාවට තරමක් ආගන්තුක වුවද 5G තාක්ෂණය යනු මේ වන විට ලොව අනෙක් රටවල් වල වේගයෙන්ම ව්‍යාප්ත වෙමින් තිබෙන තාක්ෂණයක් වෙනවා. ලොව පුරා 5G ආවරණය දිනෙන් දින ව්‍යාප්ත වෙමින් පවතින පසුබිම තුළ එක් එක් රටවල 5G Network වල වේගය සම්බන්ධයෙන් Wireless coverage mapping සමාගමක් වන OpenSignal සම…

    ශ්‍රී ලංකාවේ තත්ත්වය දෙස බැලුවහොත් Dialog හා Mobitel යන සමාගම් දැනටමත් 5G ආවරණය සම්බන්ධ පරීක්ෂණ කටයුතු සිදුකරමින් සිටින අතර අගනුවර ඇතැම් ස්ථාන වලට දැනටම සීමාසහිත ලෙස 5G ආවරණය ලබාදී ඇති බව දැකිය හැකියි.

    නමුත් ශ්‍රි ලංකාවේ ජංගම දුරකතන වෙළෙඳ පොළ තුළ වුවද 5G enable devices ඇත්තේ ඉතාම සීමිත ප්‍රමාණයක් පමණක් වන අතර තවමත් පාරිභෝගික භාවිතයේ ඇත්තේ එයිනුත් devices අතලොස්සක් පමණයි.

    මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා GSM Arena වෙබ් අඩවිය සහ Gizmochina වෙබ් අඩවිය භාවිතා කළ හැක.