iOS 14 වලදී හඳුන්වාදුන් ප්‍රධානතම පහසුකම් වලින් එකක් වන picture-in-picture mode එක Safari browser එක හරහා YouTube වෙබ් අඩවිය භාවිතා කිරීමේදී අවහිර කිරීමට Google සමාගම කටයුතු කර තිබුණු බව මීට පෙර අපි ඔබව දැනුවත් කළා මතක ඇති.

iOS 14 වල picture-in-picture mode එක YouTube වෙබ් අඩවියේදී භාවිතා කිරීමේ හැකියාව අවහිර කිරීමට Google සමාගම කටයුතු කරයි
පසුගියදා Apple සමාගම විසින් ඔවුන්ගේ iOS 14 සංස්කරණයේ stable version එකක් iPhone6s සහ එයින් පසුව නිකුත් කළ සියළුම iPhone සඳහා නිකුත් කිරීමට කටයුතු කළ අතර, එහිඇතුලත් වූ පහසුකම් අතරින් picture-in-picture mode එක ප්‍රධාන තැනක් හිමිකරගනුලැබුවා. Apple සමාගම විසින් iOS 14 සංස්කරණය සහ iPadOS 14 සංස්කරණය…

කොහොම නමුත් මේ පහසුකම YouTube Premium subscription එකක් ඇති පරිශීලකයින් හට භාවිතා කිරීමේ හැකියාව තිබුණු අතර iPad පරිශීලකයින් හට ද කිසිඳු බාධාවකින් තොරව භාවිතා කළ හැකි වුණා.

ඔන්න දැන් නැවතත් මේ පහසුකම iOS 14 පරිශීලකයින් හට ලබාදීමට කටයුතු කර ඇති බව වාර්ථා වන අතර, video එක දර්ශනය නොවී අදාල audio එකට පමණක් සවන්දීමට අවශ්‍යය නම් ඒ සඳහා ද හැකියාව ඇති බව The Verge වෙබ් අඩවිය පෙන්වා දෙනවා.

මේ පහසුකම web browser එක හරහා අත්විඳීමට හැකියාව ලැබුණත්, Premium subscription එකක් නොමැති YouTube පරිශීලකයින් හට සාමාන්‍යය YouTube app එක හරහා මෙය භාවිතා කිරීමේ හැකියාව මේ හරහා නොලැබෙන බව මතක තබාගත යුතු වෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය සහ MacRumors වෙබ් අඩවිය භාවිතා කළ හැක.