DNS එහෙමත් නැතිනම් Domain Name System කියන්නේ, විවිධාකාරයේ වෙබ් අඩවි සහ Domain Names එහෙමත් නැතිනම්, වසම් නාම කළමනාකරණය කිරීම සඳහා නිර්මාණය කර තිබෙන system එකක්.

ඒ කිව්වේ මොකක්ද කියල ඉතාමත් සරල ව කියනවා නම්, ඔයාල ඔයාලගේ (Chrome, Firefox වැනි) Web Browser එකේ address bar එකේ මොකක් හරි Domain name එකක් හෝ web address එකක් type කලොත්, ඊට අදාල වෙබ් අඩවිය තිබෙන server එකේ IP address එක හොයලා දෙන්නේ මෙන්න මේ DNS වලින් තමයි.

ඒ කියන්නේ මේ DNS වලින් කරන්නේ ඉස්සල්ලා මන් කිව්වා වගේ සරළව Domain Name එකක් IP එකක් විදියටත් IP එකක් Domain Name එකක් විදියටත් ගබඩා කරගෙන තියා ගන්න එක.

මෙය සිදු කරන අකාරය වෙන වෙනම කොටස් දෙකක් යටතේ පැහැදිළි කළ හැක.

  1. Forward lookup zone
  2. Reverse lookup zone

මොකක්ද මේ Forward lookup zone කියන්නේ? සරලව මෙකෙන් වෙන්නේ Host Name (Domain Name) එකක් IP Address එකක් විදියට Store කරගන්නවා. ඊට පස්සේ කවුරුහරි කෙනෙක් domain name එකට request එකක් එවුවම, ඊට අදාල IP Address එකට අදාල පුද්ගලයාව යොමු කරවනවා.

Reverse lookup zone එකෙදි වෙන්නේ මේ සිද්දියෙම අනිත් පැත්ත. ඒ කියන්නේ IP Address එකක් Host Name එකක් විදියට Convert කරන එක.

මෙක ප්‍රායෝගික විදියට පහැදිලි කරනවා නම්, ඔයාලා හැමොම වගේ Facebook යනවා නේ. අපි සාමාන්‍යයෙන් Facebook එකට යන්න භාවිතා කරන්නේ www.facebook.com කියන Domain Name (Host Name) එක වගේම ඒ domain name එක type කලාම ඔයාව Facebook server එක වෙත යොමු කරන්නේ මේ forward lookup zone එකක් හරහායි.

ඔයාගේ Web Browser එකේ මෙන්න මේ IP Address එක Type කරලා බලන්න. 157.240.25.35 (මේ තියෙන්නේ Facebook එකේ එක DNS IP එකක් මේ එකට අමතරව තව IP තියනවා Facebook Domain එකට)

එතකොට මොකක්ද උනේ, IP එක Type කරත් යන්නේ facebook.com කියන Domain එකටමයි.


ඔයා Facebook එකේ IP address එක හොයා ගන්නේ කොහොමද කියලා දන්නේ නැත්නම් මෙන්න මෙහෙමයි ඕනම Domain එකකට අදාල වෙන Sever එකේ IP එක හොයන්නේ.

ඔයා භාවිතා කරන්නේ Windows PC එකක් නම්, Windows Key + R key එකවර press කරන්න. ඊට පස්සේ පහලින් තිබෙන Run Command Window එක බලා ගන්න පුලුවන්. එකේ cmd කියලා type කරලා enter කරන්න.

Windows - Run command window

ඊළඟට ලැබෙන්නේ මේ වගේ window එකක්. ගොඩක් වෙලාවට ඔයා මේක දන්නවා ඇති. Windows Command Prompts එක.

ඊළඟට මේ Command එක type කරලා enter කරන්න.

ping domain.com මෙතන "domain.com" කියන්නේ ඔයාලට අවශ්‍යය කරන Domain Name එක. උදාහරණයක් ගත්තොත් ping facebook.com විදිහට ඔයාට enter කලොත් පහල තියනවා වගේ Result එකක් බලාගන්න පුලුවන්.

Reply From facebook.com domain

දැන් ඔයාලට බලාගන්න පුලුවන් Result එකේ "Reply from" කියලා ඇවිත් IP Address (157.240.7.35) එකක් තියනවා. අන්න එක Facebook Servers වල Run වෙන තවත් එක IP Address එකක්. අපි www.facebook.com කියලා ගහලා Access කරන්නේ ඔන්න ඔය IP Address එක assign වී තිබෙන server එකයි.


දැන් ඔයාලට තේරෙනවා ඇති මොකක්ද මේ DNS කියන්නේ කියලා. හරිම සරලයි. මෙතනදි වුණේ facebook.com කියන domain එකට කවුරු හරි ගියොත් කලින් සඳහන් කළ IP address එකට යන්න කියලා කියනවා වගේ වැඩක්.

අපි domain name එක type කළාම IP Address එක එන ක්‍රියාවලිය රඳා පවතින්නේ Forward lookup zone එක මත වන අතර, IP Address එක type කළාම අදාල වෙබ් අඩවිය වෙත යන ක්‍රියාවලිය රඳා පවතින්නේ Reverse lookup zone එක මතයි.

මේ DNS ප්‍රධාන වශයෙන්ම භාවිතා කරන්නේ සාමාන්‍ය පුද්ගලයන්ට Numbers මතක තියා ගන්නවට වඩා හොදින් Name එකක් මතක හිටිනවා. එක නිසා මේ DNS කියනේ ගොඩක් වැදගත් Service එකක්.

මේ DNS සේවාවේ අවශ්‍යයතාවය පැන නගින්නේ සාමාන්‍යයෙන් අපිට ඉලක්කම් මතක තබාගන්නවාට වඩා හොඳින් යම්කිසි නමක් මතක තබාගැනීමේ හැකියාව වැඩි නිසාවෙන් අන්තර්ජාලය භාවිතා කිරීමේදී හමුවන web sites access කිරීමට පහසු කිරීම වෙනුවෙනුයි.

දැන් ඔයාලට පොඩි දැනුමක් ඇති මොනාද මේ DNS කියන්නේ කියලා. සමහර විට මේ ගැන මීට වඩා දේවල් ඔයා දන්නවා වෙන්නත් පුළුවන්. ඉතින් ඔයා දන්න කරුණු තියනවා නම්, අපේ Community එකට ඇවිත් ඒ ගැන කියන්නත් අමතක කරන්න එපා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා Rackaid වෙබ් අඩවිය, Dyn වෙබ් අඩවිය මෙන්ම Cloudflare වෙබ් අඩවිය භාවිතා කළ හැක.