Camera lens 5කින් සමන්විත camera array එකක් සහිත Nokia 9 PureView ජංගම දුරකථනයේ promotional video එකක් මේ වන විට leak වී තිබෙන අතර මෙය මේ මාසයේ අග භාගයේදී එළිදැක්වීම නියමිත බව දැනගන්නට ලැබෙනවා.

මේ අනුව මෙම ජංගම දුරකථනය ඉහත සඳහන් කළ camera module එකට අමතරව in-display fingerprint sensor එකකින් සමන්විත වුවත් අදාල sensor එක OnePlus 6T ජංගම දුරකථනයේ තිබෙනවාක් මෙන් optical sensor එකක් ද එසේත් නැතිනම් ultrasonic sensor එකක් ද යන්න තවමත් පැහැදිලි තොරතුරක් වාර්ථා වෙන්නේ නැහැ.

කොහොම නමුත් මේ ජංගම දුරකථනය බළගැන්වෙන්නේ 2018 වර්ෂයේ ප්‍රසිද්ධියට පත් වූ Snapdragon 845 chipset එක මගින් වන අතර 2018 දී නිකුත් වූ OnePlus, Pixel ඇතුළු සියළුම flagship android ජංගම දුරකථන වල පාහේ මෙම SoC එක අන්තර්ගත වුණා.

ඒ වගේම මොවුන් මෙයට අන්තර්ගත කර තිබෙන camera module එකේ පෙනුම නම් ඒ තරම් අලංකාරයක් ගෙන නොඑන බව ඕනෑම කෙනෙකුට තේරුම්ගතහැකි වුවත් මේ camera module එක හරහා සාමාන්‍යය ජංගම දුරකථන camera එකකට වඩා දස ගුණයකින් ආලෝකය capture කරගතහැකි බව ඔවුන් සඳහන් කරනවා.

එමෙන්ම මේ හරහා ලබාගන්නා ඡායාරූප වල focus එක, එහෙමත් නැතිනම් depth-of-field එක ඡායාරූපය ලබාගැනීමෙන් අනතුරුව වෙනස් කිරීමේ හැකියාවක් ද මෙයට ඇතුලත් වන බව දැනගන්නට ලැබෙනවා.

මෑතකදී නිකුත් වූ බොහෝමයක් Nokia ජංගම දුරකථන වල ආකාරයෙන්ම මේ ජංගම දුරකථනයත් බළගැන්වෙන්නේ Android One ව්‍යාපෘතියට අයත් Android මෙහෙයුම් පද්ධතියකින් වන අතර මූලිකව Android Pie සමඟින් පැමිණීමට නියමිත මෙය වසර දෙකක් දක්වා software updates ලැබීමට සුදුසුකම් ලබනවා.

‍කොහොම වුණත් 2019 දී නිකුත් වීමට නියමිත අනෙකුත් flagship ජංගම දුරකථන වලට එකතු කිරීමට නියමිත Snapdragon 855 chipset එක හා 5G තාක්ෂණය මේ ජංගම දුරකථනයේ දකින්නට ලැබෙන්නේ නැහැ.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා XDA-Developers වෙබ් අඩවිය හා My Smart Price වෙබ් අඩවිය භාවිතා කළ හැක.