Android device ගැන කතා කරනකොට මේ devices වල (Huawei වගේ exceptional devices වල හැරුණම) default app store එක හැම එකකම වගේ Google Play Store එක.

මීට අමතරව Huawei App Gallery, Samsung Galaxy Store වගේ phone එකේ නිෂ්පාදකයා අනුවත් ඔවුන්ගේම apps stores pre-installed ලෙස නිකුත් කරනවා වුණත් මේ හැම app store එකකින්ම වැඩිම apps ප්‍රමාණයක් තියෙන්නෙ Google Play Store එකේ.

ඒත් සමහර වෙලාවට අපිට අපේ default apps store එකේ නැති සමහර apps එහෙම ගන්න මේ කියන app store වලට අමතරව මේ third-party apps stores භාවිතා කරන්න පුළුවන්.

ඉතින් අද අපි බලමු ගොඩාක් දෙනා පාවිච්චි කරන ටිකක් ප්‍රසිද්ධ third party app stores කිහිපයක් ගැන.

Amazon Appstore
Price: Free / App costs vary

Amazon apps store එක පවත්වාගෙන යන්නෙ අපි හැමෝම දන්න amazon සමාගම මගින්. මේ apps store එක නිපදවන්න මූලික අරමුණ වුනේ amazon සමාගමේ amazon fire devices සදහා අවශ්‍ය apps ලබාදීම සදහායි. මෙහි ලබාදෙන amazon coin මගින් apps purchase කිරීමටද හැකියාවක් තියෙනවා.

APKMirror
Price: Free

මේ store එක ගැනනම් නොදන්න කෙනෙක් නැතුව ඇති, මේ app store එකත් ගොඩක් ප්‍රසිද්ධ app store එකක්. මේ store එක පවත්වාගෙන යන්නෙ ප්‍රසිද්ධ Tech News වෙබ් අඩවියක් වන Android Police වෙබ් අඩවිය මගිනි. අපි කැමති හැම app එකකම වගේ අපිට ඕන version එකක් download කරගන්න ඕන නම් මේ store එක ගොඩක් වටිනවා.

Aptoide
Price: Free / App prices vary

මේ apps store එකත් ඉතාමත් ජනප්‍රිය third-party app store එකක්. මේ store එකට user friendly app interface එකක් තියෙනවා දැකගන්න පුළුවන්. මෙය දැනට මිලියන 200ක පමණ users ලා ප්‍රමාණයක් භාවිතා කරනවා. මේක තමයි දැනට තියෙන largest independent Android app store එක.

APKPure
Price: Free / App prices vary

මේකත් ගොඩක් දෙනා අතර ප්‍රසිද්ධ third-party appstore එකක්. Aptoide store එකේ වගේම user friendly app interface එකක් අපිට මේ store එකෙත් බලාගන්න පුළුවන්.

F-Droid
Price: Free

F-Droid app store එකේ තියෙන ගොඩාක් FOSS ( Free Open Source Software) apps.
මේ app store එකේ playstore එකේ නැති ගොඩාක් වටින apps free ලබාගන්න පුළුවන්.


කොහොම වුණත් unauthorized third-party stores වලින් apps download කරද්දි security එක ගැනත් ටිකක් සැලකිලිමත් වෙන්න වෙනවා. ඒ වගේම ගොඩක් වෙලාවට Google Play Protect එකෙන් Google Play Store හරහා download කරපු නැති apps risk එකක් විදිහට පෙන්නන්නත් කටයුතු කරනවා.

මීට අමතරව තවත් ටොන් ගණනක් app stores තියෙනවා. ඔයා පාවිච්චි කරන වෙන third-party app stores තියෙනවනම් අපේ ඒ ගැන අපේ Community එකට ඇවිත් කියන්නත් අමතක කරන්න එපා.