සිංහල භාෂාව කියන්නේ ලෝකයේ ඉන්න ඉතාමත් සීමිත පිරිසක් කතා කරන, නමුත් ඉතාමත් පැරණි ඒ වගේම හොඳින් පෝෂණය වුණු භාෂාවක්. ඒ නිසාම පිට රට කෙනෙකුට මේ සිංහල භාශාව උගන්වන්න ගියාම, ඒක ඉතාමත් අසීරු කටයුත්තක් වෙනවා.

කොහොම නමුත් මේ වෙනකොට අපිට අපේ සිංහල භාෂාව ජාත්‍යන්තර මට්ටමට ගෙනියන්න, හැකියාව ලබාදීමට Google සමාගම කටයුතු කරලා තියෙනවා.

ඉතින් මේ වෙද්දි ඔයාලා හැමොම වගේ ඉංග්‍රිසි වචන/වාක්‍යය සිංහලට Translate කරන්න Google Translate සේවාව පාවිචි කරනවා ඇති. කොහොම වුණත් සිංහල භාෂාව කියන්නේ ඉතාම සංකිර්ණ භාෂාවක් නිසා Google සමාගමේ මේ Tool ඉතාමත් නිවැරදිව වැඩ කරන් නෑ. මේ Google Tools වැඩ කරන්නේ AI එහෙමත් නැතිනම් කෘතීම බුද්ධියක් භාවිතා කරමින් වන අතර මේ AI එක නිවැරදිව පුහුණු කරන තරමට තමයි නිවැරදි ප්‍රතිඵලයක් ලබාගන්න හැකියාව ලැබෙන්නේ.

උදාහරණයක් විදිහට "හිමි සඳ නගරයට ගොස් පැමිණෙන සඳ අහසේ තිබූ අටවක සඳ දුටුවේය." වගේ වාක්‍යයක සඳ කියන වචනය තැන් 3ක අතිශයින්ම වෙනස් තේරුම් 3ක් සහිතව භාවිතා වෙනවා දකින්න පුළුවන්.

ඉතින් මේ වගේ දෙයක් මනුස්සයෙකුට කෙසේ හෝ තේරුම් කළ හැකි වුණත්, පරිගණකයකට ඉගැන්වීම ඉතාමත් අපහසු කටයුත්තක් වෙන බව අමුතුවෙන් කියන්න ඕන නැහැ.

කොහොම වුණත් Google සමාගම විසින් හඳුන්වා දී තිබෙන Google Crowdsource කියන platform එක හරහා අපිටත් පුලුවන් Google වල තියෙන A.I එකට අපේ සිංහල භාෂාව භාවිතා වෙන හැටි උගන්න.

ඉතින් මේ වැඩේට Google Crowdsource කියන App එක අපිට ඕන වෙනවා. මේ app එක ඔයාලට Play Store එකෙත් Download කරගන්න පුලුවන්, ඊට පස්සේ මේ App එකට ඔයා සාමන්‍යයෙන් පාවිචි කරන Google Account එකෙන් Log වෙන්න.

ඔයා මේ App එක පලවෙනි පාරට Open කරන කොට ඔයාට Languages තෝරන්න එනවා. මෙතනදී ඉංග්‍රිෂී භාෂාව ඉබේම සිලෙක්ට් වෙලා තියෙනවා බලාගන්න පුලුවන්. ඔයා සිංහල භාෂාවත් තෝරලා මෙතනට Add කරගන්න. ඊළගට Image label verification, Handwriting verification, Translation, Image Capture වගේ කොටස් කිහිපයක් ඔයාට බලාගන්න පුලුවන්. මේ කියන options හරහා ගිහින්, අපිට මේ AI එක පුහුණු කරන්න හැකියාව තියෙනවා.

මේක අපේ භාෂාව පිළිබඳ දෙයක් නිසා, මේ වැඩේ කරන කොට ඉතාමත් නිවැරදිව දත්ත ඇතුලත් කරන්න අපි වග බලාගන්න ඕනේ.  ඒ නිසා ඔයා දන්නේ නැති දෙයක්, එහෙමත් නැතිනම් හරියටම sure නැති දෙයක් තියෙනවා නම් ඒ දේවල් වලට හිතෙන දෙයක් ඇතුලත් කරන්නේ නැතුව, ඒක Skip කරලා ඊලග එකට යන්න අනිවාරෙන්ම කටයුතු කරන්න.

ඔයා මේ වැඩේ කරගෙන යනකොට, Google සමාගම විසින් ඔයා කරන දේවල් අනුව ඔයාට එක එක Badges ලබා දෙන්න කටයුතු කරනවා. මේ App එකේ තියෙනවා Achievements කියලා කොටසක්. එතන තියෙනවා ඔයා දැන් ඉන්න level එක, ඒ වගේම ඔයාට දැනට හිමි වෙලා තියෙන badges ප්‍රමාණයත්.

මේ වගේ දේවල් වලදි බොහෝ වෙලාවට වැරදි තේරුම් සහිත දේවල් ඇතුලත් කරලා ඉතාමත් පහත් මට්ටමේ වින්දනයක් ලබන පිරිසක් ඉන්නවා. මේ විදිහට වැරදියට ඇතුලත් කරන තොරතුරු ඇත්තටම Google එකේ වැඩි දවසක් තියෙන්නේ නෑ. මොකද ඔයා එකතු කරන හැම දෙයක්ම තවත් සිය ගණනක් දෙනා අති verify වෙලා තමයි live system එකට එකතු වෙන්නේ.

ඉතින් ඔයා ඒ අතරින් කෙනෙක් නොවී, තමන්ගේ මව් භාශාව අන්තර්ජාතික තලයට ගෙනියන්න නිහඬ මෙභෙවරක් කරපු සාඩම්බර පුරවැසියෙක් වෙන්න අමතක කරන්නත් එපා.

මේ වැඩේ හරියට කලොත්, ඉදිරියේදී අපිට Tech News සිංහලෙන් ලිය ලිය ඉන්න ඕන වෙන එකක් නෑ. English වලින් නිකුත් වෙන News article එක real-time ම translate කරලා, ඒ වෙලාවෙම කියවන්න පුළුවන් තත්ත්වයක් උදා වෙයි.

සමහර විට Google Crowdsource ගැන මීට වඩා දේවල් ඔයා දන්නවා වෙන්නත් පුළුවන්. ඉතින් ඔයා දන්න කරුණු තියනවා නම් හෝ මේ ගැන ප්‍රශ්න තියනවා නම් ඒ ගැන අපේ Community එකට ඇවිත් කියන්නත් අමතක කරන්න එපා.