2019 වර්ෂයේ පැවති Facebook සමාගමේ F8 developer conference එක අතරතුර Mark Zuckerberg විසින් හඳුන්වාදීමට කටයුතු කරනු ලැබූ Facebook එකේ අලුත් design එක පසුගිය මැයි මාසයේදී ගෝලීය වශයෙන් නිකුත් කිරීමට කටයුතු කරනු ලැබූ බව අප පෙර ලිපියකින් ඔබව දැනුවත් කළා.

Dark mode එකකින් සමන්විත Redesign කරන ලද Facebook Web App එක ගෝලීය වයෙන් නිකුත් කිරීමට කටයුතු කරයි
Facebook හි ප්‍රතිනිර්මාණය කරන ලද desktop වෙබ් අඩවිය දැන් ගෝලීය වශයෙන් ලබා ගතහැකි බව සමාගම පසුගිය සිකුරාදා (8 වෙනිදා) නිවේදනය[https://about.fb.com/news/2020/05/the-new-facebook-com/] කළේය. Facebook blog අඩවියේ සටහනක් දක්වමින් Facebook සමාගම ප්‍රකාශ කරන්නේ, නව interfaceඑක දැන් ගෝලීය වශයෙන් නිකුත්…

ඒ වගේම සැප්තැම්බර් මාසයේදී Facebook පරීශීලකයන් විසින් භාවිතා කළ Classic design එක සඳහටම නතර කර දැමීමට Facebook සමාගමව විසින් කටයුතු කර තිබුණා.

කොහොම නමුත් වසර ගණනාවක් තිස්සේ Facebook හි පවතින classic design එකට හුරු වී සිටින බොහෝ දෙනා මේ අලුත් interface එකට එතරම් කැමැත්තක් දැක්වූ බවක් නම් පෙනෙන්නට නොතිබුණු අතර, ඔබ design එකට අකමැති නම්, classic design එක වෙත නැවත යාමට option එකක් ද ලබාදීමට Facebook ආයතනය කටයුතු කර තිබුණත්, මේ වන විට අපට එම option එකක් ද බලා ගැනීමටද හැකියාවක් ලැබෙන්නේ නැහැ.

මෙයට විසඳුමක් ලෙස දැන් ඔබට Switch to Classic design on Facebook නම් Extension එකක් ඔබගේ web browser එකට යෙදිමෙන් ඔබට නැවතත් Facebook හි classic design එක වෙත මාරු විමට හැකියාව ලැබෙනවා.

Switch to Classic design on Facebook™
Don’t you like new Facebook design? Use this extension which will automatically switch to the Classic design!

ඔබ Google Chrome, Opera හෝ Microsoft Edge වැනි web browser එකක් භාවිතා කරන්නෙකු නම් ඔබට Chrome web store එක හරහා "Switch to Classic design on Facebook™" නම් Extension එක භාවිතයට ගැනීමට හැකියාව තිබෙනවා.

Old Layout for Facebook – Get this Extension for 🦊 Firefox (en-US)
Revert Facebook to the Old Layout (pre-Sep 2020) by changing your browser’s user-agent string to one not supported by the new layout

ඒ වගේම ඔබ Firefox Web browser එක භාවිතා කරන අයෙක් නම් "Old Layout for Facebook" යන Extension එක භාවිතයට ගැනීමට පුලුවන්.

ඔබත් මෙම නව Facebook design එකට එතරම් කැමැත්තක් දක්වන්නෙකු නොවේ නම් මෙම extension එක සම්පූර්ණයෙන්ම නොමිලයේ ලබාගතහැකි නමුත්, මෙය කෙතරම් කාලයක් ක්‍රියාත්මක වේවිද යන්න සැක සහිතයි.