තාක්‍ෂණික සමාගම් විසින් මිනිසුන්ගේ මනෝ විද්‍යාව හසුරුවා ඇති ආකාරය පිළිබඳ කරනු ලැබු ඉතා සාර්ථක Netflix documentaryයක් ලෙස "The Social Dilemma" චිත්‍රප‍ටය පෙන්වා දෙන්න පුලුවන්.

මෙම The Social Dilemma documentary එක නැරඹිමෙන් පසු මේ වන විට සමහර social media භාවිතා කරන්නන් තමන්ගේ social media ගිණුම් පවා අයින් කර ගන්නා බවක් අන්තර්ජාලයේ පලවී ඇති තොරතුරු මගින් සනාථ වෙනවා.

සැප්තැම්බර් 9 වන දින Netflix හි තිරගත විම ආරම්භ වූ මෙම “The Social Dilemma” documentary එක Netflix හි ජනප්‍රියම චිත්‍රපට 10 අතරට නිරන්තරයෙන් පිවිසෙනේ “මෙතෙක් නිර්මාණය වී ඇති සමාජ මාධ්‍ය පිළිබඳ වඩාත්ම පැහැදිලි, සාරාංශගත සහ ගැඹුරු විශ්ලේෂණයක් කර ඇති documentary එකක්” ලෙස පැසසුමට ලක්වෙමින්.

මේ වන විට IMDB හි 7.8/10 අගයක් ලබා ගැනීමටද මෙම චිත්‍රපටයට හැකියාව ලැබී ඇති අතර මෙම චිත්‍රපටයේ Director වනුයේ Jeff Orlowski මහතාය.

එමෙන්ම

  • Google සමාගමේ හිටපු Design Ethicist / Center for Humane Society, Co-Founder වන Tristan Harris,
  • Twitter සමාගමේ හිටපු විධායක නිළධාරියෙකු වන Jeff Seibert,
  • මුල් Instagram team එකේ සිටි Bailey Richardson,
  • Google සමාගමේ සිටි Experience Design Consultant කෙනෙකු වන Joe Toscano,
  • Facebook සමාගමේ හිටපු operations manager කෙනෙකු සහ Uber සමාගමේ හිටපු product manager කෙනෙකු වන Sandy Parakilas,
  • YouTube ආයතනයේ හිටපු Engineer කෙනෙකු සහ IntuitiveAI හි CEO වරයා වන Guillaume Chaslot මෙන්ම,
  • Apple ආයතනයේ අධ්‍යක්ෂකවරයෙකු ලෙස සේවය කළ Lynn Fox

වැනි සැබෑ ජීවිතයේ මෙවැනි ප්‍රසිද්ධ තාක්ෂණික සමාගම් වල සිටි දැවැන්ත පුද්ගලයන් කිහිපදෙනෙකුම මෙම චිත්‍රපටය සාර්ථක කර ගැනීමට උපකාර කරලා තියෙනවා.

The Social Dilemma (2020) - IMDb
The Social Dilemma is a movie starring Tristan Harris, Jeff Seibert, and Bailey Richardson. Explores the dangerous human impact of social networking, with tech experts sounding the alarm on their own creations.

Targeted ads සහ social media සඳහා ඇබ්බැහි වීම ඇති කිරීම සඳහා පරිශීලකයින්ගේ හැසිරීම නිරීක්ෂණය කිරීමේ මූලික ව්‍යාපාරික ආකෘතියක් මත අන්තර්ජාලයේ වඩාත්ම ජනප්‍රිය නිෂ්පාදන ක්‍රියා කරන ආකාරය පිළිබඳ The Social Dilemma documentary එක තුල කතා වෙනවා.

මෙම චිත්‍රපටය ස්පර්ශ කරන බොහෝ කරුණු අතර තාක්ෂණික සමාගම් විසින් මැතිවරණ, ජනවාර්ගික ප්‍රචණ්ඩත්වය සහ මානසික පීඩනය හා සියදිවි නසාගැනීම් කෙරෙහි බලපෑම් කර ඇති ආකාරය සාකච්ඡාවට ලක් වෙන අතර social media තුල සාමන්‍ය පරිශීලකයින් විසින් නොදන්නා බොහෝ කරුණු මෙම documentary එක මගින් බලා ගන්න පුලුවන්.

The Social Dilemma | Netflix Official Site
This documentary-drama hybrid explores the dangerous human impact of social networking, with tech experts sounding the alarm on their own creations.

ඔයා social media භාවිතා කරන කෙනෙක් නම්, මේක අනිවාර්යයෙන්ම බලන්න ඕන Movie එකක් කියලා මම යෝජනා කරනවා.

මේ පිළිබඳ වැඩි විස්තර දැන ගැනීම සදහා CNB වෙබ් අඩවිය සහ IMDB වෙබ් අඩවිය භාවිතා කර හැක.