අන්තර්ජාලය භාවිතා කරන ඔබත් මමත් ඇතුලු අප බහුතරයක් දෙනා එදිනෙදා වැඩ පහසු කර ගැනීමට සහ අනෙකා අතර සම්බන්ධතා පවත්වා ගෙන යාමට විවිධ වූ messaging සේවාවන් මේ වන විට භාවිතා කරනවා.

WhatsApp, Viber, Messenger වැනි ප්‍රසිද්ධ messaging සේවාවන් රැසක් අප දැනටමත් භාවිතා කලත් ‍ලංකාවේ බොහෝ දෙනෙකු භාවිතා නොකරන, ඒත් ලෝකය පුරා ඉතාමත් ප්‍රසිද්ධ messaging සේවාවක් තමයි Telegram කියන්නේ.


Telegram කියන්නේ මොකක්ද ?

රුසියානු ජාතික ව්‍යවසායකයෙකු වන Pavel Durov විසින් multi-platform messaging සේවාවක් ලෙසින් ආරම්භ කරනු ලැබූ Telegram ‍සේවාව, 2013 ඔක්තෝබර් 20 වන දින Android දුරකථන සඳහා හඳුන්වා දුන් අතර මේ වන විට මිලියන 500 ක‍ට අධික පරීශීලකයින් සංඛ්‍යාවක් භාවිතා කරන බවට වාර්ථා වෙනවා.

Telegram App එක Google Play Store වල downloads මිලියන 500 සන්ධිස්ථානය අභිබවා යාමට සමත් වෙයි
Telegram සේවාව ඔවුන්ගේ milestone එකක් වූ active පරිශීලකයින් මිලියන 400 සීමාව පසුකළ බව මීට ටික දිනකට පෙර අපි ඔබව දැනුවත් කළා මතක ඇති. මෙම වසර ඇතුළත Telegram සදහා group video calls පහසුකම ඇතුළත් කිරීමට සූදානම් වෙයිTelegram කියන්නේ දැනට මිලියන 400ක් පමණ active usersලා සහිත messaging app එකක්වගේම අන…

Telegram කියන්නේ තවත් Messaging App එකක් විතරයිද?

Telegram සේවාව මූලික වශයෙන් අනෙකුත් බොහෝ messaging apps වලට සමානව වැඩ කරන අතර ඔබට වෙනත් telegram user කෙනෙකු හට messages යැවීමට, group conversations ආරම්භ කිරීමට, calls, files සහ stickers යැවීමට වැනි සාමන්‍ය පහසුකම් ද telegram මඟින් ලබා දිලා තියෙන නමුත් මෙහි ප්‍රධාන feature එකක් ලෙස සලකන්නේ telegram විසින් ඔවුන්ගේ පරිශීලකයන්ගේ privacy එක ආරක්ෂා කිරීම සඳහා ගෙන ඇති ප්‍රතිපත්තිය සහ ක්‍රියාමාර්ගයි.

මීට අමතරව ‍අනෙකුත් ප්‍රධාන messaging platforms වල දැකිය නොහැකි, ඕනෑම devices ගණනක් හරහා එකවර භාවිතා කළ හැකි වීම, සාමාජිකයින් 200,000 දක්වා වන groups නිර්මාණය කිරීම, සීමාවක් නොමැතිව සාමාජිකයින් එකතු කරගත හැකි broadcasting channels නිර්මාණය කිරීමේ හැකියාව වැනි ඉතාමත් ප්‍රයෝජනවත් පහසුකම් රාශියක් මේ platform එකේ අන්තර්ගත වන අතර ඒ පිළිබඳව අපි මීළඟට අවධානය යොමු කරමු.

Telegram හි ඇති විශේෂ feature පිළිබඳව

privacy & Secure

සමාගමකට, රජයට, හැකර්වරුන්ට හෝ වෙනත් තෙවන පාර්ශවයකට අනෙක් අයගේ messages අනවසරයෙන් බැලීමට නොහැකිවන පරිදි telegram සඳහා end-to-end encryption තාක්ෂණය භාවිතා කරනවා.

Telegram ආයතනය විසින් පරිශීලකයින්ගේ privacy එක ආරක්ෂා කිරීමට නිරන්තරයෙන් කැපවන බවට පෙන්වා දිය හැකි හොඳම නිදසුනක් නම්, 2018 වර්ශයේදී රුසියානු රජයෙන් telegram ban කිරීමට කටයුතු කළ අතර එයට හේතුව වන්නේ රැසියානු රජයෙන් telegram හි end-to-end encryption එකේ keys ඉල්ලා සිටිමේදී Telegram ආයතනය විසින් රුසියානු රජයට එම දත්ත ලබාදීම ප්‍රතික්ෂේප කිරීමයි.

Secret chats

Secret chats යනු ඔබට වෙනත් කෙනෙකු සමඟ end-to-end encrypted කළ messages යැවීම සඳහා භාවිතා කළ හැකි විශේෂාංගයක් වන නමුත් එහි ඇති වාසිය වන්නේ Secret chats මඟින් messages forward කිරීමට හෝ screenshots ලබා ගැනීමට නොහැකි වෙන ලෙස මෙය නිර්මාණය කර තිබිමයි.

උදාහරණයක් වශයෙන් ඔබගේ අතිශය පෞද්ගලික තොරතුරක් මිතුරෙකු හෝ පවුලේ අයෙක් සමඟ බෙදා ගැනීමට මෙම secret chats feature එක භාවිතා කිරීමට හැකියාව ලැබෙනවා.

Self-destruct timers

ඔබ secret chats තුල chat කළ දේවල් ඉදිරියටත් බැලීමට අවශ්‍ය නොවේයැයි සිතනවා නම් එම chats permanently remove විම සදහා timer එකක් භාවිතා කිරීමට හැකියාව ලැ‍බෙන නමුත් පණිවිඩයක් ලැබීමෙන් පසු එය කලින් ඔබ තීරණය කළ time period සඳහා පමණක් එම chat එකේ දැක ගැනීමට හැකිවන අතර එම time period එක ඉක්මවා ගිය විට අදාල massages automatically remove වෙනවා.

මෙම time period එක සඳහා ඔබ‍‍ට තත්පර කිහිපයක සිට සතියක් දක්වා කාලසීමාවක් ලබා දීමට හැකියාව පවතින අතර මෙය Facebook Messenger, WhatsApp සඳහා ද තවමත් ලබා දී නොමැති feature එකකි.

Global message deletion

Telegram පරිශීලකයන් හට වෙනත් පුද්ගලයෙක් විසින් ඔබට එවූ messages delete කිරීමට ඉඩ ලබා දී ති‍බෙන නමුත් එය තරමක් divisive feature එකක් වන අතර ඔබගේ messages වෙනත් අයෙකු විසින් delete කර දැමීම එතරම් හොඳ ක්‍රියාවක් යැයි සිතිමට අපහසුය.

නමුත් ඔබේ conversation එක ඔබ සහ ඔබ හොදින් විශ්වාස කරන පුද්ගලයෙකු අතර නම් එය ඔබගේ online communications පාලනය කිරීමට තවත් පහසු කරවයි.

Large file size limit

ඔබට විශාල files යැවීමට අවශ්‍ය නම් එක වරක‍ට 2GB දක්වා files යැවිම සඳහා සහය දක්වමින් telegram නිපදවා ඇති අතර මෙම හේතුව නිසාවෙන් telegram තුල Films, Games, Porns වගේ දේවල් වැඩිපුර share වෙන බව දැක බලා ගැනීමට හැකියාව තිබෙනවා.

කෙසේ වෙතත් WhatsApp මගින් files යැවීමට හැක්කේ 100MB කරම් ‍කුඩා අගයක් දක්වා පමණයි.

Customizations

Telegram app එක තමන්ට කැමති ආකාරයට app color වැනි දෑ customize කර ගැනීමට හැකියාව ලබා දී ඇති අතර ඔබට chatbot භාවිතා කිරීමට සහ නිර්මාණය කිරීමට පවා telegram මඟින් ඉඩ ලබා දී තිබෙනවා.

Silent Messages

මෙය පසුගිය වසරේදී පමණ එකතු වූ feature එකක් ‍වන අතර ඔබට යම්කිසි පුද්ගලයෙකු හට පණිවිඩයක් යැවීමට අවශ්‍යය නමුත්, ඔවුන්ගේ දුරකථන නාද විමකින් තොරව එම පණිවිඩය යැවිමට මෙම විකල්පය භාවිතා කළ හැකිය.

විශේෂයෙන්ම අනෙක් පුද්ගලයා රැස්වීමක, පන්තියක හෝ නිදා සිටියදී මේ පහසුකම භාවිතා කළ හැකි වෙන අතර පහත දැක්වෙන ලිපිය මඟින් මේ පිළිබද වැඩි විස්තර දැනගැනීමට හැකිය.

Telegram හි නවතම update එක හරහා Silent Messages යැවීමේ හැකියාව ඇතුළු තවත් පහසුකම් රැසක් ලබාදෙයි
Telegram [https://telegram.org/] ආයතනය විසින් Android සහා iOS මෙහෙයුම් පද්ධතිසදහා අලුත් update එකක් (v5.10) නිකුත් කිරීමට කටයුතු කර ඇති අතර එය සුපුරුදු පරිදිනව අංග රැසකින් සමන්විත වෙනවා. මෙම සංස්කරණය හරහා හඳුන්වාදෙනු ලබන අලුත් පහසුකම් අතරින් කැපී පෙනෙන පහසුකමක් ලෙසSilent messages, එහෙමත් නැතිනම්…
Media editor

මෙම වසරේදී telegram සඳහා අලුතින්ම එකතු වූ අංගයක් වන්නේ Media editor feature එක වන අතර මෙමගින් Video Editing, Animated Stickers නිර්මාණය වැනි අලුත් features රාශියක් telegram වෙත එකතු කිරීමට ඔවුන් කටයුතු කර ඇති බවට අපි ඔබව මිට පෙර දැනුවත් කළා ඔබට මතක ඇති.

Video Editing, Animated Stickers නිර්මාණය වැනි අලුත් features රාශියක් Telegram වෙත එකතු කිරීමට කටයුතු කරයි
Messaging services අතරින් Telegram යනු මේ වන විට ඉතාමත් ජනප්‍රිය service එකක් වනඅතර Telegram App එක Google Play Store වල downloads මිලියන 500 සන්ධිස්ථානය අභිබවායාමට සමත් වු බව මීට පෙර අපි ඔබව දැනුවත් කළා මතක ඇති. Telegram App එක Google Play Store වල downloads මිලියන 500 සන්ධිස්ථානය අභිබවායාමට ස…

Telegram භාවිතා කළ හැකි උපාංග පිළිබඳව

Telegram Cloud-Based සේවාවක් නිසාම devices ගණනක් හරහා එක වර telegram භාවිතා කිරීමේ හැකියාව උදාවී ඇත.

ඔබගේ smartphones, tablets සහ පරිගණක වලින් පවා ඔබට telegram භාවිතා කළ හැකි අතර iOS (9.0+), Android (4.1 +) සහ Windows Phone මඟින්ද telegram app එක භාවිතයට ගැනීමට හැකියාව ලැබී තිබෙනවා.

ඔබට අවශ්‍ය නම් Telegram web එක හෝ Windows, macOS සහ Linux සඳහාද telegram desktop app එක install කරගැනීමට හැකියාව පවතිනවා.

තවද, ඔබට වෙනත් platform එකක් සඳහා telegram applications නිර්මාණය කිරීමට අවශ්‍ය නම් developer වරුන් සඳහා API ලබාගැනීමටද අවස්ථාව ලබා දී ති‍බෙනවා.

Telegram හි ඇති අඩුපාඩු පිළිබදව

Group voice calls

Calls ගැනීමට හැකියාව ඇති නමුත් Group calls ලබාගැනීම සදහා තවමත් telegram හි පහසුකම් සලසා නැති නමුත් මෙම පහසුකමද ඉතාමත් නුදුරේදීම ලැබෙනු ඇතැයි බොහෝ දෙනා අපේක්ෂා කරනවා.

Stories and statuses

Stories සහ statuses දැමිමේ පහසුකම telegram වලට ලබා දී නොමැති අතර මෙය ඇත්තවශයෙන්ම අවශ්‍යය feature ‍එකක්ද නොවන නමුත් අනෙකුත් messaging apps සමඟ සංසන්දනය කර බැලූ විට මෙය අඩුපාඩුවක් ලෙස පෙන්වා දෙන්න පුලුවන්.


මේ සඳහන් කරපු දේවල් වලට වඩා තවත් ගොඩක් පහසුකම් Telegram platform එකේ තියෙනවා. විශේෂයෙන්ම ඔයා developer කෙනෙක් නම්, ඔයාගේ apps සහ services මේ සේවාවත් එක්ක integrate කරන එක බොහොම පහසු කරන්න එයාලා කටයුතු කරලා තියෙනවා.

ඒ වගේම Telegram වල තියෙන විශේෂත්වය තමයි එයාලගේ updates දෙන frequency එක අනිත් messaging apps එක්ක බැලුවම ගොඩක් ඉක්මන්. ඉක්මන් වගේම හැම update එකකින්ම වගේ තවත් අලුත් දේවල් ගොඩක් මුළු platform එකටම එකතු කරන්න එයාලා කටයුතු කරනවා.


ඔයා Telegram එකට අලුතින් එන කෙනෙක් නම්, @TechNewsLK වගේම @TechieInstants official Telegram channels වලට join වෙන්නත් අමතක කරන්න එපා.

ඉතින් Telegram ගැන අපි කියපු දේවල් වලට අමතරව ඔයත් තව ගොඩක් දේවල් දන්නවා ඇති, ඒ දේවල් ගැන කතා කරන්න වගේම ඔයාට තියෙන ප්‍රශ්න, ගැටළු ගැන සාකච්ඡා කරන්න join වෙන්න අපේ Community එකත් එක්ක.