මේ දිනවල වෙනස් ආකාරයේ පහසුකම් සහිත Social media අප අතර ජනප්‍රියතාවක් උසුලනවා. ලංකාවේ නිර්මාණය වූ සරල හා වෙනස් ආකාරයේ අත්දැකීමක් ලබා ගත හැකි Social media එකක් ගැන තොරතුරු අපට දැනගන්නට ලැබුනා.

Moji නමින් හදුන්වන මෙම Platform එක 2021 ජුනි 01 වන දින ආරම්භ කල සේවාවක් වන අතර මේ වන විට මෙහි Beta සංස්කරණයක් ( Web version ) moji.lk වෙබ් අඩවිය හරහා අත්හදා බැලීමට හැකියාව ඔබ අප සියලු දෙනා හට ලබා දී තිබෙනවා.

Moji ගැන කතා කිරීමේදී මෙහි ඇති තරමක් විශේෂ පහසුකමක් වනුයේ "Story in Square" ක්‍රමයයි. මෙම පහසුකම හරහා ඔබ විසින් Moji තුළ පලකරන සැම පොස්ට් එකක්ම square හැඩයක් ගන්නවා. Text සහිත post පල කිරීමේදී මෙම පහසුකම භාවිතා කරමින් slides ආකාරයට ඒවා ඉදිරිපත් කිරීමට ඔබට හැකියාව පවතිනවා.

එමෙන්ම මෙලෙස slides ආකාරයට Text පළකිරීම තුළින් අදාල Text එක කියවන පුද්ගලයාට වඩාත් පහසුවෙන් (පොතක් කියවන ආකාරයට) කියවීමට හැකියාව ලැබෙනවා.

එමෙන්ම මෙම Plaform එක භාවිතයෙන් ඔබට ඔබගේ Photos සහ Text Share කර ගැනීමට හැකියාව ඇති අතර මෙහිදී Friends Only සහ Public ලෙස Option දෙකක් භාවිතා කිරීමටත් ඔවුන් ලබාදෙන Text formatting options භාවිතා කිරීමටත් ඔබට හැකියාව පවතිනවා.

ඊට අමතරව මෙහිදී මිතුරන් එකතු කර ගැනීමට සඳහා Friend Request යැවීමට හා වෙනත් පුද්ගලයන් අප වෙත එවන Friend request වලට ප්‍රතිචාර දැක්වීමට ද හැකියාව පවතිනවා.

Moji Plaform එක තුළදී අපට යම් කිසි Post එකකට React කිරීමට අවශ්‍ය වුවහොත් ඒ සඳහා Moji නමින් icon එකක් හදුන්වා දී ඇති අතර එය භාවිතා කරමින් තමන් කැමති ආකාරයේ Post වලට React කිරීමට ද තමන්ගේ අදහස් Comment ලෙස ඉදිරිපත් කිරීමට ද හැකියාව පවතිනවා.

තවද ඔබ කැමති ආකාරයේ Post Save කර තබා ගැනිමට හැකියාව ලබා දෙන පහසුමක්ද ‌Moji හරහා දැකගැනීමට හැකියාව ලැබෙනවා.

තවද මෙහි සරල හා අත්‍යාවශය අංගයන්ගෙන් සමන්විත Profile එකක් දැක ගත හැකි අතර මෙහි දී අපගේ මූලික විස්තර අන් අයට ඉදිරිපත් කිරීමටත් මෙතෙක් පළකර ඇති Post සියල්ල එකවර බලා ගැනීමටත් හැකියාව හැකියාව ලබා දෙනවා.

Moji Platform එක නිර්මාණය කළ කණ්ඩායම Technews.lk අපට කියා සිටියේ simple user interface එකක් හරහා පරිශීලකයන්ට ඉතා සරල හා පහසු සහ ආකාරයේ සමාජ ජාලා අත්දැකීමක් ලබා දීම Moji නිර්මාණයේදී ඔවුන්ගේ මූලික අරමුණ වූ බවයි.

එමෙන්ම මෙය තවමත් Beta Version එකෙහි පවතින බවත් ඉදිරියේදී මෙයට ඇතුළත් කළ යුතු ඔබ කැමති පහසුකම් යෝජනා කිරීමටත්, දැනට ඇති ගැටලු ඔවුන් වෙත ඉදිරිපත් කිරීමට හැකියාව පවතිනවා.

ඉතා ඉක්මනින් Moji සඳහා Android App එකක් හා iOS Application එකක් ද නිකුත් කිරීමට ඔවුන් බලාපොරොත්තු වන බව අපිට සඳහන් කළා. ඉතින් ඔබටත් පුලුවන් moji.lk වෙබ් අඩියට පිවිස එහි ගිණුමක් නිර්මාණය කිරීම තුළින් Moji භාවිතා කර බලන්න.