Web site එකකට යනකොට සමහර වෙලාවට Cookies allow කරන්න කියලා හරි එහෙම නැතිනම් ඒ Web site එක Cookies ගන්නවා කියලා හරි message එකක් හෝ popup එකක් වගේ ඔයාල අනිවාර්යෙන් දැකලා ඇති.

අන්තර්ජාලය භාවිතා කරන ඕනෙම කෙනෙකුට අතිශය සුලභ වුනාට හරියටම මේ Cookies ගැන දන්නවද? මේක ලියන්නේ මම දැකපු Meme එකක් නිසා. ඔය පහල තියෙන්නේ ඒක. මේ ලිපියේ අරමුණ ඕනෑම කෙනෙකුට ලේසියෙන් මේ ගැන තේරුම් ගන්න පුළුවන් වෙන එක. ඒනිසා ගොඩාක් තාක්ෂණික කරුණු සහ දීර්ඝ පැහැදිලි කිරීම් මේකේ මම ඇතුලත් කරන්නේ නැහැ.


මොනවද මේ Cookies?

සරලවම කිව්වොත් Cookies කියන්නේ වෙබ් අඩවියක් අපේ පරිගණකයේ තැන්පත් කරන පොඩි දත්ත ගොනුවක්. මේකේ තියෙන්නේ ඒ අදාළ වෙබ් අඩවිය ඇතුලේ පරිගණකය පාවිච්චි කරන පුද්ගලයාගේ Preferences, Choices, Activities වගේ දේවල්.

සාමාන්‍යයෙන් අපි කෑමට ගන්න Cookies ජාති වගේම browser cookies, HTTP cookies, web cookies, computer cookies වගේ විවිධ නම් වලින් මේ cookies හඳුන්වන අතර, First-party Cookies, Third-party Cookies, Session Cookies, Persistent Cookies, Secure Cookies විදිහට අපිට ප්‍රධාන වර්ග කිහිපයකුත් දැකගන්න පුළුවන්.

කොහොමද මේක හැදෙන්නේ?

පලමු වතාවට web site එකකට ඇතුලු වෙනකොට පෙන්වන accept cookies tab එක agree කලහම web site එකේ cookies අපේ browser memory එක ඇතුලේ තියෙන cookies store එක තුළ store වෙන්න පටන් ගන්නවා.

ඒක Disagree දුන්නා කියලා මහා වෙනසක් වෙන්නේ නම් නැහැ. යුරෝපයේ තියෙන General Data Protection Regulation නීතිය නිසා තමයි අඩුම ගානේ ඔය වගේ දැනුම්දීමක් වත් කරන්නේ.‍

මේ හැදෙන cookies වලට කරන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා. ඔයා යම් වෙබ් අඩවියක කරන Activities, Search, browsing history වගේ දේවල් මේවා හරහා track කරලා තියාගන්නවා.

මොකක්ද ප්‍රයෝජනේ?

වෙබ් අඩවි වලට පරිශීලකයින්ගේ එහෙම නැත්නම් අපේ preference අනුව දැන්වීම් එහෙම පෙන්වන්න මේවා ලොකු උදව්වක් වෙනවා. සරළ උදාහරණයක්‌ විදිහට ඔයා Aliexpress එකේ කරන Search එකට අදාලව පස්සේ Facebook එකේ ad එහෙම පෙන්වන්න ගන්නේ මේ cookies නිසා කියලා කියන්න පුලුවන්.

මේ ඔයාලව track කරන එක විදිහක් විතරයි, ඒවගේම වෙබ් අඩවි වල login එහෙමත් මේ cookies වල තැම්පත් වෙනවා. ඔයාලට එකපාරක් log වුන web site එකකට ආයේ login credentials type නොකර ඇතුලට යන්න ලැබෙන්නෙත් මේ cookies නිසා.

Website owners ලාට තමන්ගේ වෙබ් එකට එන Unique Visitors ලා ගැන වගේ දේවල් වල සෑහෙන්න Accurate count එකක් ගන්නත් මේ cookies උදව් වෙනවා. (Cookies වල තියෙන ID එක නිසා )

ඔයාගේ පරිගණකයේ save වෙන Cookies, එක එක වෙබ් සයිට් වලින් භාවිතා වෙන විදිහ අනුව Privacy වලටත් යම් හානියක් සිදු නොවෙනවා ම නෙමෙයි. Post එක දිග වෙන නිසා මේකේ ඉතිහාසය වගේ දේවල් ගැන නම් මම මේකේ සඳහන් කරන්නේ නැහැ අත්‍යාවශ්‍ය නොවෙන නිසා.

Cookies ගැන සරලව මෙම video එකෙ මඟින් තව දුරටත් පැහැදිලි කරනු ලබනවා.
මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Data prot වෙබ් අඩවිය සහ Kaspersky වෙබ් අඩවිය භාවිතා කළ හැක.