චීනයේ ව්‍යාප්ත වූ කොරෝනා වෛරස තත්වය ලෝක අවධානමක් බවට පත්වීමේ පසුබිම තුළ සෑම වසරකම පවත්වන්නට යෙදුණු WMC ප්‍රදර්ශනය එහෙමත් නැතිනම් World Mobile Conference එක මෙම වසරේ අත්හිටුවීමට තීරණය කෙරුණු බව ඔබ දැනටමත් දන්නවා ඇති.

මේ ප්‍රදර්ශනය තාක්ෂණික ලෝකයට ඉතාමත් වැදගත් වන්නේ ලොව ප්‍රසිද්ධ සමාගම් තාක්ෂණික වශයෙන් සිය නවෝත්පාදන එළිදක්වන්නට කටයුතු කරන්නේ මේ event එක අතරතුරදී වීම නිසාවෙනුයි.

TCL සමාගමද මෙම ප්‍රදර්ශනයයේදී එළිදැක්වීමට බලාපොරොත්තුව සිටි Concept දුරකථනයක තොරතුරු මේ වන විට අන්තර්ජාලයට නිකුත් වී තිබෙනවා.

අමුතු ආකාරයේ Design එකකින් යුතු මෙම දුරකථනය එක් පැත්තකට Slide කළ විට පුළුල් තිරයක් ලැබෙන ආකාරටයි නිර්මාණය කර තිබෙන නමුත් මෙය කිසිසේත්ම Fordable දුරකථනයක් නොවන බව සඳහන් වෙනවා.

අන්තර්ජාලයට නිකුත්ව ඇති ඡායාරූප අනුව මෙය Slide හා Un-Slide කළ විට තිරය හැසිරෙන්නේ කුමන ආකරයෙන්දැයි නිශ්චිතව පැවසිය නොහැකි නමුත් එය ඉතාම ආකර්ෂණීය නිමවුමක් බව නම් කිව හැකි වෙනවා.

කෙසේ වෙතත් Fordable දුරකථන පවා මේ වන විට නිශ්පාදන සංකීර්ණත්වය පිළිබඳව අභියෝගයට මුහුණ දී ඇති බැවින් මෙවැනි Design එකකින් යුතු දුරකථනක් වෙළඳපොලට පැමිණීමට බොහෝ කල් ගත වනු ඇති බව අනුමාන කළ හැකි වෙනවා.

නමුත් චීනයේ හැර ජාත්‍යන්තර වශයෙන් ජංගම දුරකථන වෙළඳනාමයක් ලෙස තවමත් ස්ථාවර නැති සමාගමක් ලෙස TCL මෙම දුරකථනය එළිදැක්වීමට සමත් වුවහොත් එය එම සමාගමට සුවිශේෂ කාරණයක් වනු ඇති.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා GSM Arena වෙබ් අඩවිය සහ CNET වෙබ් අඩවිය භාවිතා කළ හැක.