Android මෙහෙයුම් පද්ධතියේ මීළඟ සංස්කරණය වන Android 11 සංස්කරණයේ පළමුවැනි Developer Preview සංස්කරණය මේ වන විට නිකුත් කිරීමට Google සමාගම කටයුතු කර තිබෙනවා.

සාමාන්‍යයෙන් සෑම වසරකම පාහේ මාර්තු මාසයේදී මේ පළමුවැනි developer preview එක නිකුත් කිරීමට Google සමාගම කටුයුතු කලත් මෙම වසරේ එය පෙබරවාරි මාසයේදී ම නිකුත් කිරීමට ඔවුන් සමත් වී තිබෙනවා.

Turning it up to 11: the first Developer Preview of Android 11
Android has led the way towards the future of mobile, with new technologies like 5G to foldable displays to machine learning built into the core. A hallmark of our approach is a strong developer community that provides early and thoughtful feedback, helping us deliver a robust platform for apps and …
Android 11 Developer preview 1 - නිළ නිවේදනය

මේ අනුව Pixel 2 / 2 XL, Pixel 3 / 3 XL, Pixel 3a / 3a XL, හෝ Pixel 4 / 4 XL යන Pixel ජංගම දුරකථන හිමියන් හට මේ developer preview එකට අදාල system images download කරගැනීමේ හැකියාව ලබාදී ඇති අතර පළමුවැනි Pixel ජංගම දුරකථනය, එනම් Pixel 1 ජංගම දුරකථනයට Android 11 ලබාදීමක් සිදු වන්නේ නැහැ.

Downloads for Google Pixel | Android Developers
Instructions for downloading and installing preview system images for Pixel devices
Android 11 Developer Preview 1 - System imags

5G තාක්ෂණය සඳහා අවශ්‍යය වන පහසුකම් සියල්ලක්ම පාහේ මේ සංස්කරණයට අන්තර්ගත කර තිබෙන අතර Stadia වැනි game streaming සේවාවන් වලට අවශ්‍යය වන low-latancy video decoding වැනි පහසුකම් මෙන්ම Dynamic meteredness API, එනම් අදාල connection එක unmetered නම්, හොඳ තත්ත්වයේ resolution එකක් සහ quality එකකින් යුතු content ලබාගැනීම සඳහා වැඩි data ප්‍රමාණයක් භාවිතා කිරීමේ හැකියාව වැනි දේ අන්තර්ගත වෙනවා.

මීට අමතරව පසුගිය Android සංස්කරණ වලදී Notch එකක් සහිත screen වලට සහාය දැක්වීම අන්තර්ගත කෙරුණු ආකාරයෙන්ම මෙවර Pinhole (බොහෝමයක් Samsung දුරකථන වල දකින්නට ලැබෙන camera එක වෙනුවෙන් සිදුරක් ඇති display) සහ waterfall screens, එනම් සාමාන්‍යය display එකෙන් ඔබ්බට ගොස් curved display වැනි screen types භාවිතා කරනු ලබන අවස්ථාවන් වලට සහාය දැක්වීමට සඳහා අලුත් API කිහිපයක් ද මෙයට අන්තර්ගත වෙනවා.

Notification center එකට Conversations යන නමින් අලුතින් කොටසක් එකතු වන අතර Bubbles Notifications පහසුකම ද Android 11 වල සිට default ලෙසම enable කිරීමට කටයුතු කර තිබෙනවා.

එමෙන්ම Location, Microphone සහ Camera එක වැනි පහසුකම් access කිරීම සඳහා One-time permission නමින් අලුත් access method එකක් හඳුන්වාදීමටත් කටයුතු කර තිබෙනවා. මේ අනුව යම්කිසි app එකක් open කරන විට එය close කරන කාළසීමාව දක්වා පමණක් අදාල permissions ලැබෙනවා.

බොහෝ දෙනෙක් මේ වන විටත් භාවිතා කරනු ලබන Dark Mode එකට scheduling පහසුකම එකතු කිරීමත් Android 11 සමඟින් ලැබෙනු ඇති අතර, අපි මීට පෙර ඔබව දැනුවත් කළ ආකාරයට Airplane mode එක on කළ විට Bluetooth headset එක සමඟ සම්බන්ධතාවය අහිමි වීම වැනි ගැටළු ද මෙහිදී fix කර තිබෙනවා.

Airplane mode එක on කිරීමත් සමඟින් Bluetooth Audio නතර වීමේ ගැටළුව Android 11 වලදී fix කිරීමට කටයුතු කරයි
අපි භාවිතා කරන සෑම smartphone එකකම පාහේ අන්තර්ගත වන Airplane mode එක ගැන මේ වනවිට නොදන්න කෙනෙක් නැහැ. මේ airplane mode එකෙන් වෙන්නේ අපේ ජංගම දුරකථනයේ තිබෙන සියළුම radio signal නිකුත්වන උපාංග ක්‍රියා විරහිත කිරීම වන අතර airplane එකකදී එයට ලැබෙන/යවනු ලබන පණිවිඩවලට බධාවක් නොවීම සඳහා මූලිකව මෙය නිර්…

මීට අමතරව තවත් පහසුකම් රාශියක් මෙම release එකට අන්තර්ගත වන නමුත් මෙම සංස්කරණය නිකුත් කර තිබෙන්නේ developer වරුන් හට වන බැවින් තවමත් මෙහි එතරම් UI හෝ UX වෙනස්කම්, එනම් බහිරින් පෙනෙන වෙනස්කම් එතරම් දැකිය නොහැකි වෙනවා.

කොහොම නමුත් මේ Developer Preview 1 සංස්කරණය ස්ථාපනය කිරීමේදී ඔබට මීළඟ සංස්කරණ සඳහා OTA updates, එහෙමත් නැතිනම් ජංගම දුරකථනය හරහා ම මීළඟ version වලට update කිරීමේ හැකියාව නොලැබෙන අතර, එය පරිගණකයක් ආධාරයෙන් manually සිදු කළ යුතු වෙනවා.

මැයි මාසයේ පැවැත්වීමට නියමිත Google I/O event එක අතරතුර මේ පිළිබඳව වැඩිදුර විස්තර ලබාදීමට Google සමාගම කටයුතු කරනු ඇති.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ Android Developer Blog එක, The Verge වෙබ් අඩවිය හා TechCrunch වෙබ් අඩවිය භාවිතා කළ හැක.