බිලියන දෙකක පමණ මාසික භාවිතා කරන්නන් පිරිසක් සිටින Whatsapp වලට මෑත කාලීනව අලුත් පහසුකම් කිහිපයක්ම හදුන්වා දීමට ඔවුන් කටයුතු කරනු ලැබුවා.
අලුතින් හදුන්වාදුන් group managing වලදී user search කිරීමේ පහසුකම, group administrators හැරෙන්නට අනෙක් අයට messages හැකිමේ හැකියාව නවතාලිය හැකි පහසුකම (Only Admin can sent message), notifications වලට shortcut button එකක් ලෙස එන mark as read පහසුකම ලබාදීම, picture-in-picture mode එක, group voice හා video calling පහසුකම ලබාදීම වගේ දේවල් ඒ අතර කැපී පෙනෙනවා.
ඉතින් මේ කියන්නේ ඒ වගේම තවත් අලුතින්ම Android වලදී Whatsapp වලට එකතු වෙන්න තියන පහසුකමක් ගැනයි. මේ පහසුකම Swipe to Reply කියන නමින් හැඳින්වෙන අතර මේ වෙනකොටත් WhatsApp Beta v2.18.300 කියන සංස්කරණය හරහා අත්විදින්නට හැකියාව තියෙනවා.
ඔයාට ලැබෙන WhatsApp message එකක් පැත්තට Swipe කරල ඉතා පහසුවෙන් එම පණිවිඩයට Replay එකක් දාන්න මේ Swipe to Reply පහසුකම හරහා අවස්ථාව ලැබෙනවා.

WABetaInfo කියන්නේ WhatsApp එක විසින් නිකුත් කරනු ලබන ඔවුන්ගේ අළුත්ම APK files වල code එක නිරීක්ෂණය කර, නුදුරු අනාගතයේදී හඳුන්වාදීමට නියමිත පහසුකම් ගැන කලින්ම කියන පිරිසක් වන අතර මේ ගැන ඔවුන්ගේ නිළ Twitter ගිණුමේ සදහන් කර තිබුනේ මේ ආකාරයෙන්.
WhatsApp is rolling out the Swipe to Reply feature on the 2.18.300 Android beta right now!
— WABetaInfo (@WABetaInfo) October 1, 2018
Enjoy 😊 https://t.co/bW7a6FO0nE
ඉතින් මේ පහසුකම නුදුරේදීම WhatsApp භාවිතා කරන සියළු දෙනාට ලබා දීමට WhatsApp සමාගම කටයුතු කරනු ලබනු ඇති අතර ඊට කලින් මේ අලුත් පහසුකම් භාවිතා කරන්නට අවශ්‍යය නම්, ඔයාටත් පුලුවන් Whatsapp Beta tester කෙනකේ විදිහට මේ අලුත් පහසුකම අත්විඳින්න. එසේ නැත්නම් ApkMirror හරහා Whatsapp Beta version එක ලබාගන්න පුලුවන්.
mspoweruser වෙබ් අඩවියෙන් මෙන්ම xda-developers වෙබ් අඩවියෙන් මේ ගැන වැඩිදුර විස්තර දැනගන්නත් ඔයාට අවස්ථාව තියනවා. මීට අමතරව ApkMirror වෙබ් අඩවිය හරහා මීට අදාල WhatsApp Beta සංස්කරණය download කරගන්නත් පුළුවන්.
Update: 03/10/2018 1:15PM
මේ පහසුකම iOS වලදී WhatsApp වලට දැනටමත් ලබා දී ඇති අතර Android වලට පමණක් මේ ලිපිය අදාල වන ලෙස වෙනස් කරන ලදී.