අලුතින් නිකුත් වුණු iPhone XS සහ XS Max ජංගම දුරකථන මිලදීගත් පාරිභෝගිකයින් කිහිපදෙනෙකු හට mobile signal ඇදගැනීමේ අඩු බවක් ගැන පැමිණිලි කිරීමට කටයුතු කර තිබුණු අතර දැන් එම මාදිලි දෙක මිලදීගත් පිරිසටම තම දුරකථන charge කිරීමේදී ද ගැටළුවකට මුහුණපෑමට සිදු වී තිබෙනවා.

ඉහත සඳහන් කළ මාලිදි වල ජංගම දුරකථන sleep mode එකේ තිබියදී charger එකට සම්බන්ධ කළහොත් එය charge නොවන බව අනාවරණය වී ඇති අතර, අදාල ජංගම දුරකථනය unlock කළ විට charge වීම ආරම්භ වෙනවා.

කොහොම වුණත් මේ ප්‍රශ්නය අදාල මාදිලි වල සෑම දුරකථනයකටම එක සේ බල නොපාන අතර ජංගම දුරකථන 9ක් යොදාගෙන Unbox Therapy YouTube channel එක මගින් මේ ප්‍රශ්නය පෙන්වා දීමට කටයුතු කර තිබෙන අතර, Apple සමාගම ද මේ වන විට මේ ආකාරයේ bug එකක් ඇති බව හඳුනාගෙන තිබෙනවා.

බොහෝ දෙනාගේ මතය වන්නේ මෙම Bug එක ඇතිවිමට හේතුව වන්නේ iOS 12 වන බව වන අතර මේ තත්ත්වය පසුගිය අඟහරුවාදා නිකුත් කරනු ලැබූ iOS 12.1 beta version එකට update කල විට සම්පුර්ණයෙන්ම ඉවත් වී යන බව තමයි දැනගන්නට ලැබෙන්නේ.

මේ පිලිබදව වැඩි විස්තර දැන ගැනිමට appleinsider වෙබ් අඩවිය, theverge වෙබ් අඩවිය හා Apple Forum එක භාවිතා කල හැක.