2020 වර්ෂය වන විට Windows 7 සඳහා සහාය දැක්වීම නවත්වා දැමීමට Microsoft සමාගම සූදානම් වන අතර මේ මෙහෙයුම් පද්ධතිය 2009 වර්ෂයේ එළිදැක්වීමට ඔවුන් කටයුතු කළා.

කොහොම නමුත් Spiceworks නමැති ආයතනයක් විසින් මෑතකදී සිදු කරනු ලැබූ සමීක්ෂණයක ප්‍රතිඵල අනුව, 2019 වර්ෂය වන විටත් ලොව පුරා ව්‍යාපාරික ආයතන වලින් 32%ක ප්‍රමාණයක Windows XP මෙහෙයුම් පද්ධතිය භාවිතා වන බව අනාවරණය වී තිබෙනවා.

Windows XP මෙහෙයුම් පද්ධතිය 2001 වර්ෂයේදී එළිදැක්වීමට Microsoft සමාගම කටයුතු කළ අතර 2014 වර්ෂයේ අප්‍රේල් මාසය වන විට එම මෙහෙයුම් පද්ධතියට සහාය දැක්වීම අතහැර දැමීමට ඔවුන් කටයුතු කළ බැවින් මේ වන විට කිසිඳු update එකක් හෝ security patch එකක් හෝ මේ මෙහෙයුම් පද්ධතියට ලබා දෙන්නේ නැහැ.

මේ ව්‍යාපාරික ආයතන වල භාවිතා කරනු ලබන තොරතුරු පද්ධති සහ මෘදුකාංග අලුත් මෙහෙයුම් පද්ධති සමඟින් හොඳින් ක්‍රියාත්මක නොවීම සහ ගැටළු ඇති වීම සහ ඇතැම් devices වලට එම device නිෂ්පාදකයා විසින් ඇතුලත් කළ මෙහෙයුම් පද්ධතියට updates ලබා නොදීම මෙම තත්ත්වයට ප්‍රධානතම හේතුව වශයෙන් ඔවුන් පෙන්වා දෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Softpedia වෙබ් අඩවිය හා Forbes වෙබ් අඩවිය භාවිතා කළ හැක.