තාක්ෂණික උපාංග නිශ්පාදනයේ දැවැන්තයෙකු වන Samsung සමාගම විසින් සිය ප්‍රධාන ටැබ්ලට් පරිගණක මාලාවේ අලුත්ම device එක වන Galaxy Tab S6 එළිදක්වන ලද අතර එහි කලින් මාදිලි වලට වඩා විශේෂ වැඩිදියුණු කිරීම් කිහිපයක් ම අන්තර්ගත වන බව දැකගත හැකි වෙනවා.

නවතම Snapdragon 855 chipset එක මඟින් බලගැන්වෙන 6GB / 128GB හෝ 8GB / 256GB මතක ධාරිතාවයකින් සමන්විත මාදිලි කිහිපයකින් නිකුත්වීමට නියමිත මෙය Micro SD සඳහා ද සහය දක්වනු ලබනවා.

අඟල් 10.5 ක Super AMOLED තිරය ඔබට විශිෂ්ට අත්දැකීමක් ලබාදීමට සූදානමින් සිටින අතර  16:10 aspect ratio එකකින්ද සමන්විතයි. AKG සහ Dolby Atmos ශබ්ද මාධූර්‍යෙන් යුතු Speaker පද්ධතිය ඔබට චිත්‍රපට නැරඹීමේ අත්දැකීම සම්පුර්ණ කරනු ඇති බවට Samsung සමාගම විශ්වාස කරනවා.

පිටුපස 13MP ක ප්‍රධාන කැමරාවක් සහ 5MP දෙවන කැමරාවකින් යුතු, එනම් කැමරා ද්ත්වයකින් සමන්විත මෙහි Selfie සහ වීඩියෝ ඇමතුම් සඳහා 5MP ක ඉදිරිපස කැමරාවකින්ද සමන්විත වෙනවා. වඩා විශේෂතම දේ නම් Samsung සමාගම විසින් වෙන කවරදාටත් වඩා පුළුල් කෝණයකින් යුතු කැමරා පද්ධතියක් මෙම Tab එක සඳහා භාවිතා කර තිබීමයි.

Note 9 දුරකථනයේ අඩංගු වූ S Pen එකේ හැකියාවන්ට ඉතා සමාන වන S Pen එකක් මෙම ටැබ්ලටයට ඇතුලත් අතර එය Remote Control හැකියාවන්ගෙන්ද යුතු වෙනවා. උදාහරණයක් ලෙස S Pen එක භාවිතා කොට ඡායාරූපක් ගැනිම ආදී කටයුතු සිදු කල හැකි වෙනවා. 7040 mAh ධාරිතාවයකින් යුත් බැටරියක් මෙහි අන්තර්ගත වන අතර එය 18w Fast charging ක්‍රමයට සහය දක්වන ලෙස සකස් කර තිබෙනවා.

විශේෂයෙන් සඳහන් කල යුතු දේ නම් මෙහි Optical In display finger print scanner එකක් අඩංගු වීම වන අතර මේ සමඟින් Tab උපාංගයකට මෙම තාක්ෂණය ඇතුලත් වූ ප්‍රථම අවස්ථාව ද මෙය බවට පත් වෙනවා.

Mountain Gray, Cloud Blue and Rose Blush ලෙස වර්ණ තුනකින් එළිදැක්වීමට නියමිත මෙම සුපිරි Tab මාදිලිය ඔබට $649 එනම් ආසන්න වශයෙන් රුපියල් එක්ලක්ෂ පහලොස්දහසක මුදලක සිට මිලදී ගත හැකි හැකි වනු ඇත.

මේ පිළිබඳ වැඩිදුර විස්තර දැනගැනීම සඳහා GSMArena වෙබ් අඩවිය, The Verge වෙබ් අඩවිය හා AndroidAuthority වෙබ් අඩවිය භාවිතා කළ හැක.